බණ්ඩාරවෙල තොග පොළ වසා දමයි කෝවිඩ් රෝගියකු හමුවීම නිසා බණ්ඩාරවෙල තොග පොල අද (29 ) තාවකාලිකව වසා තැබීමට පියවර ගත් බව බණ්ඩාරවල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී එම් ආර් දිසානායක මහතා පැවසීය. 29 October 2020
කතානායකවරයා 20 වැනි සංශෝධනයට අත්සන් තබයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (29) අත්සන් තැබීය. 29 October 2020
බදුගම හැර මතුගම අගුලු අරී කලුතර දිස්ත්‍රික්කයේ මේ වන විට හුදකලා කර ඇති ගම්වලින් මතුගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ බදුගම නව ජනපද ගම්මානය හැර සෙසු සියලු ගම්මාන හුදකලා ගම්මාන ලෙස නම් කිරීමෙන් ඉවත් කර තිබේ. කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව දැනුම් දී ඇත. 29 October 2020
තඹුත්තේගම ආර්ථිකයේ වෙළෙඳසැල් 11 ක් වසා දමයි තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදසැල්11ක් අද (29)දින සිට තාවකාලිකව වසා දැමිමට කටයුතු කළ බව තඹුත්තේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය මිලාන් යහතුගොඩ මහතා පැවසිය. 29 October 2020
ඇහැලියගොඩට සංචරණ සීමා ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශය තුළ අද (29) රාත්‍රි 12 සිට ලබන 02 වනදා එනම් සදුදා උදෑසන පහ දක්වා සංචරණ සීමාවන් පැනවිමට ඇහැලියගොඩ ප්‍රාදේශීය කොරොනා මර්දන කමිටුව තීරණය කළේය . 29 October 2020
අද දිනයේදී කොරෝනා අසාදිතයන් 335 ක් මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (28) පස්වරු 10.35 වන විට වාර්තා වු ආසාදිතයන් 124 දෙනාත් සමග, දිනය තුළ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 335 ක් දක්වා ඉහළ ගියේය. 28 October 2020
පක්ෂ නායකයෝ හෙට රැස්වෙති පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සාකච්ඡා කර ගැනීම සදහා හෙට (29) දහවල් පක්ෂ නායකවරුන්ගේ රැස්වීමක් කැඳවා ඇතැයි විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 28 October 2020
පෝ දා පිංකම්වලට 50 කට වඩා එපා වප් පුර පසළොස්වක පොහෝ දිනය යෙදී ඇති අනිද්දා (30) දිනයේදී බස්නාහිර පළාතෙන් පිට විහාරස්ථානවල ද පවත්වන පිංකම් සඳහා 50 දෙනෙකුට අඩු සංඛ්‍යාවක් පමණක් සහභාගී කරවා ගන්නැයි ඉල්ලීමක් කරන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම මහතා පැවසීය. 28 October 2020
මිනුවන්ගොඩ-පෑලියගොඩ පොකුරට තවත් 211 ක් එක්වෙති මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද(28) මේ වනවිට ආසාදිතයන් 211දෙනෙකු එකතු වී තිබේ. 28 October 2020
’ශක්තිමත් ශ්‍රී ලංකාවක් යනු ඇමරිකාවට උපායමාර්ගික පාර්ශ්වකරුවෙක්’ ශක්තිමත් සහ ස්වෛරී ශ්‍රී ලංකාවක් යනු ලෝක මට්ටමේදී ඇමෙරිකා එක්සත් ජනපදයට බලවත් සහ උපායමාර්ගික පාර්ශවකරුවෙකු යැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා කොළඹදී අද (28) ප්‍රකාශ කළේය. 28 October 2020
කොළඹ මහජන ආධාර හෙට සිට කොළඹ මහනගර සභාවට අයත් මහජන ආධාර දෙපාර්තමේන්තුව දින 12කට පසු හෙට(29) සිට යළිත් ආරම්භ වන බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පැවසුවාය. 28 October 2020
ලක්ෂ 35ක මත්කුඩු පිළියන්දලින් අල්ලයි වැලිකඩ බන්දනාගාරයේ සිර දඬුවම් විඳින රැඳවියෙකු මෙහෙයවන හොරෙයින් මත් කුඩු ජාලයකට සම්බන්ධ සිවුදෙනකු රුපියල් ලක්ෂ 35 මත්කුඩු සමග අද (28) පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි. 28 October 2020
තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිගේ ධුරය අත්හිටුවයි තලවකැලේ ලිදුල නගර සභාවේ වත්මන් සභාපති අසෝක සේපාල මහතාගේ ධුරය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අද(28) දින සිට තාවකාලිකව අත්හිටුවා තිබේ. 28 October 2020
ශ්‍රී ලංකාවේ සංවර්ධනයට නොපැකිළව උදව් කරන්න සූදානම් ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ සහයෝගයෙන් ක්‍රියාකිරීමට සූදානම් යයි අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද (28) පැවසීය. දෙරට අතර දැනටමත් පවත්නා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම තම රටේ අරමුණ බව රාජ්‍ය ලේකම්වරයා කීය. 28 October 2020
ලියාපදිංචි නැති ඖෂධ රජයේ රෝහල්වල භාවිතය වරදක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නැති ආයුර්වේද ඖෂධමය පැණියක් බටහිර වෛද්‍ය ක්‍රමය භාවිතා වන රජයේ රෝහල්වල භාවිතා කිරීම නීතීවිරෝධී කටයුත්තකැයි ළමා රෝග හා අසාත්මිකතා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වන අජිත් අමරසිංහ මහතා පෙන්වා දෙයි. 28 October 2020
ෂරියා විශ්වවිද්‍යාලය කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මඩකළපුව පුනානී ප්‍රදේශයේ පිහිටි ෂරියා විශ්ව විද්‍යාලය කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදෙන කොවිඞ් 19 විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට අද (28) සිට පත්කළ බව පොළොන්නරුව මහ රෝහලේ අධ්යක්ෂ,විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා පවසයි. 28 October 2020
අධිවේගී මාර්ගයේ බස් රථ කොට්ටාවේ සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගී ප්‍රවාහන බස්රථ කොට්ටාවේ සිට ධාවනය වන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(ධාවන) ඒ. එච්. පණ්ඩුක මහතා ලංකාදීපයට පැවසීය. 28 October 2020
අබලි ද්‍රව්‍ය මුතුරාජවෙලට ගෙනයාම තහනම් අබලි ද්‍රව්‍ය රැගත් ටිපර් රථ මුතුරාජවෙල තෙත් බිමට ඇතුළු කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන්නැයි මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට අද (28) පෙරවරුවේ නියෝග කළේය. 28 October 2020
‘නගර සභා රැස්වීමට කවුරු විරුද්ධ වුවත් පවත්වනවා’ කවුරුන් විරුද්ධ වුවත් කොළඹ මහ නගර සභා රැස්වීම හෙට (29) අනිවාර්යෙන්ම පවත්වන බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පැවසුවාය. 28 October 2020
තලවකැලේ වටගොඩ නගරය වසා දමයි තලවකැලේ, වටගොඩ නගරය අද (28) දහවල් සිට වසා දැමීමට පියවර ගෙන තිබේ. 28 October 2020
බස්නාහිර පළාතටම හෙට සිට ඇඳිරිනීතිය හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි නොවැම්බර් 2 වැනිදා උදෑසන 5 තෙක් බස්නාහිර පළාතට නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය . 28 October 2020
පානදුර නගරාධිපතිගේ රියදුරුට කොරෝනා පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතාගේ රියදුරු ට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 28 October 2020
යාපනයේ ගම් දෙකකට සීමා පනවයි පෑලියගොඩ මාළු තොග වෙළඳ සංකීර්ණයට ගිය යාපනයේ මාලු ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට කොවීඩ් 19 වයිරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර් යාලය පවසයි. 28 October 2020
අයියාට පිහියෙන් ඇන මල්ලී වාහනයකට පැන දිවි නසා ගනී:මවත් ඇද යට මිය ගිහින් මල්ලී විසින් තම අයියාට පිහියෙන් ඇන අනතුරුව අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබු ලොරියකට පැන දිවි නසාගෙන ඇති බවත් එම සිදුවීම පිළිබඳව පරීක්ෂණය සිදු කිරීමේදී ඔවුන් දෙදෙනාගේ මවද නිවසේ ඇඳක් යට මිය ගොස් සිටිනු සොයා ගත් බවත් මතුගම පොලිසිය පවසයි. 28 October 2020
තවත් කොරෝනා ආසාදිතයන් 164 ක් හඳුනාගැනේ මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (27) පස්වරු 9.45 වන විට තවත් ආසාදිතයන් 164 දෙනකු වාර්තා වී තිබේ. 27 October 2020
මොරටුව - පානදුර - හෝමාගම මෙතැන් සිට ඇඳිරිනීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි හෝමාගම, මොරටුව, පානදුර උතුර සහ පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. 27 October 2020
කුරුණෑගල නීතීඥවරු අධිකරණ කටයුතුවලින් ඉවත් වෙති රට තුළ උද්ගතව පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කුරුණෑගල ක්‍රියාත්මක සියලු ම අධිකරණ සේවා කටයුතු වලින් හෙට (28) දිනයේ සිට ලබන 01 දින දක්වා ඉවත් වීමට තීරණය කළ බව කුරුණෑගල නීතීඥ සංගමයේ ලේකම් පියුමාල් හේරත් මහතා ප්‍රකාශ කළේය. 27 October 2020
සඳ මත ජලය ඇති බව තහවුරු වෙයි සඳ මත ජලය පවතින බව ප්‍රථම වරට විද්‍යාඥයින් විසින් සනාථ කර තිබේ. ඔවුන් පවසන්නේ සඳෙහි සූර්යයාට මුහුණලා ඇති පැත්තේ ජලය ඇති බවට පැහැදිලි සාක්ෂි තිබෙන බවයි. 27 October 2020
රටම වසාදැමීමේ සූදානමක් නැහැ ‘කොවිඩ්-19’ වයිරසය හේතු කොටගෙන රට වසා දැමීමේ සූදානමක් නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (26) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 27 October 2020
ඇඳිරි නීති පෙදෙස්වලට දින 2ක් වෙළඳසැල් - ඔසුසල් විවෘතයි නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති පොලිස්බල ප්‍රදේශ තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවිසැල් හා ඖෂධහල් සතියට දින 2ක් විවෘතව තැබීමට අවසර ලබා දී ඇතැයි කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 27 October 2020
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026