විදේශීය ගව විශේෂ ආනයනයට මම ලෑස්ති නෑ
විදේශීය ගව විශේෂ ආනයනයට තමන් සූදානම් නැති බවත්, මේ වන විට ගවයින් 10,000ක් ආනයනයට සූදානම්ව සිටින්නේ පෞද්ගලික ව්‍යාපාරිකයන් පමණක් බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (10 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවසීය. රජය විසින් සිදු කරන්නේ එම ව්‍යාපාරිකයන්ට ඉඩම් ලබා දීමක් පමණක් බවද කෘෂිකර්ම ඇමතිවරයා සඳහන් කළේය.