(තුසිත කුමාර ද සිල්වා)
ගසකින් වැටෙන කොළ සම්බන්ධයෙන් බේරුවල,බණ්ඩාරවත්තේ නිවෙස් දෙකක දෙපිරිසක් අතර කලක පටන් පැවැති ආරවුලක් අතර තුර බිම ඇදඳවැටී බරපතල තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ දෙදරු පියකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඩී .සුනිල් ඩයස් නැමැති 59 හැවිරිදි අයෙකි.
එක් වත්තකින් අනිත් වත්තට වැටෙන පිහිඹියා ගසක කොළ සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් එක් පාර්ශවයක අයකු මියගිය අය තල්ලු කිරීමේ දී යාබද තාප්පයේ වැදී වූ තුවාල හේතුවෙන් බේරුවල රෝහලට ඇතුළත් කර අනතුරුව කළුතර නාගොඩ රෝහලේදී අද අළුයම මියගොස් ඇතැයි පරීක්ෂණ සිදුකරන බේරුවල පොලිසිය කියයි .
මෙම සිද්ධියට සම්බන්ධ මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් සිටින සැකකරු බෝට්ටු මුරකරුවකු බවත් පොලිසිය කියයි . සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇතැයි ද කියයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තම කිව්වොත් සමහර ම්නිස්සු නම් පොඩ්ඩක් වත් හිතන්නේ නෑ වැට මායිමේ, තාප්පය ළඟ තියෙන ගස් අනික් ගෙදර අයට කරදරයක් කියලා... මිදුලේ ඇවිදින ගමන් පොඩ්ඩක් බලන්න තමුන් අනික් මිනිස්සුන්ට කරදරයක්ද කියලා... මේක බලලා වත්...
මෙන්න මේ වගේ මිනිස්සු තවත් කොතරම් ලංකාවේ ඉන්නවාද? එහෙම අය තමා ආණ්ඩුවල වැරදි කියකියා ආණ්ඩු පෙරලන්න යන්නේ... නුසුදුස්සන් පාර්ලිමේන්තු යවන්නේත් මේ වගේ අය...