රෝහලක් හදන්න දඹුලු විහාරයෙන් ඉඩමක් දඹුල්ල නගරයට අංගසම්පූර්ණ නව රෝහලක් ඉදිකිරීම සඳහා ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරස්ථානය සතු අක්කර 5 ක භූමි ප්‍රමාණයක් රජයට බාරදීම සිදු කෙරිණි. 30 January 2021
අද කොරෝනා මරණ 08ක් අද (29) කෝවිඩ් මරණ 08 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය. 29 January 2021
අදත් කොරෝනා ආසාදිතයින් 859 ක් අද (29) පෑළියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් 458 දෙනෙකුටද, බන්ධනාගාර කෝවිඩ් පොකුරෙන් 07 දෙනෙකුටද කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ. 29 January 2021
සරුංගල්, බැලුන්, ඩ්‍රෝන පියාසර කරවීමෙන් වළකින්න නිදහස් සමරුව නිමිත්තෙන් හෙට (30) සිට ගුවන් පෙරහුරු පැවැත්වෙන බැවින් සරුංගල්, බැලුන් හා ඩ්‍රෝන යානා මේ දිනවල පියාසර කරවීමෙන් වළකින්නැයි ලංකා ගුවන් හමුදාව ජනතාවගෙන් ඉල්ලා සිටියි. 29 January 2021
පළමු දිනයේම 5286 කට එන්නත දෙයි ඉන්දියාවෙන් ගෙන ආ කොරෝනා මර්දන එන්නත් කිරීම ආරම්භ කළ පළමු දිනය වන අද (29) 5286 දෙනෙකුට එන්නත් කර තිබේ. 29 January 2021
බටපොළ මන්ත්‍රී අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහය පතයි මීටියාගොඩ ඉන්ධන පිරවුම්හල අසළ දී ඉකුත් (25) වැනි දින ඉෂාන් තරිදු (24) නැමැති තරුණයකු කපා කොටා ඝාතනය කිරීම කිරීමේ සිද්ධිය කුමන්ත්‍රණය කළ බව කියන බටපොල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රි ශක්ති මධුසංක නැමැත්තා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 29 January 2021
කටාර් සිට ආ කුරුල්ලන් 20 නිරෝධායනය නොකර ගෙන ගිය අයකු අල්ලයි කටාර් සිට රැගෙන ආ කුරුල්ලන් 20 දෙදෙනෙකු නිරෝධායනය සදහා යොමු නොකර රැගෙන ගිය බොරැලස්ගමුවේ සමාගමක හිමිකරුවෙක් අද (29) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 29 January 2021
සිසුන්ගේ ආරක්ෂාව සඳහා පාසල් 120ක සුවතා කාමර පිහිටුවන්න යයි කොරෝනා වංසගත තත්ත්වය හමුවේ පාසල් සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් රටපුරා පාසල් 120 ක සුවතා කාමර පිහිටුවීමට ඇමරිකා එක්සත් ජනපදය සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පැවසීය. 29 January 2021
කප්පම් ගත් වේලාසටහන්කරුවන් තිදෙනෙකුගේ වැඩ තහනම් පෞද්ගලික බස්රථ වලින් කප්පම් ගත් බව කියන පිටකොටුව බැස්ටියන් මාවතේ වේලා සටහන්කරුවන් තිදෙනකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටු වීමට පියවර ගත් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ.ඩබ්. ප්‍රසන්න සංජීව මහතා පැවසීය. 29 January 2021
ආසාදිතයෝ 963ක් සුවය ලබති කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 963දෙනෙකු සුව වූ බව තහවුරු කර රෝහල්වලින් පිටව ගොස් ඇති බව අද(29) වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ දෛනික වාර්තාවේ දැක්වේ. 29 January 2021
මිනුවන්ගොඩ පැරණි වෙළෙඳ සංකීර්ණය වහයි මිනුවන්ගොඩ නගරයේ පිහිටි පැරණි වෙළද සංකීර්ණයේ වෙලදසැල් කිහිපයක හිමිකරුවන් සහ සේවික සේවිකාවන් 10 දෙනෙකු කොවිඩි 19 ආසාදිතයන් බවට අනාවරණය වීමෙන් අනතුරුව එම වෙලදසැල් සංකීර්ණයේ සියලු වෙලදසැල් වසා දැමීමට කටයුතු කළ බව මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක අනුර රන්දෙණිය මහතා අද (29) පැවසීය . 29 January 2021
අත්බෝම්බයක් ළඟ ඇතැයි කියා ග්‍රාමීය බැංකුවක් කොල්ල කාලා අම්බලන්ගොඩ මාදම්පේ විවිධ සේවා සමූපකාර සමිතියට අයත් මාදම්පේ ග්‍රාමීය බැංකුව අද (29) මංකොල්ල කා පලා යමින් සිටි ගුවන් හමුදා නිලධාරියෙකු ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 29 January 2021
ඇල්පිටියේ කෘෂිකාර්මික කලාපයක බිම් සැකසීමේ ව්‍යාපෘතියක ටෙන්ඩර් වංචාවක් ඇල්පිටියේ ගොලුවමුල්ල කෘෂිකාර්මික අධි කලාපයක බිම් සැකසීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ටෙන්ඩර් වංචාවක් සිදුවෙමින් පවතින බවට දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිදහස් සේවක සංගමය චෝදනා කරයි. ඔවුන් මේ පිළිබඳ රජයේ විගණක දෙපාර්තමේන්තුවට ද අද (29) ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 29 January 2021
කොට්ටුකච්චිය නවෝද්‍යා පාසලේ විදුහල්පති,ගුරුවරියන් තිදෙනකු ඇතුළු 81 නිරෝධායනයට ආණමඩුව කොට්ටුකච්චිය නවෝද්‍යා විද්‍යාලයේ විදුහල්පතිවරයා, ගුරුවරියන් තිදෙනෙකු ඇතුළු දරුවන් 81 දෙනෙකු සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් මත ස්වයං නිරෝධායනයට යොමු වු බව විදුහල්පති ඒ.එච්.එම් ප්‍රියන්ත සමන්කුමාර මහතා පවසයි. 29 January 2021
විශ්වවිද්‍යාල ආචාර්යවරු 101ක් රජයට කෝටි 29ක පොලු තියලා විශ්වවිද්‍යාල තුනක ආචාර්යවරු 101දෙනෙකු වැඩිදුර අධ්‍යාපනය ලැබීමට විදේශ ගතවී යළි පැමිණි නැති බව අනාවරණය වී ඇත. 29 January 2021
හලාවත-කොළඹ බස් හිමිවරුන්ගේ වර්ජනය අවසන් දින තුනක් කාලයක් තිස්සේ ක්‍රියාත්මකව පැවැති හලාවත කොළඹ මන්දගාමී බස් රථ සේවක වර්ජනය අද ( 29 ) දහවල් හලාවත නගරයේ දි පැවැති විරෝධතාවකින් සහ හලාවත පොලිසිය සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව අවසන් කිරීමට බස් රථ හිමියෝ කටයුතු කළහ. 29 January 2021
නව සහ වැදගත් වාර්තාව සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ අවධානය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ නව සහ වැදගත් වාර්තාව සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ අවධානය යොමු වී ඇතැයි ජීනිවා නුවර එක්සත් ජාතීන්ගේ එක්සත් රාජධානියේ නිත්‍ය නියෝජිත ජුලියන් බ්‍රාත්වෙයිට් සඳහන් කරයි. 29 January 2021
ශ්‍රී ලංකාවේ දෙමළ සංස්කෘතික සංහාරයක් වෙන්න ඉඩ දෙන්නේ නෑ ශ්‍රී ලංකාවේ දෙමළ සංස්කෘතික සංහාරයක් සිදුකිරීමට ඉඩ ලබා නොදෙන බවත් එය වළක්වා ගැනීමට ගත හැකි සෑම උත්සහායක්ම ගන්නා බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා පැවසීය. 29 January 2021
කොළඹ වාරයේ වෘත්තිය සටනට ගාලු වරාය සේවකයෝත් එක්වෙති කොළඹ වාරයේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට දීමට විරෝධය පළ කරමින් කොළඹ වරාය සේවකයින් ගෙන යන වෘත්තිය සටනට සහාය පළ කරමින් ගාල්ල වරායේ වෘත්තිය සමිති එකමුතුව අද (29) උද්ඝෝෂණයක් පැවැත්වීය. 29 January 2021
රංගන ශිල්පී බිමල් ජයකොඩිට කොරෝනා රංගන ශිල්පී බිමල් ජයකොඩි මහතාට කොවිඩ් 19 වයිරසය අසාදනය වී තිබේ. 29 January 2021
රතුපස්වල නඩුව කල් යයි ගම්පහ රතුපස්වල ජනතාව පිරිසිදු පානීය ජලය ඉල්ලා වැලිවේරිය නගරයේ දී කළ උද්ඝෝෂණයට පැමිණි පිරිසකට පහර දී වෙඩිතබා තිදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් යුද හමුදාවේ බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ඇතුළු සාමාජිකයින් 4දෙනාට විරුද්ධව ගම්පහ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර ඇති නඩුව අප්‍රේල් 23වෙනිදාට කල්තැබීමට අද (29)නියම කෙරිණි. 29 January 2021
පවිත්‍රා අයිඩීඑච් රෝහලට කොරෝනා වයිරසය ආසාදනය වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අංගොඩ ජාතික බෝවන රෝග නිවාරණ විද්‍යාතනය (අයිඩීඑච්) වෙත යොමු කර තිබේ. 29 January 2021
නිදහස දා උතුරේ කළු කොඩි දිනයක් ලෙස සමරයි රාජ්‍ය ආයතන යොදා ගනිමින් උතුරු නැගෙනහිර පළාත්වල ඉඩම් ආක්‍රමණය කරන බවට ආණ්ඩුවට චෝදනා කරමින් හා මෙරට දෙමළ ජනතාවට එරෙහිව සිදුවන බව කියන මර්දනයන්ට එරෙහිව එළැඹෙන 4 වැනිදා ජාතික නිදහස් දිනය කළු කොඩි දිනයක් ලෙස සැමරීමට උතුරු නැගෙනහිර පළාත් සිවිල් සංවිධාන තීරණය කර ඇත. 29 January 2021
මුලතිව් පාසලක කොටි කාලතුවක්කු ගබඩාවක් මුලතිව් මුල්ලියාවලෙයි විද්‍යානන්ද පාසල් ක්‍රීඩාංගනයේ යුද සමයේ දී වළදමා තිබූ එල්.ටී.ටී.ඊ. කාලතුවක්කු ගබඩාවක් හමු වී ඇති බව මුල්ලියාවලෙයි පොලීසිය පවසයි. 29 January 2021
බස් රථයක් පෙරැළී 22කට තුවාල කදුරුවෙල සිට කල්මුණේ දක්වා ධාවනය කරමින් තිබු පෞද්ගලික බස් රථයක් අද(29) වාලච්චේන මියන්කුලම ප්‍රදේශයේදි අනතුරට පත්වීමෙන් එහි ගමන් ගත් 22 දෙනෙකු තුවාල ලබා වාලච්චේන සහ මඩකලපුව රෝහල්වලට ඇතුලත් කළ බව වාලච්චේන පොලිසිය පවසයි. 29 January 2021
ඇඟිලි ගැසීම්වලින් තොර පොලිසියක් කවදා එයි ද? වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය ගබඩාවේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු නිදහස් කරන ලෙස තමන්ට දේශපාලනඥයකුගෙන් බලපෑම් එල්ල වුවත් තමන් එම බලපෑම්වලට අවනත නොවුණු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ වැඩ තහනමට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ කළේ යැයි අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 29 January 2021
නිලධාරීන් නඩත්තුවට කෝටි 28 ක් ප්‍රංශ ණය ආධාර යටතේ වසර හතරකට පමණ ඉහතදී ආරම්භ කළ අනුරාධපුර නගර සංවර්ධන ව්‍යාපෘතියේ එකම ගඩොලක් හෝ නොතබා එහි උපදේශකයන්ගේ හා නිලධාරීන්ගේ නඩත්තුවට රුපියල් කෝටි 28ක පමණ මුදලක් වැයකර ඇතැයි උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පෙරේදා (27) ප්‍රකාශ කළේය. 29 January 2021
කොරෝනා මඬින්න එන්නත්කරණය අරඹයි ඉන්දියාවෙන් ප්රදානය කරනු ලැබූ, කොවිෂීල්ඩ් නම් කොරෝනා මර්දන එන්නත කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයට අද(29) එන්නත් කිරීම ඇරඹිණි. 29 January 2021
ගම්පහ නගර සභාවේ යක්කල කාර්යාලය වසා දමයි ගම්පහ මහ නගර සභාවෙහි යක්කල උප කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ අයෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වීම මත එම කාර්යාලය වසා දැමීමට පියවර ගෙන ඇතැයි නාගරික කොමසාරිස් ගයනී රණසිංහ මහත්මිය ප්‍රකාශ කළාය. 29 January 2021
කොවිඩ් මරණ සංඛ්‍යාව 300 ට ලඟා වෙයි කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 7 දෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (28) තහවුරු කළේය. 28 January 2021
තමිල්නාඩු - බෙංගාල මැතිවරණ ආරම්භ වෙයි තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණය සහ බටහිර බෙංගාල ප්‍රාන්ත සභා මැතිවරණය අද (23) ආරම්භ විය. තමිල්නාඩුව මෙන්ම බටහිර බෙංගාලය ද ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත දෙකක් වන අතර මේ වනවිට එම ප්‍රාන්තවල බලය ඇ.. 23 April 2026