
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මෙරට විගණන කටයුතු ඉතා හොඳින් පවත්වාගෙන යන බලවත් ආයතන රැසක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වසර හයකින් බදු ගෙවා නොමැති හෙයින් රජයට විශාල බදු මුදලක් අහිමිවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවසීය.
මේ අතර රජයේ ආයතනවල අවභාවිතා හේතුවෙන් රජයට මෙන්ම රටට වාර්ෂිකව ඉතා විශාල මුදලක් අහිමිව යන බවද ඔහු සඳහන් කළේය.
රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව ඉතා සවිස්තරාත්මක එකක් බවත් මෙලෙස රජයට අහිමිවන බදු මුදල් අයකර ගැනීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් එම වාර්තාවෙන් නිර්දේශ ඉදිරිපත් කර තිබෙන බවත් මහාචාර්යවරයා කීවේය.
ගෙවිය යුතු බදු මුදල් සම්බන්ධව තෙවරක් අභියාචනා කිරීමට අවස්ථාව සැලසී තිබීම අවස්ථාවක් කරගෙන බදු ගෙවීම මෙසේ පැහැර හරින බව පෙනී ගොස් ඇතැයිද ඒ මහතා පෙන්වා දුන්නේය.
එකම ආයතනයකට තුන්වරක් අභියාචනා ඉදිරිපත් කිරීමට ඉඩදීම නොවිය යුත්තක් බවද අභියාචනා සඳහා ලබා දෙන අවස්ථා එකකට අඩු කිරීමට නිර්දේශ කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
මෙයට අමතරව රටේ පවතින වැරදි ප්‍රතිපත්ති හේතුවෙන් අහිමි වන මුදල් ප්‍රමාණයද විශාල බව පැවසූ තිස්ස විතාරණ මහතා අලි මිනිස් ගැටුම ඊට හොඳම උදාහරණයක් බවද පැවසීය.
මේ තත්ත්වය සැලකිල්ලට ගෙන ප්‍රතිපත්ති සංශෝධනය සඳහාද ඉතා සවිස්තරාත්මකව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බව ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කයිවාරු ගැහුවාට වැඩක් නෑ. තනතුර දීලා තියන්න. අයකර ගන්න බැරිනම් අස්වෙලා යන්න මට දිලා... මම වැඩ කරන්නම්.
ආදායම් බදු ගෙවීම හැම අවුරුද්දකම සිදුවන හා විය යුතු දෙයක්... ඒත් අවුරුදු 06ක් බදු නොගෙවන කම් ආදායම් බදු දෙපාර්තමේන්තුව බුදියගෙන ඉඳලාද? මේවා උප්පරවැට්ටි... බොරුවට මොකක් හරි බොරු රාවයක් පතුරුවලා ඒ මුදල් පාලකයින්ගේ ගිණුම්වලට ඔබා ගන්නවා.
ලංකාවේ බදු හා නීති, සාමාන්‍ය හා දුප්පත් ජනතාවට පමණක් අදාල වන්නේ අද ඊයෙක නොවේ. දශක දෙකකට පෙර පසුගිය රජයන්හි තාමත් මන්දිර හිමි කෝටිපති ව්‍යාපාරිකයින් පවා බදු නොගෙවා බන්ධනාගාරයෙහි කෙටි කලක් ගතකොට ෂෙප් වුණු වාතාවරණයක් තියෙන්නේ. ඒත් දුප්පත් දරුවන් ඉගෙනීමට ජංගම දුරකථනයක් නොමැතිව සියදිවි නසාගන්නවා...