(සුජිත් හේවාජුලිගේ )
ඉන්දීය "ඩෙල්ටා" සැර කොරෝනා ප්‍රභේදය ඉදිරියදී මෙරටේ සුලභ වශයෙන් පැතිරයාමේ අවදානමක් මතුව ඇති බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය .
ලෝකයේ බොහෝ රටවල විවිධ කොවිඩ් ප්‍රභේද පැතිරෙමින් පවතින බවද හෙතෙම සඳහන් කළේය.
මුළු ලෝකය පුරාම ඩෙල්ටා ප්‍රභේදය ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්වෙමින් තිබෙන බවත් ශ්‍රී ලංකාවටද එයින් ගැලවීමට හැකියාවක් නැති බවත් ජයසුමන මහතා ප්‍රකාශ කළේය.
දැනට මෙරට භාවිතා කරන අස්ට්‍රාසෙනිකා ,ෆයිසර් ,සයිනොපාම් එන්නත්වලින් ඩෙල්ටා ප්‍රභේදයට හොඳ ආවරණයක් සැලසෙන බව සොයා ගෙන ඇතැයි කී රාජ්‍ය ඇමතිවරයා මේ එන්නත් ලබා ගත් අයට ඩෙල්ටා ප්‍රභේදය වැළඳුනත් ඉන් ඇති වන්නේ අඩු බලපෑමක් බවත් සඳහන් කළේය.
දකුණු ඇමෙරිකාවේ පේරු රාජ්‍ය කේන්ද්‍ර කරගෙන ලැම්ඩා ප්‍රභේදය රටවල් ගණනාවක පැතිරෙමින් තිබෙන බවත් ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තය කේන්ද්‍රකරගෙන එප්ස්සයිලින් නැමැති ප්‍රභේදයක් රටවල් ගණනාවක පැතිරෙමින් තිබෙන බවත් චන්න ජයසුමන මහතා අනාවරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඩෙල්ටා වලට හරියන පැණියක් හදන්න බැරිද දන්නේ නෑ...?
බයවෙන්න එපා... හෙම්බිරිස්සක් එනවා කියලා හිතාගෙන වැඩකරන්න.
ඩෙල්ටා එන එක නවත්වන්න බෑ තමයි. නමුත් එන්නත් ජනතාවට ලබාදෙන තෙක් හැකිතාක් ඩෙල්ටා පමා කරගන්න පුලුවන් නම් ඒක තමයි මේ වෙලාවේ උපරිමෙන් කළ යුත්තේ. සයිනෝෆාම් දෙවැනි මාත්‍රාව සති 4න් නොවේ 3න් දෙන්න....