(යොහාන් භාසුර)
රජයේ සහතික මිලට වඩා වැඩි මිලට සහල් අළෙවි කරන වෙළෙඳසැල් හිමියන් පනවන රුපියල් 2500 ක දඩය රුපියල් 100,000 දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
දඩ මුදල වැඩි කිරීමට පාරිභෝගික සේවා අධිකාරී පනතේ වගන්තිය කඩිනමින් සංශෝධනය කරන බවත් එම සංශෝධන ඉදිරි සති දෙක ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකමුන්ගේ විහිළු බරපතල කියමන් විදිහට සලකන්න එපා.
තෙල් මිල අඩුයි, බදු බර අඩුයි.ඒ නිසා ප්‍රවාහන ගාස්තුව බොහෝ අඩුයි.හාල් මොල් කාරයන්ගේ ඉහළම අය රජයේ පැත්තේ අයගේ නෑයන්.ඒ අය වැඩි ගාණක් තියාගන්නේ නැතිව බොහෝ අඩු මිලට හාල් වෙළඳ පොළට දානවා.ඒ දේවල් එසේ නම්, ඇයි මේ වෙළෙන්දන්ට ඇමැතිතුමා කියන මිලට හාල් දෙන්නට බැරි. අම්මපා ... මේ වෙළෙන්දන්ට දඩ ගහන්නමයි තියෙන්නේ.
අනේ හැබෑට නොවෙන දේවල් නොකියා ඉන්නම බැරිද
හාල් පොල්ල ළඟ එනවා
අපේ සර්ගේ නම රන් අකුරින් ඉතිහාසයේ ලියැවෙනවා. මොකද බුදුන් පිරිනිවන් පෑවට පස්සේ හාල් මිල රුපියල් 210-220 දක්වා ගියේ අපේ සර් ඇමැති කරපු කාලේ කියලා...
ඔය පුරසාරම්වලින් ජනතාවගේ බඩ වියත පිරෙන්නේ නැහැනේ...
මේ බූරැවා පාරිභෝගික අධිකාරියේ ලොක්කා එක්ක ඩඩ්ලි ගාවට ගිහින් බලු කුක්කො වගේ ඉදලා ඇවිත් නිකං බොරුවට මාධ්‍ය ප්‍රකාශක කරලා වීරයෝ වෙන්න හදනවා. නිපුන අරලිය නව් රත්න හංසන මේනක හිරු ගැමිරස ඔන්න ඔය හාල් මෝල් වලින් දෙන බිල් මම දෙන්නම් කොන්ද පණ තියෙනවානම් බයිලා නොගහා උන්ට විරැද්ධව නඩු දාන්න. උන් හරි මිලට හාල් දෙනවානම් අඩුවට විකුණන්න පුළුවන්. ඔය මම සදහන් කරපු හාල් මෝල් වලින් එවන හාල් ගෝනිවල රජයේ පාලන මිල හරියට ගහලා තියෙනවා. නමුත් එයාලා බිලේ සදහන් කරලා තියෙන්නේ පාලන මිලට වඩා රුපියලක් අඩුවෙන්. printed බිලත් එක්ක අතින් ලියපු බිලක් වෙනම එවනවා. උදාහරණ:- නාඩු සහල් පාලන මිල රුපියල් 96/= ගෝනියෙත් ඒ ගානම සදහන් කරලා තියෙනවා. පරිගණක ගත බිලේ 95/= ගානේ ගනන් හදලා තියෙනවා වෙනම කොලේක අතින් ගන්න නාඩු කිලෝ ගානට රුපියල් 22/= ගානේ ගනන් හදලා ප්‍රවාහන කුලිය කියලා එවනවා. අපි සල්ලි දෙනකොට පරිගණක ගත බිලේ මුදල් වෙනම අතින් ලියන එකේ මුදල් වෙනම දෙන්න ඕන කොහොම නමුත් අන්තිමට නාඩු කිලෝ එකක් රුපියල් 115/=ට තමයි අන්තිමට කඩ වලට ලැබෙන්නේ.
මම මේ පිලිබදව පාරිභෝගික අධිකාරියට සිය පාරකට වැඩිය පැමිණිලි කරා. බැරිම තැන ජනාධිපති කාර්යාලය මහජන පැමිණිලි ඒකකයටත් ඒ වගේම වාර ගනනක් පැමිණිලි කරා. අන්තිමට පාරිභෝගික අධිකාරිය මගේ දුරකථනයට ප්‍රතිචාර දක්වන්නේ නැතුව හිටිය. මම ආපහු ජනාධිපති කාර්යාලයට පැමිණිලි කරාම පාරිභෝගික අධිකාරියේ සභාපති වරයගේ ජංගම දුරකථන අංකය දුන්නා කථා කරන්න කියල. මම ඔහුට කථා කරාම ඔහු කරේ මගේ පැමිණිල්ල ගන්නවා වෙනුවට මුලින්ම ඔහුගේ දුරකථන අංකය දුන්නේ කව්ද කොහෙන්ද කියල මගෙන් ප්‍රශ්න කරපු එක. ඊට පස්සේ මගෙ පැමිණිල්ල ඇහුවා. මම කිව්ව මගේ බිල් දෙන්න මම සූදානම් ඕන උනොත් කියන්නම් කියල තිබ්බා තිබ්බාමයි දවස් කීපයකට පස්සේ දැක්ක මාධ්‍ය හමුවක් තියලා හාල් මෝල් හිමියන්ට විරැද්ධව සිංහයා වගේ ගොරවනවා. ඊටත් ටික දවසකට පස්සේ දැක්ක ඩඩ්ලි සිරිසේන ගාව බන්දුල ගුණවර්ධන සහ පාරිභෝගික අධිකාරිය සභාපති බලු කුක්කෝ වගේ ඉන්නවා. ඕක තමයි ඇත්ත මුන් සේරට ඩබල් ගේම් කාරයෝ. මුන්ට ජන්දය දුන්න අපි බූරැවො
මේ අනිත් පුස් වෙඩිල්ල...!!!
මේ යෝධයා කියන ඒවා බල්ලොවත් ගනන් ගන්නෙ නැහැ. ඒ තරමට අප්පිරි යයි
වැඩි මිලට කියන්නේ කීයෙන් ඉහලද ?මේ සැරේ මිල නියම කරන්නේ ආණ්ඩුවෙන් නම් .ඒකත් මුදලාලිට ඕන විදිහට කෙරෙයි නේ .බොරු සෝබන දාන්න එපා මහත්තයෝ
පුස්වෙඩි රජානෝ.