(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විරුද්ධව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කරන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය .
විශ්වාසභංග යෝජනාවේදී ගම්මන්පිල ඇමතිවරයාට විශ්වාසය පළ කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය බවත් ඒ සඳහා සියලු කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.
ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංගයේදී විපක්ෂයට වාසිදායක වන ආකාරයේ කිසිදු තීන්දුවක් නොගන්නා බවද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
ඉන්ධන මිල වැඩි කිරීම උදේ ගම්මන්පිල මහතා ගත් තනි තීන්දුවක් නොවන බවත් එම තීන්දුව ගත්තේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සහභාගිවූ අමාත්‍ය මණ්ඩලය බවත් පරිසර ඇමැතිවරයා කීවේය.
ඒ තත්ත්වය යටතේ ඉන්ධන මිල වැඩි කිරීමේ වගකීම උදය ගම්මන්පිල මහතාට තනිවම භාර දිය යුතු නැතැයි පැවසූ හෙතෙම එම වගකීම මුළු කැබිනට් මණ්ඩලයම බාර ගත යුතු බවත් ප්‍රකාශ කළේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැබිනට් එකම නම් වගකියන්න ඕනෑ. තවදුරටත් ඔය පොහොට්ටුවේ එල්ලිලා ඉන්නේ නැතුව අස්වෙලා එන්නකෝ..! එළියට.. ජනතාව එක්ක එකතු වෙලා වැඩ කරන්න.
මේ අය ඔක්කොම එකයි.
ඒ කියන්නේ තෙල් මිල වැඩි කළාට මෙයාලා කැමැතියි. මේ අය මාර මිනිස්සුනේ.. කවුද මෙයාලාට ඡන්දෙ දුන්නේ? ... මිල වැඩි කළාට කමක් නැහැ කියලා.
තමන් යටතේ තියෙන අමාත්‍යාංශයක් පාලනය කරගන්න බෑ කියන්නෙම අසමත් කියන එක.. ඕකට විශ්වාස භංග ඕනේ නෑ. හිතට, අදහන ආගමට ගරුකරලා ඉල්ලා අස්වෙන්න ඕනේ.. ජයවේවා..!!!
හොරුත් එක්ක හෙළුවෙන් කියන නාට්‍යය ප්‍රතිනිර්මාණය කිරීම.
ගෙදර ප්‍රශ්න තිබෙන්න පුළුවන්... පිට උන්දැලාට ඒවායින් ප්‍රයෝජන ගන්න ඉඩ දෙන්න එපා. අල්ලලා හම ගහන්න....