(යොහාන් භාසුර)
ආණ්ඩුවට තෙල් මිලදී ගැනීමට මුදල් නොමැතිවීම නිසා ඉදිරියේ ඉන්ධන හිඟයක් ඇතිවන බවට බොරු ප්‍රචාරයක් ක්‍රියාත්මක වන්නේ යැයි බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.
තෙල් බෑමට පැමිණි නැවකට ගෙවීමට විදේශ මුදල් නොමැතිවීමෙන් එය හරවා යවා ඇති බවට බොරු ප්‍රචාරයක් ගෙන යන බවත් එහි දෙවැනි බොරුව මේ දිනවල ප්‍රචාරය වෙමින් තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.
නුදුරු දිනක තෙල් හිඟයක් ඇතිවීමෙන් සලාක ක්‍රමයකට තෙල් ලබාදීමට සැළසුම් කරමින් සිටින බැවින් වාහනවලට තෙල් පුරවා ගන්නා ලෙස බොරු ප්‍රචාරයක් ක්‍රියාත්මක වන බව කී අමාත්‍යවරයා බැරල් සහ කෑන්වලට හැකි උපරිමයෙන් තෙල් ගබඩාකර ගන්නා ලෙස ප්‍රචාරයක් සමාජ මාධ්‍යජාලාවල සංසරණය වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම, තෙල් සංස්ථාව සහ අයි.ඕ.සී. යන ආයතන තුනේම දින 27 කට ප්‍රමාණවත් පෙට්‍රල් ද, දින 24 කට ප්‍රමාණවත් ඩීසල් ද ඇති බවත් රට සතුව තෙල් තිබියදී මෙවැනි කටකතා පතුරන්නේ ජනතාව සහ ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමේ චේතනාවෙන් යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දින 27 කට පස්සේ සුළුදිය වලින් තමයි දුවන්න වෙන්නේ...
කියන විදියට ඕක ඇත්තක් වෙන්න ඕනෑ..
එහෙනම් අනිවාර්යයෙන්ම තෙල් ප්‍රශ්නයක් ළඟ එනවා.
වැඩකට ඇති තර්කානුකූල දෙයක් ගැන කතා කරන්න. මේ තෙල් මිල ඉහළ ගිය කාලයේ, තෙල් හිඟයක් ගැන හිතන්න තරම් මිනිසුන් මෝඩ නැහැ. මේවා මේ ඉහළ ගිය තෙල් මිල ගැන මහජන අවධානය වෙනතක යොමුකරන අදහසින් කෙරෙනා බාල බොළඳ උත්සාහයන් කියලා තමයි හිතාගන්නට වෙන්නේ...
සමගි බලවේගය, ජෙප්පන් සහ අනෙකුත් පක්ෂ රට බොරු පතුරුවලා... කටවල් ඇරියොත් ඉවරයි. පුදුම අපතයින් ටිකක්...
කිසිම තෙල් හිඟයක් නෑ. ත්‍රිකුණාමලයේ ටැංකි ෆුල් ස්ටොක්... ජයවේවා..!!!
සක්මන් කරන මග නිවැරැදි දැනීම... ඇතිනම් පහන් සංවේගය ලැබීම... විපරම් කළොත් එය වේ දුර දැකීම... ඉක්මන් පැහැදීම, හෙට කළකිරීම ...
රටේ පවතින වත්මන් ඉන්ධන සංචිත ප්‍රමාණවත් දින 27කට පමණක් නම් රටේ ඉන්ධන සැපයුම් අර්බුධයක් පවතිනවා. තර්ක කිරීම පසෙක ලා විෂයභාර අමාත්‍යවරයා කළ යුත්තේ ඊට පිළියමක් සෙවීමයි.