(සුජිත් හේවාජුලිගේ)
වේගවත් ව්‍යාප්තියක් ඇති ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ තවත් 23 දෙනෙකු දිවයිනේ ප්‍රදේශ 14කින් හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
මේ අනුව මෙරටින් මේදක්වා හමුවී ඇති ඩෙල්ටා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 68ක් දක්වා ඉහළ යනු ඇත.
කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව, කෝට්ටේ, රත්මලාන, අංගොඩ, නවගමුව, ගල්කිස්ස, කැස්බෑව යන ප්‍රදේශවලින්ද ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම මීගමුව ,මහබාගේ කටුනායක සහ බේරුවල යන ප්‍රදේශවලින්ද මෙම රෝගීන් වාර්තාවී ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවැසීය .
මේ අනුව මෙම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා ගැනීමේ පරීක්ෂණ සෞඛ්‍ය අංශ සහ බුද්ධි අංශ විසින් ඊයේම අරඹනු ලැබීය.
මෙයට පෙර ගාල්ල, මාතර, දඹුල්ල, වව්නියාව, මුලතිව්, සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලින්ද ඩෙල්ටා කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ රෝගීන් හඳුනාගනු ලැබ තිබිණ .
ඩෙල්ටා රෝගින් වැඩි දෙනෙකු හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූ සොයා ගැනීමේ ජාන අනුක්‍රමණ පරීක්ෂණවලට අදාළ වාර්තාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාට අද (23) පෙරවරුවේ බාරදෙනු ලැබීය.
මේ තොරතුරු සඳහන් වී ඇත්තේ එම වාර්තාවේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවන්දර මහතාගේ වැක්සින් පර්යේෂණ මතයක් ගැන මේ දිනවල එක්තරා වීඩියෝවක් යූටියුබ් එකේ තියෙනවා. ඒ ගැන තව තව විවිධ අදහස් පලවෙනවා. මේ දිනවල මේ රටේ විදින එක්තරා එන්නතක් විද්දාම වෙනත් රටවලට පැමිණීමට දෙන්නේ නැතිලු. කරුණාකර මේ ගැන සොයාබලා ජනතාවට නිවැරදි සත්‍ය තොරතුරු ලබාදෙන්නේ නම් මැනවි...
විදේශ ගත වෙලා සිටින තමන්ගේ ජාතියම "මිනිස් බෝම්බ" ලෙසින් සලකපු ලෝකයේ එකම අමන ජාතිය. කිසිදාක නොමැරී බහිරවයන් මෙන් මේ මහපොළව බදාගෙන සදාකල් ජීවත්වීමට පෙරුම් පුරපු ජාතියට දැන් ඩෙල්ටාව ඉතාම හොඳින් සලකන බව පේනවා. තමන්ට ගහන වැක්සින් එක ලෝකයේ හොඳම එක ලෙස කයිවාරු ගහන බක පණ්ඩිත විශ්ව විද්‍යාල අචාරිනුත් දැක්කා. තව කයිවාරු කාරයෙක් කියනවා සංඛ්‍යා දත්ත අනුව වැක්සින් එක ගහන ලෝකයේ හොඳම රටවල් පහට ලංකාව පත්වෙලාලු. හැබැයි අපට නම් ඔය පම්පෝරි ඇහෙද්දී අර කොහෙන්ද මන්දා හිනායනවා.