(නිමන්ති රණසිංහ)
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කල බාලවයස්කාර දැරියක් පිළිස්සී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, බී. දිගම්බරම්, එම්. උදය කුමාර් සහ වේලුකුමාර් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම පැමිණිල්ල සිදුකර ඇත.
මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනා ලිඛිත පැමිණිල්ලක් භාර දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවැසීය .
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කල දැරිය, බාලවයස්කාර දැරියක් බවත්, ඇය කාලාන්තරයක් තිස්සේ ලිංගික අපයෝජනයට ලක්වී ඇති බවට වෛද්‍ය වාර්තාවලින් හෙළිවී ඇති බැවිනුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකරන ලෙසට මෙම මන්ත්‍රීවරුන් සිය පැමිණිල්ලෙන් ඉල්ලා ඇතැයි ද එම නිලධාරියා සඳහන් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් සිදුකරන ලෙසට බලකරමින් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ සාමාජිකයින් පිරිසක් විසින් ඊයේ 20 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් මහතාගේ කුරුදුවත්තේ පිහිටි නිවස අසල විරෝධතාවක් ද සිදුකරනු ලැබූහ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටි හිටපු ඇමති රිෂාර්ඩ් බදුර්දීන් මහතා හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මේ වනවිට කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරීක්ෂණ කළ යුත්තේ, දඬුවම කළ යුත්තේ මෙවැනි දරුවන් මෙහෙකාර සේවයට යවන්නට සිදුවෙන සමාජ ක්‍රමයටයි. රටක් විදිහට අපිත් ණය ගෙවාගන්න අපේ මව්වරු දූවරු වහල් සේවයට පිටරට පටවන තැනට රට පත්කළ පාලකයින්ටයි.