(රංජිත් රාජපක්ෂ)
එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ජීවන චරිතය අලලා නිපදවන ලද ඉන්දීය දෙමළ චිත්‍රපටයක් අන්තර්ජාලයෙන් භාගත කර අළෙවි කළ බව කියන පුද්ගලයන් දෙදෙනකු නුවරඑළිය කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
නුවරඑළිය ප්‍රධාන බස් නැවතුම් පොළේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු සහ ඔහුගේ සහායකයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රධාන සැකකරුට අයත් නුවරඑළිය කාර්ගිල්ස් ගොඩනැගිලි සංකීර්ණයේ පිහිටි වෙළෙඳ සළකද මේ ආකාරයටම අදාළ චිත්‍රපටය රුපියල් 50.00 ක මුදලක් ගෙන පෙන් ඩ්‍රයිව්වලට දමා දෙන බවට තොරතුරු හෙළිව ඇත.
සැකකරුවන් දෙදෙනා නුවරඑළිය හාවාඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
මහජන ආරක්ෂාවට හානිවන වීඩියෝ ළඟ තබා ගැනීම යන චෝදනාව යටතේ සැකකරුවන් දෙදෙනා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් අයගේ චරිත රුපියල් 50ක්වත් වටින්නේ නැති එකේ විකුණන්න තියෙන්නේ ඒක විතරයිනේ..!
ප්රභා නම් මැරිලා... ඒත් අපි තාම බයයි.
දැන්නම් හිතෙනවා රට ගොඩගන්න හිටපු එකම මිනිහා ප්රභා කියලා. අවුරුදු 5කට රට දුන්නා නම් හදලා දෙනවා ශුවර්...
මැරිච්ච ප්රභාටත් බයයිනේ... ඒ හින්දා වෙන්නැති අර කෆීර් යානාවලට එහෙමත් අලුතින් කොටස් ගෙන්නන්න හදන්නේ.. ඔහු තමන්ගේ පිරිසට නියම නායකත්වයක් දුන්නා. ඔහු සිංහලයෙක් නොවුණු එක අපේ අවාසනාව...!!!
ඒ චරිතේ නම් 50ක් වටිනවා... ජිනදාස විජේවීරගේ චරිතේ නම් මට තුට්ටුවක් වටින්නේ නැහැ...