(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පිළිගත් දේශපාලන පක්ෂ 21 කින් යෝජනා ලැබී ඇතැයි එම කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීතිඥ කුෂාණි රෝහණදීර මහත්මිය පැවැසුවාය .
මෙයට අමතරව මහජනතාව සහ සිවිල් සංවිධාන වෙතින්ද යෝජනා හා අදහස් 155ක් ඉදිරිපත්ව ඇති බව ඇය සඳහන් කළාය .
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ලබාදී තිබූ කාලය පසුගිය ජූලි 15 වැනිදායින් අවසන් විය.
ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, එක්සත් ජාතික නිදහස් පෙරමුණ, මව්බිම ජනතා පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (උඩු නුවර ශාඛාව) ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලිබරල් පක්ෂය, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජනතා පෙරමුණ, සමස්ත ලංකා දමිල සභාව, එක්සත් සාම පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස් පක්ෂය, ලංකා කම්කරු කොංග්‍රසය, දමිල සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, සමාජවාදී සංධානය, සිංහලදීප ජාතික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, සමත්තුව කච්චි සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන දේශපාලන පක්ෂ එම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට යෝජනා ඉදිරිපත් කර ඇත.
ඉදිරිපත්ව ඇති සියලු යෝජනා ඉදිරියේදී පැවැත්වෙන එම විශේෂ කාරක සභා රැස්වීම්වලදී අවධානයට යොමු කිරීමට නියමිතය.
මේ අතර විශේෂ කාරක සභාව හමුවේ ඉකුත් 14 වෙනිදා පෙනී සිටි මෙරට ප්‍රමුඛතම මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක්වන පැෆරල් සංවිධානයේ නියෝජිතයෝ එම සංවිධානයේ යෝජනා
කමිටුවට ඉදිරිපත් කළහ .
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තුවේදී ලබන 28 වැනිදා යළි රැස්වීමට නියමිතය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂවලින් කොහොමත් තමන්ගේ ගොඩ වැඩිකරගන්න මිසක් රට හැදෙන්න යෝජනා දෙන්නේ නෑ. ජනතාවගෙන් අදහස් ගන්න.. ජයවේවා..!!!