(යොහාන් භාසුර)
දිනේෂ් චන්දිමාල්ට ජාතික ක්රිකට් කණ්ඩායමේ දොර වසා නැතැයි ජාතික තේරීම් කමිටු සභාපති ප්රමෝද්ය වික්රමසිංහ මහතා පවසයි.
ඉදිරියේදී පැවැත්වෙන අන්තර් පළාත් තරගාවලියට චන්දිමාල් ඇතුළත්ව සිටින බවත් එම තරගාවලියේදී දස්කම් දැක්වුහොත් නැවත කණ්ඩායමට පැමිණිය හැකි බවත් ප්රමෝද්ය වික්රමසිංහ මහතා පවසා කියයි.
දිනේෂ් චන්දිමාල් අද (20) පස්වරුවේ තේරීම් කමිටු නිලධාරීන් සහ ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලධාරීන් සමඟ ශ්රී ලංකා ක්රිකට් ආයතනයේදී සාකච්ඡාවකට සහභාගි විය. මෙම සාකච්ඡාවට ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා, එහි ප්රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහ තේරීම් කමිටු සාමාජික රොමේෂ් කඵවිතාරණ යන මහත්වරු ද සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහලා නෑ. ඒත් චුට්ටයි දොර ඇරලා තියෙන්නේ... අහවල් ආගමේ අහවල් නිකායේ අයට විතරයි ඔය දොර ලොකුවට ඇරලා තියෙන්නේ... එහෙම අය කොච්චර 0 ගැහුවත් ටීම් එකේ. මෙයා එනවා ආණ්ඩුවේ අපුල්ලන්නා වගේ තේරීම් කමිටුව අපුල්ලන්න. අප්පිරියයි ඔයාලා නම් දැන්.
දොර වැහුවේ නෑ .දොර වහනකොට චන්දිමාල් එළියේ හිටියා .එච්චරයි
පසුගිය වසරේ ලංකාවේ පළමු පෙළ වර්තර්වක් තැබූ ක්රීඩකයා ගැන මේ කියන්නේ. හැමදාම චන්දිමාල්ව හලන්න පීඩනයට පත් කරනවා. ඔහුගේ දක්ෂතා ප්රේක් ෂකයෝ ඇති තරම් දැකල තියෙනවා. තේරීම් කමිටු විතරයි දකින්නේ නැත්තේ. අද ක්රීඩාවේ තත්වයට හේතුව පටන් ගන්නේ වසර ගණනකට කලින් චන්දිමාල්ව කපපු වෙලාවේ ඉඳන් . මෙච්චර හොදට කරලත් කාපුවම හැමෝටම ඒ පීඩනය ගියා. ජයසූරියගේ ඉදන් මේ තත්වයට වග කියන්න ඕනේ .
මුල් අමතක කර දමන කෙනෙකුට තර්ක විතර්ක ඕනතරම්. ඒවා වැඩක් නෑ. පේනවා නේද තරඟ පරාජය වෙන විදිහ...? වැඩේ බාලයි.