(යොහාන් භාසුර)
ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල වැඩිවුවත් මෙරට ගෑස් මිල වැඩි නොකරන්නේ යැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ලෝක වෙළෙඳපොලේ මිල වැඩිවීමට සාපේක්ෂව මෙරට ගෑස් මිල ඉහළ දැමීමට ගෑස් සමාගම් කළ ඉල්ලීම් සහ ලිට්රෝ ගෑස් සමාගම බරෙන් අඩු ගෑස් සිලින්ඩරයක් වෙළෙඳපොලට නිකුත් කිරීමෙන් පාරිභෝගිකයන් සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කළ බවත් ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල වැඩිවීමට සාපේක්‍ෂව අනිවාර්යෙන් ගෑස් මිල වැඩි කිරීමක් කළ යුතු වුවත් ජනතාව මත පීඩනය විතැන් කිරීමට රජය කටයුතු නොකරන බවත් අමාත්‍යවරයා කීය.
පාරිභෝගික අධිකාරී පනතේ විධිවිධාන අනුව ලීටර් 18 ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල රුපියල් 1150 ක් ද, වෙළෙඳපොලට අළුතින් හඳුන්වා දුන් එල්.පී. ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ බර කිලෝග්‍රෑම්වලින් නිශ්චිතව දැක්විය යුතු බවත් කී අමාත්‍යවරයා ඒ සඳහා ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කරමින් සිටින බවත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්නයට පිළිතුර ඕක නෙවෙයි. ගෑස් සමාගම් කිලෝ වෙනුවට ලීටර් හඳුන්වා දීමෙන් රජය ගොනාට ඇන්දවීම වහන්න වෙන කතා කියන්න එපා.
ලිට්රෝ ගෑස් ආණ්ඩුවේ. පාරිභෝගික ආරක්ෂක අධිකාරියට යන්න ඕනෑ නෑ. අැයි ආණ්ඩුවට ඕක කරන්න බැරි? තවම ඔය කියන මිලට බදු නෑ. ටියුෂන් මාස්ටර් කෙනෙක් නිසා හරව හරවා කතා කරන්න පුළුවන්...
ඔයා කියන එක ඇත්තම තමයි... මේ බන්දුල කිව්වොත් කියන්නෙම පට්ටම කෙබර තමයි. රටට අප්‍රසන්නම දේශපාලකයෙක් මෙයා. මිනිස්සුන්ට මේ පාන් කියාගන්න බැරුව ඉන්නේ... නිකමට රටේ සහල් මිල බලන්න. මේ ගොල්ලෝ ආණ්ඩු හදනකොට සහල් මිල වගේ දෙගුණයක් ගෙවලා අද සහල් අපි මිලට ගන්නේ... දැන් හැම කන බොන දෙයකම මිල පහුගිය ආණ්ඩුවට වඩා දෙගුණයකින් මිල වැඩියි. මිනිස්සු කනවා නෙමෙයි... ලෙවකනවා. මෙයා මෙතන එනවා මේ ජනතාව තවත් ගොනාට අන්දන්න. ලබන ඡන්දෙදී මිනිස්සු හේදිලා යන්න දෙයි.
මෙයාලා දෙන සහතික බල්ලන්ට දාන්න හොඳයි...
සහතික ගැසට් වලට අපරාදේ වියදම් කරන්න එපා. එ්වා පුස් කනවා.
මිනිස්සු මෙයාව විශ්වාස කරන්නේ නැහැ