(අංජුල මහික වීරරත්න)
ජනගහනයට සරිලන ලෙස ආහාර නිෂ්පාදනය කරන්නේ කෙසේදැයි ලෝක ආහාර සංවිධානය සැලසුම් සැළසුම් හදන විට ලංකාවේ ආණ්ඩුව තිබෙන ආහාර ටිකත් නැතිකර ගැනීමට සැලසුම් හදන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
ආණ්ඩුවේ නොහැකියාව හමුවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක අවශ්‍යතාවය අන් කවරදාටත් වඩා ජනතාවට අවබෝධ වී තිබෙන බව කී අබේවර්ධන මහතා වසර දෙකක් ඇතුළත එජාප ආණ්ඩුවක් ස්ථිර වශයෙන්ම පිහිටුවන බවද සඳහන් කළේය.
වැඩිවෙන ජනගහනයට උවමනා කරන ආහාර හා ආදායම් මාර්ග සොයාගන්නේ කෙසේද කියා සැලසුම් කළ යුතු නමුත් අවාසනාවකට මෙන් ආණ්ඩුවට මේ තත්ත්වය තේරුම් ගැනීමට නොහැකි වී තිබෙන බවද අබෙිවර්ධන මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ. ජා. ප. ආණ්ඩුවක්? හීනෙන්ද? ගිය පාර හම්බ වෙච්ච ඡන්ද ටිකවත් හම්බ වෙන්නේ නැහැ...
කන්න නැතිව මැරෙනවා.. බෝම්බ කාලා මැරෙනවද?
බලය ඇතිවිට මොලේ කලඳක්වත් නැති වැඩකරන අතර බලය නැති කළ මන්ද බුද්ධිකයින්ටත් "කාලතරණය" ගැනද අලුත් අලුත් සොයාගැනීම් මන්දබුද්ධික මනසට එන බව මෙම බල රහිත මන්දබුද්ධිකයා මනාලෙස අප සමාජයට නැවතත් ඔප්පුකර ඇත...
අම්මෝ යහපාලනය කාලේ තිබ්බ ස්වයංපෝෂිතකම...
මෙයාලගේ මොලවල් කුරුවල් වෙලා... ආහාර හිඟයක් ආවාම අපි. ක්‍රෝටන් කොළ කමු.. අමතක නැහැනේ...
අපිට කන්න අවශ්‍ය නෑ. ඇත්තටම ලංකාවේ තියෙන්නේ අධිපෝෂණයක්... දියවැඩියා රෝගීන් වැඩි ඒකයි. තුන් වේලක් කන්න කියලා වෛද්‍ය විද්‍යාවේ නෑ. අද අපිට රටක් තියෙනවා.
මෙයාට කොරෝනා එන්නත වැරැදි තැනකට දීලද කොහේද? ළඟකදී ඉඳන් පිස්සු කියවනවා.
මෙයා ගාල්ල පැත්තේ හිටපු ප්‍රබල ඇමැතිවරයෙක්... ගාල්ලට ගිහින් ඇහුවාම ගාල්ලේ අය කියනවා මෙයාගේ විස්තර. සතේක දෙයක් ගාල්ලට කරලා නැහැ. ගාල්ලට කරන්න තිබුණු මහගාල්ල සංවර්ධන ව්‍යාපෘතිය මෙයා එහෙම පිටින්ම විනාශ කරලා. දකුණේ නොදියුණුම නගරය ගාල්ල බව කොළඹ ඉඳන් කතරගමට යන කොට පේනවා.
මෙයා දිහා බලපුවාම පේනවා ආහාර හිඟයක් තියෙවද? නැද්ද? කියලා...