(ඉන්දිකා රාමනායක)
හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සිටියදී පිලිස්සුම් තුවාල ලබා මියගිය දැරිය පාසල් ගිය බව කියන අවිස්සාවේල්ල පුවක්පිටිය කිරිවන්දල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයාගෙන් සහ උප විදුහල්පතිවරයාගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇතයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නිවසේ සිටි පුද්ගලයකුගෙන් ද ඊයේ ප්‍රකාශ සටහන් කරගෙන කරගෙන ඔහුගේ ජංගම දුරකථනය බොරැල්ල පොලිස් බාරයට ගෙන තිබිණි .
දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා බොරැල්ල පොලිසිය අමතරව කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය ද පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සම්බන්ධව පුවත්පතක පළවූ ලිපියකි. එහි කතා නායිකාව බවට පත්ව සිටින්නී හැටන් ඩයගම බටහිර කොටසේ පදිංචිව සිටි අවුරුදු දහසයකුත් මාස එකොළහක් වයසැති ඉෂාලිනී ජූඩ් කුමාර් නම් අහිංසකාවියකි. පාස්කු ප්‍රහාරයේ සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන්ගේ සුවිසල් නිවසේ ළාබාල මෙහෙකාරියක ලෙස ඉෂාලිනී කොළඹට පැමිණ ඇත්තේ වයස අවුරුදු පහළොවකුත් මාස කිහිපයක් ගෙවෙමින් තිබියදීය. එකී වයස් සීමාව යනු නව යොවුන් වියේ එළිපත්තට පිවිසි දැරියකගේ ජීවිතයේ, නුහුරු හැඟුම් පිරි සිතට අපමණ සොඳුරු බවක් ගෙන දෙන කෙළිලොල් කාලය වන්නේය. එහෙත් එකී කෙළිලොල් සොඳුරු බව වෙනුවට වයස අවුරුදු පහළොවේදී මේ රටේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු මෙන්ම වරින්වර ඇමැතිකම් ගණනාවක්ද දැරූ රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ වැඩකාරකමට පැමිණි ඉෂාලිනීට අද අත්වී තිබෙන ඉරණම කුමක් වී තිබේද? අවුරුදු පහළොවේදී නොඉඳුල් මල් කැකුලක් ලෙස රිෂාඩ් බදියුදීන්ගේ නිවසට පැමිණි ඉෂාලිනී මේ සටහන තබන මොහොත වන විට වයස අවුරුදු 16 කුත් මාස 11 ක තරම් ළාබාල වියේදීම තැලී පොඩිවුණු මුවැත්තියක ලෙස සිය නොඉඳුල් බවද අහිමිව ජීවිතයෙන් සමුගෙන සිටියාය.
ඔක්කොම යට ගහලා රිෂාඩ්ව ආණ්ඩුවට ගනීවිද දන්නෙත් නැහැ. එහෙම ඉතිහාසයක්නේ මෙයාලාට තියෙන්නේ...