(සුජිත් හේවාජුලිගේ)
එන්නත්කරණය කඩිනමින් අවසන් කළ යුතු හෙයින් වහා ළඟම ඇති එන්නත්කරණ මධ්‍යස්ථානය වෙත ගොස් කොරෝනා මර්දන එන්නත ලබාගන්නැයි සියලු ජනතාවගෙන් තමා විශේෂ ඉල්ලීමක් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.
කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත්කරණ කටයුතු මේ මාසය අවසන්වීමට පෙර නිමා කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ යුද හමුදාපතිවරයා කොරොනා මැඩලීමට රටට තියෙන එකම පිළියම මෙය බවද ප්‍රකාශ කළේය .
පිට පළාත්වල එන්නත්කරණ කටයුතුද වේගවත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
සමහර ස්ථානවල එන්නත්කරණයට වැඩි උද්යෝගයක් නැති තත්ත්වයක් පෙනෙන්නට තිබුණු බවත් පුත්තලම දිස්ත්‍රික්කය ඒ අතර කැපී පෙනුණු බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය .
කොළඹ විහාර මහා දේවී උද්‍යානය, දියත උයන වැනි ස්ථානවලදී එන්නත ලබාගත හැකි හෙයින් ඒ ස්ථානවලට හැකි ඉක්මනින් පැමිණ එන්නත ලබා ගන්නැයි ඉල්ලා සිටින බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තුතියි මැතිතුමා, මූලික රෝහල් හෝ එම් ඕ එච් කාර්යාලය හරහාත් දෙන්න පුලුවන් නම් යම්යම් හේතු මත නොහැකිවූ අයටත් පහසුවක් කියලා හිතෙනවා..
ගොඩක් අයට තවම දීලා තියෙන්නේ එක මත්‍රාවක් විතරයි. විශේෂයෙන්ම ස්පුට්නික් එන්නතේ දෙවෙනි මාත්‍රාව තවම ඇනවුම් කරලත් නෑ. නොමිලේ ලැබුණු මොඩර්නා එන්නත මේ දිනවල ලබාදෙන්නේ දෙවෙනි මාත්‍රාවට අවශ්‍ය ප්‍රමාණය තියාගෙනද කියලා පැහැදිලි නෑ...
බොහොම හොඳයි. ඒත් තාම රුවන්වැල්ලේ, බෝපැත්ත, ඇරප්පමුල්ල, කඩදොර, එහෙම එන්නත් කරණය කරලා නැහැ.. වයස 60ට වැඩි අයටත්.., හැබැයි කොරෝනා තියෙනවා. ඉක්මනින් සලකා බැලුවොත් හොඳයි...