
(යොහාන් භාසුර)
තරුණ ප්‍රජාව ව්‍යාපාරවලට යොමු කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට වසරකදී තරුණ ව්‍යවසායකයන් 50,000 ක් බිහිකිරීමේ ‘හෝප් ෆෝ ශ්‍රී ලංකා’ වැඩසටහන මහරගම ජාතික තරුණ සේවා සභාවේදී පසුගියදා ආරම්භ විය.
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ කළ ‘හෝප් ෆෝ ශ්‍රී ලංකා’ වැඩසටහනෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බිහිකිරීමට නවකයන් දිස්ත්‍රික් මට්ටමින් තෝරාගැනීමට නියමිතය.
උසස් අධ්‍යාපන මට්ටමක් හෝ වෘත්තීය නිපුණතා සහතිකයක් හිමි වයස අවුරුදු 18 ත් 45 ත් අතර ව්‍යවසාය පිළිබඳව පැහැදිලි ඉලක්කයක් සහිත තරුණ තරුණියන්ට මේ සදහා ඉදිරිපත් විය හැක.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක කරන්න ඕනේ පාසලේ 05 පන්තියේ ඉඳලා.., ළමයි තමන් දක්ෂ දේට වෙන්කරලා ඉගැන්නුවා නම් අද ලංකාව ගොඩ... ජයවේවා..!!!