
(ඩයනා උදයංගනී)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුය යන මතවාදයට එකඟ නොවන බවත් එය සංශෝධනය කිරීම සුදුසු බවත් මානව හිමිකම් කඩවීම් සිදුව ඇත්දැයි සොයාබැලීම සඳහා පත්කෙරුණු ‘මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිසම් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම’ ජනාධිපතිවරයාට භාරදුන් සිය අතුරු වාර්තාවේ සඳහන් කර ඇත.
එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වඩා ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයකින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනා තුනක් ද කොමිසම අතුරු වාර්තාව මගින් ඉදිරිපත් කර තිබේ.
මෙම කොමිසමේ අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීම එහි සාමාජිකයන් අතින් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (20) පස්වරුවේ සිදුකෙරිණි.
මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ සමාන බරපතළ වැරදි පිළිබඳ චෝදනා විමර්ශනය පිණිස පත්කළ කොමිසන් සභා හෝ කමිටු මගින් අනාවරණය කරගත් තොරතුරු විමර්ශනය, පරීක්ෂණය සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම කොමිසම පත්කරනු ලැබිණි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ඒ.එච්.එම්.ඩී. නවාස් මහතාගේ සභාපතීත්වයෙන් යුත් කොමිසමේ සෙසු සාමාජිකයන් වන්නේ විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු, විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි සහ යාපනය නගර සභා සාමාජික යෝගේෂ්වරී පත්කුණරාජා යන මහත්ම මහත්මීන්ය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුය යන මතවාදයට එකඟ නොවන කොමිසම් සභාව,මහා බි්‍රතාන්‍ය ඇතුළු සෙසු රටවල ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා හඳුන්වා දී ඇති නීති අධ්‍යයනය කර පනත සංශෝධනය කළ යුතු බව මෙම අතුරු වාර්තාව මගින් පෙන්වා දී ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 9,11 සහ 13 වගන්ති කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති කොමිසම, වඩා ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයකින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනා තුනක් ද ඉදිරිපත් කර තිබේ.
එහි 9 වන වගන්තිය මගින් රැඳවුම් නියෝග ක්‍රියාත්මක කිරීමේ දී අවම මාස තුනක් හෝ ඊට වැඩි කාලයක් රඳවා තබාගන්නා පුද්ගලයන්ට අධි චෝදනා ගොනුකර නඩු අසා නිම කිරීමත්, 11 වන වගන්තිය යටතේ වූ රැඳවුම්කරුවන් බන්ධනාගාරය තුළ රඳවා තබා ගැනීම වෙනුවට විශේෂ ආරක්ෂාවක් යටතේ සිය නිවසේ හෝ ගම් ප්‍රදේශය තුළ රඳවා තබා ගැනීමට ඇති හැකියාවත් පෙන්වා දී තිබේ
13 වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට උපදෙස්දීමට අවම වශයෙන් තිදෙනෙකුගෙන් සමන්විත, සියලු ජාතීන් නියෝජනය කෙරෙන උපදේශන සභාවක් පත් කිරීමේ වැදගත්කම ද කොමිසම අතුරු වාර්තාව මගින් සඳහන් කර ඇත. කොමිසමේ අවසන් වාර්තාව ඉදිරි මාස 6 තුළ ලබාදිය යුතුව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමිසමට දමා ඇති උන් ද බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝනය කරන ලද උන් වන විට තවත කුමක් බලාපොරොත්තු වන්නද? ජාත්‍යන්තරයෙන් ලැබෙන පරිප්පු වාසනාවන්.