(නිමන්ති රණසිංහ)
දණහිසේ ආබාධයක් හේතුවෙන් රෝහල් ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රතිකාරවලින් පසු අගුනකොලපැලැස්ස බන්ධනාගාරයට රැගෙන ගිය බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.
රන්ජන් රාමනායක මහතාට දණහිසේ ඇති වූ හදිසි රෝගාබාධයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියේය.
මේ වන විට ඔහුගේ රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව අතට හැරී ඇති බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය . ඒ අනුව ඔහු නැවතත් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන ගිය බව ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද අපරාධය කළේ? දුමින්දද? රන්ජන්ද?
69 අදහස නම් රංජන්ව එල්ලා මැරීමටයි... දුමින්දට ජනාධිපතිකම දීමටයි..
රන්ජන් හිරේ ගියේ මිනී මරලාද, කුඩු විකුණලාද? එක රටක නීතිය දෙවිධියක්...
දමනා නොහැක සැමගේ ඇස වැලි අහුරු නොමනාකම් කළොත් කිතු ගොස වේ සිදුරු හමනා සුළඟ ලැව් ගින්නට වේ මිතුරු නිවනා ගෙයි පහන එයමය පස මිතුරු.
දණිස්ස බිම වැදී තිබුණාම දණහිස් අමාරුව හැදෙනවා.