බත්තරමුල්ලේ සිව්මහල් ගොඩනැගිල්ලක ගින්නක් බත්තරමුල්ල ප්‍රදේශයේ සිව්මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බව තලංගම පොලිසිය පවසයි. 28 January 2021
අද කොරෝනා ආසාදිතයන් 852 ක් කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 501 දෙනෙකු අද (28) හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 10.25 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 28 January 2021
කෝට්ටේ මහනගර සභාවේ ඉංජිනේරු අංශය වහයි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ඉංජිනේරු අංශය වසා දැමීමටත්, සේවා සැපයුම් අංශය වෙනම කාර්යාලයක් විවෘත කර ජනතා සේවය සැලසීමට පියවර ගත් බවත් කෝට්ටේ නගරාධිපති අයි.ඒ. වී ප්‍රේමලාල් මහතා අද (28) පැවසීය. 28 January 2021
ටී-56 මැගසින් 10 ක් කොස්ගොඩින් සොයාගනී කොස්ගොඩ වතුරවෙල අමරසේකර මාවත ප්‍රදේශයේ බෝක්කුවක් යට සගවා තිබූ ටී-56 මැගසින් 10ක් අද (28 ) පස්වරුවේ සොයා ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි. 28 January 2021
මිනුවන්ගොඩ ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ ප්‍රාදේශීය කාර්යාලය වසාදමයි මිනුවන්ගොඩ නගර සභා සීමාවේ පිහිටි ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ ප්‍රාදේශීය කාර්යාලයේ සේවයේ නියුතු දෙදෙනෙකු කොවිඩ්-19 ආසාධිතයන් බවට හඳුනාගැනීමෙන් අනතුරුව එම කාර්යාලය වසා දැමීමට කටයුතු කළ බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (28) පැවසීය. 28 January 2021
පල්ලියමුල්ල ඝාතනයට යොදාගත් ටී-56 ගිනි අවිය සොයාගනී පානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ වෙඩිතැබීමේ සිද්ධියට යොදාගත් ගත් බව කියන ටී-56 ගිනි අවිය පානදුර වඳුරාමුල්ල සුසාන භූමියක සඟවා තිබියදී විශේෂ පොලිස් කණ්ඩායම් සොයාගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 28 January 2021
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත දවස් 10න් ගෙදර යයි කෝවිඩ්-19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා අද (28 )සුවය ලබා බේරුවල සිය නිවස වෙත පැමිණ ඇති බව රාජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීහු පවසති. 28 January 2021
පොළොන්නරුවේ ඇඟලුම් කම්හළකට පෙබරවාරි 1 වැනිදා තෙක් නිවාඩු පොළොන්නරුව, ලංකාපුර ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලකින් කොරෝනා රෝගීන් විශාල වශයෙන් හමුවීම නිසා එම ඇඟළුම් කම්හලේ සියලුම සේවකයින්ට පෙබරවාරි මස 01 වැනිදා තෙක් නිවාඩු ලබාදෙන ලෙස උපදෙස්දී ඇතැයි පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ,විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා අද(28) ප්‍රකාශ කළේය. 28 January 2021
කොවිඩ් පාලනයේදී ලංකාව පළමු 10 අතරට ගෝලීය අර්බුද රැසක් ඇති කළ නව කොරෝනා වයිරසය පාලනය කිරීමේදී ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කළ මුල් රටවල් දහය අතරට පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. 28 January 2021
රාජ්‍ය බැංකුවක කුරුවිට ශාඛාව වසාදමයි රාජ්‍ය බැංකුවක කුරුවිට පිහිටි ශාඛාවක කාර්ය මණ්ඩලයේ 4දෙනෙකුට කෝවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් එම බැංකු ශාඛාව දින 14ට වසාදැමීමට දැනුම්දුන් බව කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් අද(28) පැවසීය. 28 January 2021
ඊළඟ ජනපතිවරණයට විපක්ෂයෙන් පොදු අපේක්ෂකයෙක් ඕනෑ ඊළඟ ජනාධිපතිවරණයට විපක්ෂය වෙනුවෙන් අනිවාර්යෙන්ම ඉදිරිපත් වියයුත්තේ පොදු අපේක්ෂකයෙකු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා අද(28) පැවසීය. 28 January 2021
රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ යළි ජනතාව අතරට ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා කොරෝනා ආසාදිත ආශ්‍රිතයකු වීමෙන් ස්වයං නිරෝධායනයට ලක්ව පී සී ආර් පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව කොවිඩ් ආසාදිතයකු නොවන බවට තහවුරු වී ඇතැයි අමාත්‍යංශය කියයි. 28 January 2021
ගම්පහ කොරෝනා රෝගීහු 200ක් තාම නිවෙස්වල ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිත රෝගීන් 200 කට ආසන්න පිරිසක් ඊයේ (27) පස්වරුව වනවිටත් රෝහල්වලට රැගෙන ගොස් නොතිබූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 28 January 2021
පානදුර ක්රමයේ මිනීමැරුම් තවත් ඇතිවන්න දෙනු එපා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් යතුරු පැදියෙන් පැමිණ පානදුර පල්ලියමුල්ල හන්දියේදී ත්‍රිරෝද රථයකට වෙඩි තබා පුද්ගලයකු මරා දැමීමේ පුවතක් අප පුවත්පත නොබෝදා වාර්තා කළේය. මෙම වෙඩි තැබීම සිදු වූයේ සිය දහස් ගණනින් ජනයා සැරිසරණ පල්ලියමුල්ල මංසන්ධියේදී මහ දවාලේදී බවත් අප පුවත්පත වාර්තා කළේය. 28 January 2021
එන්නත් රැගත් යානය කටුනායකට ඉන්දීය රජය විසින් පරිත්‍යාග කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 5 ක් රැගෙන ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානය අද (28) දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළගා විය . 28 January 2021
කොරෝනා අසාදිත යාචකයෙක් මුතියංගනයේදී සොයාගනී කොවිඩ් අසාදිතයෙක් බවට තහවුරු වූ යාචකයෙක් බදුල්ල මුතියංගන රාජ මහා විහාරස්ථානය ඉදිරියේ පදික වේදිකාවේ සිගමන් යදිමින් සිටියදී මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් විසින් අද (28) උදෑසන සොයාගෙන තිබේ. 28 January 2021
දෙනුවර මැණිකේ දුම්රිය හෙට සිට ධාවනය අත්හිටුවයි උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දෙනුවර මැණිකේ දුම්රිය ධාවනය නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 27 January 2021
පානදුර වෙඩිතැබීමේ සිද්ධියේ ඝාතකයන්ට දින 5ක් නවාතැන් දුන් සැකකරැ දැලේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු පානදුර පල්ලිමුල්ල හංදියේ දී ඉකුත් (25) පෙරවරුවේ ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි ධීවරයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධන්ධ සැකකරුවන්ට නවාතැන් දුන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. 27 January 2021
කොටිකාවත්තෙන් අද කොරෝනා රෝගීන් 62 ක් හමුවේ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුළ අද (27) දිනය තුළ පමණක් කොවිඩ් ආසාදිතයන් 62 දෙදෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. 27 January 2021
කොරෝනා මරණ 290 ට නගී කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් දෙදෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (27) තහවුරු කළේය. 27 January 2021
අද දිනයේදී කොරෝනා අසාදිතයන් 742 ක් කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 431 දෙනෙකු අද (27) හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 10.05 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 27 January 2021
අසන්ත තේරීම් කමිටුවත් අතහරී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අසන්ත ද මෙල් මහතා එම තතුරෙන් ඉල්ලා අස්වී ඇත. 27 January 2021
චමත් පළිහපිටිය කැලිෆෝනියාවේ ආණ්ඩුකාර ධූරයට ඉල්ලන්න යයි ශ්‍රී ලංකාවේ උපත ලැබූ කෝටිපති ආයෝජකයෙකු සහ ව්‍යාපාර ප්‍රාග්ධන සමාගමක් ප්‍රධාන විධායක නිලධාරියෙකු වු චමත් පළිහපිටිය 2022 වසරේදී කැලිෆෝනියා ප්‍රාන්ත ආණ්ඩුකාර ධුරය සඳහා තරග කිරීමට නියමිත යැයි බිස්නස් ඉනසයිඩර් සම බ්ලූම්බර්ග් ප්රවෘත්ති සේවා අද (27) වාර්තා කළේය. 27 January 2021
ආදම්ගේ පාලම ගැන නව ගවේෂණයක් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පිහිටි ආදම්ගේ පාලම (Adam’s Bridge) ආශ්රිත මුහුද යට විද්‍යාත්මක ගවේෂණයක් ආරම්භ කිරීමට ඉන්දීය රජය අවසර ලබාදී ඇතැයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කර ඇත. 27 January 2021
ව්‍යාපෘතිය අවලංගු කළේ කෝටි 236ක් වියදම් කළාට පස්සේ කොළඹ නගරයේ ප්‍රධාන මාර්ගවල රථවාහන තදබදයට විසඳුමක් ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබූ බස්නාහිර කලාපීය සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය අත්හිටුවීමට තීරණය කරනවිටත්, එම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 2364ක මුදලක් වැය කර තිබූ බව රජයේ වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වේ. 27 January 2021
නාකොටික් 5 දෙනාට ඇප දෙනවාට නීතීපති විරුද්ධයි රිමාන්ඞ් බාරයට පත්කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් 05 දෙනාට ඇප නියම කිරීම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් සීමීත විරෝධතා ඉදිරිපත් කොට ඇතත් ඔවුන්ට ඇප නියම කිරීම සම්බන්ධයෙන් නීතීපතිවරයා දැඩිව විරුද්ධ වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරීස් මහතා කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාට අද (27) දැනුම් දුන්නේය. 27 January 2021
චීනයේ සිනෝෆාම් එන්නත් ලක්ෂ තුනක ප්‍රදානයක් ලංකාවට කෝවිඩ් 19 වයිරසය මර්දනය සදහා චීනයේ නිපදවූ සිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ තුනක් පෙබරවාරි මැද භාගයේදී ශ්‍රී ලංකාවට බාර දෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය අද (27) නිවේදනය කළේය. 27 January 2021
සභාපතිට පහරදුන් මන්ත්‍රීවරියත් රෝහලේ කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කමල් රාජපක්ෂ මහතාට පහරදුන් බව කියන එම සභාවේ මන්ත්‍රීවරිය ද අද (27) පස්වරුවේ ප්‍රතිකාර ලබා ගැනීම සදහා මීගහකිවුල දිසා රෝහලට ඇතුලත්ව ඇතැයි කන්දකැටිය පොලීසිය වැඩිදුරටත් සදහන් කරයි. 27 January 2021
මුතුරාජවෙල සංවේදී කළාපයේ සියලු පෞද්ගලික ඉඩම් රජයට මුතුරාජවෙල පරිසර සංවේදී කලාපයෙහි දැනට පෞද්ගලික පාර්ශ්වයකට අයත් බව කියන කොටස රජයට පවරා ගැනීමට සහ එහි කිසිදු පෞද්ගලික ඉදිකිරීමක් සදහා අවසර නොදීමට අද (27) පැවති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තීරණය කෙරිණි. 27 January 2021
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවට නොතීසී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, එම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග ඇතුළු පිරිසකට අභියාචනාධිකරණය අද (27) නොතීසි නිකුත් කළේය. 27 January 2021
තමිල්නාඩු - බෙංගාල මැතිවරණ ආරම්භ වෙයි තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණය සහ බටහිර බෙංගාල ප්‍රාන්ත සභා මැතිවරණය අද (23) ආරම්භ විය. තමිල්නාඩුව මෙන්ම බටහිර බෙංගාලය ද ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත දෙකක් වන අතර මේ වනවිට එම ප්‍රාන්තවල බලය ඇ.. 23 April 2026