අත්‍යවශ්‍ය භාණ්ඩ 15කට මාස 6ක ස්ථාවර මිලක් ඉදිරි මාස 6ක කාලය තුළදී අත්‍යවශ්‍ය භාණ්ඩ 15කට ස්ථාවර මිලක් පවත්වාගෙන යාම සඳහා ගිවිසුම් අත්සන් කරන බව වෙළඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීය. 26 January 2021
කටුනායක ගුවන්තොටේ ආරක්ෂක නිලධාරීන් 5 දෙනකුට කොරෝනා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ ආරක්ෂක අංශයේ රාජකාරි නිරතව සිටි නිලධාරීන් 5 දෙනකුට කොරෝනා වෛරසය ආසාදිත වී 26 January 2021
රණාලේ පෞද්ගලික ආයතනයක 64 දෙනකුට කොරෝනා කඩුවෙල රණාල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනය සේවකයින් 64 දෙනෙකු කොවිඩි 19 ආසාදිතයින් ලෙස අද (26) හදුනා ගත් බව කඩුවෙල සෞඛය වෛද්‍ය නිලදාරී වෛද්‍ය චන්දන පත්බේරිය මහතා පවසයි. 26 January 2021
අවන්ති දේවිබාලිකා ළමා නිවාසයේ පාලිකාවට ඇප අනුරාධපුර අවන්තිදේවි බාලිකා ළමා නිවාසයේ රැකවරණය ලබමින් සිටින දැරියන් කෲරත්වයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි එම ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා අද (26) නියෝග කළේය. 26 January 2021
මුලතිව් පාසල් ක්‍රීඩා පිටියක් පිළිසකර කරද්දි කාලතුවක්කු උණ්ඩ මතුවෙයි මුලතිව් මුල්ලියාවලෙයි පොලිස් වසමේ විද්‍යානන්ද විදුහලේ ක්‍රීඩාපිටියේ පොළව යට තිබී කාලතුවක්කු උණ්ඩ 6 ක් තිබී සොයාගත් බවට මුල්ලියාවලෙයි පොලීසිය පවසයි. 26 January 2021
අධිවේගී මාර්ගය පුරා පොල්තෙල් ගලයි පොල් තෙල් ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් අද (26) දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම කොලමැදිරිය ප්‍රදේශයේදී පෙරළීයාමෙන් රියදුරු හා සහායක බරපතළ තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 26 January 2021
කොරෝනා උවදුර අබියස අධ්‍යාපනය අඛණ්ඩව ගෙනයාම බස්නාහිර පළාතේ පාසල්වලින් කොටසක් ලබන මස 15 වැනිදා සිට විවෘත කිරීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. බස්නාහිර පළාතේ හුදකලා කළ ප්‍රදේශවල පිහිටි පාසල් හැර සෙසු පාසල් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ඊයේ විවෘත කෙරිණි. 26 January 2021
ආසාදිත සිසුවියක් පාසල් ඇවිත් 28 ක් නිරෝධායනයට නිකවැරටිය නගරාසන්නයේ පාසලක දහය ශ්‍රේණියේ ඉගෙනුම ලබන කොරෝනා ආසාදිත දැරියක් පාසලට පැමිණීමෙන් එම පංතියේ ළමුන් 12 දෙනෙකු සහ පංතිභාර ගුරුවරිය නිරෝධායනයට ලක් කළ බව නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය . 26 January 2021
ඇතකුගේ පහරදීමෙන් කාන්තාවක් මරුට සිය දියණිය සමඟ යතුරු පැදියකින් තඹුත්තේගම නගරයට එමින් සිටි 49 නව හැවිරිදි කාන්තාවකට මහමග රැදි සිටි ඇතෙකුගේ පහරදීමකින් අද (26) දින උදෑසන පහර දිමෙන් බරපතල තුවාල ලබා මිය ගොස් ඇතැයි තඹුත්තේගම පොලිසිය කියයි. 26 January 2021
‘ආණ්ඩුව අපිව සල්ලිදීලා ගන්න හදනවා‘ දෙමළ ප්රගතිශීලි සන්ධානය දෙකඩ කිරීමටත් එම පක්ෂයේ සාමාජිකයින්ව මිලදී ගැනීමටත් වත්මන් ආණ්ඩුව උත්සහා කරමින් සිටින බව එම සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පැවසීය. 26 January 2021
තණමල්විල ඩිපෝවේ ලංගම බස් රථ ධාවනය නවතී තණමල්විල ඩිපෝවේ සේවයකයන් 6දෙනෙකු කොරෝනා ආසාදිතයන් බව තහවුරුවීම හේතුවෙන්, සෙසු සේවකයන් ද සේවයට වාර්තා නොකිරීමෙන් ඩිපෝවේ කටයුතු සම්පූර්ණයෙන් ඇණිහිටි බව ඩිපෝ කළමනාකාර යු.ඒ. නන්දතිලක මහතා සඳහන් කළේය. 26 January 2021
කුඹුරට ගොස් එමින් සිටි ගොවියාව වලසෙකු සපාකාලා මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දී වලසකු සපා කෑම හේතුවෙන් පුද්ගලයෙකු තුවාල ලබා මුලතිව් රෝහලට ඇතුළත් කර තිබේ. 26 January 2021
වතු කම්කරු වැටුප 1000 කරන්න ජනපති උපදෙස් වතු කම්කරුවන් සඳහා අයවැයෙන් යෝජිත රුපියල් දහසේ දෛනික වැටුප ලබාදීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා සහ වැවිලි ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ට අද (25) සවස පැවැති කැබිනට් රැස්වීමේදී උපදෙස් දී ඇත. 25 January 2021
තවත් කොවිඩ් මරණ 4 ක් කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් සිවුදෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළේය. 25 January 2021
අද කොරෝනා ආසාදිතයන් 737 ක් කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 354 දෙනෙකු අද (25) හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 10.30 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 25 January 2021
පුද්ගලයකු කපාකොටා ඝාතනය කරයි මීටියාගොඩ ඉන්ධන පිරවුම් පොළ අසල අද (25) රාත්රියේදී තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කොට ඇතැයි මීටියාගොඩ පොලීසිය කියයි. 25 January 2021
පාර්ලිමේන්තුවේ පීසීආර් පරීක්ෂණ 1400ක් මන්ත්‍රීවරුන් ඇතුළු 1400කට අධික පිරිසක් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර ඇති බව පාර්ලිමේන්තු වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් තහවුරු කරනු ලැබ තිබේ. 25 January 2021
15 කට කොරෝනා - ගම්පහ දිස්ත්‍රික් ඉඩම් කාර්යාලය වසා දමයි ගම්පහ විජය පාරේ පිහිටි දිස්ත්‍රික් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල කාර්ය මණ්ඩලයෙහි 15 දෙනෙකු, කොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරු වීම මත එම කාර්යාලය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවරගත් බව ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය. 25 January 2021
වසන්ත යාපාගේ ආශ්‍රිතයන් සොයයි මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට කොවිඩ් -19 වයිරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වීමත් සමඟ ඔහුගේ ළගම ආශ්‍රිතයින් පිළිබදව සොයා බැලීමේ මෙහෙයුමක් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර ඇත. 25 January 2021
යෝනකපුර බටහිර-නැගෙනහිර වසම්වල අගුලු අරී දික්වැල්ල ප්‍රදේශයේ යෝනකපුර බටහිර සහ නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් අද(25) සවස 6.00 සිට හුදකලා බවින් නිදහස් කර ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 25 January 2021
දියනෑමට ගොස් අතුරුදන් වූ හිමිනමගේ දේහය සොයාගනී ගාල්ල කොටුව ප්‍රදීපාගාරය අසළ මුහුදේ දියනෑමට ගොස් සිටියදි අද (25) දහවල් දියේ ගසාගෙන ගොස් අතුරුදහන්ව සිටි හෑගොඩ සුමණ සාමණේර හිමියන්ගේ දේහය නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් විසින් සොයාගෙන ගොඩට ගෙන එන ලදී. 25 January 2021
හොර වීසා බලපත්‍රයකින් කැනඩාවට පනින්න යද්දී දැලේ ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සකස් කළ නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කටාර් රාජ්‍යය ඔස්සේ කැනඩාව වෙත පැන යාමට තැත් කළ ලාංකිකයෙකු අද(25) කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. 25 January 2021
’’වෑකඩ දතා’’ හෙරොයින් සමඟ අල්ලයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ සමීපතමයකු බව කියන ’’වෑකඩ දතා’’නැමැත්තා හෙරොයින් මත්කුඩු පැකට් 2000 ක් සමග පානදුර පින්වත්ත ප්‍රදේශයේදී අද (25) අත්අඩංගුවට ගත් බව පානදුර දකුණු පොලිසිය කියයි. 25 January 2021
උදම්රළක් යුරෝසන් නෞකාව අවදානමෙන් මුදවයි දකුණු මුහුදේ කුඩා රාවණ පරයේ හැපී නොගැඹුරු වැල්ලේ සිර වු යුරෝසන් නෞකාව උදම්රළක් සමග යළි එසැවී දැනට වැලි පරයෙන් මිදී මේ වන විට කිලෝමීටර් පහක් පමණ ඈතට ගොස් නැංගුරම් ලා ඇති බව සමුද්‍රීය පරිසර අධිකාරිය කියයි. 25 January 2021
අල්ලස් ගත් පොලිස් සැරයන්ට බරපතල වැඩ ඇති සිරදඬුවමක් සොරකමකට රිමාන්ඩ් බාරයට පත් කර සිටි පුද්ගලයකුට ඇප ලබාදීමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා රුපියල් 20,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ කැබතිගොල්ලෑව පොලිසියේ සැරයන්වරයකුට වසර 3 ක බරපතල වැඩ සහිත සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (25) නියම කළේය. 25 January 2021
රියදුරු බලපත් යෝග්‍යතා සහතිකය ගන්න වේලාවක් වෙන්කරගන්න රියදුරු බලපත්‍රය සඳහා අවශ්‍ය යෝග්‍යතා වෛද්‍ය සහතිකය ලබාගැනීමට 225 දුරකතන අංකය අමතා දිනයක් සහ වේලාවක් වෙන්කරවාගෙන පැමිණෙන ලෙස ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය සවින්ද්‍ර ගමගේ මහතා අද (25 වැනිදා) පැවැසීය. 25 January 2021
පීසිආර් ප්‍රතිඵල එන්න කලින් සිරුර ඥාතීන්ට බාර දීලා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළු කර සුළු මොහොතකින් මියගිය පුද්ගලයකුගේ සිරුරක් පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල වාර්තා ලැබීමට පෙර, මරණ පරීක්ෂණයක් ද නොපවත්වා ඥාතීන්ට භාර දී ඇති බව කරාපිටිය රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 25 January 2021
නාන්න ගිය ගිය සාමනේර හිමි අතුරුදන් ගාල්ල කොටුව ප්‍රදීපාගාරය අසළ මුහුදේ නෑමට ගිය සාමණේර හිමිනමක් අද (25) දහවල් මුහුදේ ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 25 January 2021
සමගි ජනබලවේගයේ සභාපති තනතුර සරත් ෆොන්සේකාට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජනබලවේගයේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද (25) පත්කරනු ලැබීය. 25 January 2021
මල්වර උත්සව - මළගෙදර ගැටුමෙන් 3 ක් රෝහලේ : 18 ක් පොලිසියේ දඹුල්ල. කණ්ඩලම, කැප්පැල ප්‍රදේශයේ අවමගුල් ගෙදරක පිරිසක් සහ මල්වර වූ දියණියකගේ උත්සවයක් පැවැත් වූ නිවසක දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තවත් 18 දෙනකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය පවසයි. 25 January 2021
තමිල්නාඩු - බෙංගාල මැතිවරණ ආරම්භ වෙයි තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණය සහ බටහිර බෙංගාල ප්‍රාන්ත සභා මැතිවරණය අද (23) ආරම්භ විය. තමිල්නාඩුව මෙන්ම බටහිර බෙංගාලය ද ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත දෙකක් වන අතර මේ වනවිට එම ප්‍රාන්තවල බලය ඇ.. 23 April 2026