(සුජිත් හේවාජුලිගේ )
සුරාසල් විවෘත කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥයෝ අප්‍රසාදය පළ කරති.
සුරාසල් විවෘතකිරීමට රජය ගෙන ඇති තීරණය කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා දැඩි අහිතකර බලපෑමක් සිදුවන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න මහත්මිය පැවසුවාය.
සුරාසල් ඉදිරිපිට ජනතාව පොරකන දර්ශන දක්නට ලැබුණු බවත් මෙය සුබවාදී තත්වයක් ලෙස සැලකිය නොහැකි බවත් ඇය සඳහන් කළාය.
මින් කොවිඩ් පාලන වැඩපිළිවෙළට සිදුවන හානිය ඉතාම වැඩි බව පැවසූ ගුණරත්න මහත්මිය පාසල් ඉක්මනින්ම විවෘත කිරීමට ඇති අවස්ථාවද මෙමගින් දීර්ඝ විය හැකි බව පෙන්වා දුන්නාය.
රෝගය පාලනය කර රට කොළපාට දක්වා යන ගමනට මෙය හානිකර බවද පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය .
මේ අතර ඇඳිරිනීතිය දීර්ඝ කිරීමෙන් මෙරට කොවිඩ් ව්‍යාප්තිය තවදුරටත් සාර්ථක ලෙස පාලනය කර ගැනීමේ හැකියාව ලැබෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුරාවෙන් පුද්ගලයින්ගේ පියවි සිහිය නැතිවෙනවා. සුරාපානයට මිනිසුන්ව යොමුකිරීම සිහිවිකල් මිනිසුන් ඇති රටක් ඇතිවීමට පිළිවෙතක්. රටවැසියාගේ යහපත ගැන හිතන දුර දක්නා නායකයෝ සුරාවෙන් මිනිසුන්ව වළක්වාගන්න කටයුතු සම්පාදනය කළ යුතුයි. එය රටේ ප්රගමනයට හේතු වෙනවා.
ඕක මුල ඉඳලම ඇරලා තිබ්බානම් පොරකන්න දෙයක් නැහැ.
සුරාව නොබොන අයට එපා වුනාට ඕන අයට ඕන, ඔය පොරකෑවේ වහයි කියලා.
මෙහෙමනේ , ලංකාවේ රජයට වැඩිම ආදායම ලැබෙන්නේ අරක්කු වලින්, සුඛිත මුධිත ආර්ථිකයක් හදනවා කියපු රටක , බාර් ටික වහල තිබ්බොත් රජයේ අදායම 15%-20% නැති වෙනවා. ඊළඟ එක වාහන ගෙන් වීම. ඒකත් නැති උනහම රජයට ආදායම තියෙන්නේ වාහන බදු, තෙල් බදු වලින්.
බේබදු, මධ්‍යස්ථ පානීන් හා අල්ප පානීන්ගේ ප්‍රනාමය!
සුරාසල් හිමියන් පෝලිම පාලනය කල යුතුයි. මෙයාලත් පේන්නෙම මෙම පොලිම විතරයි. බැංකු පොලිම්, එන්නත් පොලිම් පෙන්නෙ නෑ.
සුද්දන්ට බොන්න පුළුවන් නම් ඇයි අපිට බොන්න බැරි
ලොක් ඩවුන් එක පොදු ප්රවහාන සේවා භාවිත කරන පිරිසට සහ උද්ගෝෂකයන්ට පමණි .අනෙක් පුද්ගලයන්ට කැමති විදිහට නගරෙට ගිහින් අවශ්‍ය සියලු දෙයක්ම මිලදී ගෙන එන්න පුළුවන් .පාටි දමන්නත් පුළුවන්
කාපල්ලා, බීපල්ලා, ජොලි කරපල්ලා... කොරෝනා හදාගෙන අද මැරුණත් හිතට සැපයි අරක්කු බීලා...
සුරාසැල් විවෘතව තැබීම අත්‍යාවශ්‍ය සේවාවක් කළ යුතුයි.
සෞඛ්‍ය අංශ මොනවා කිව්වත් ආණඩුවට මත්පැන් විකිණීමෙන් බදු ආදායමක් ලැබෙන නිසා සුරාව අධෛර්යමත් කරන්න වුවමනාවක් නෑ. මේ වසංගත කාලෙත් මත්පැන් හල් විවෘතව පවතින්නේ ඒ නිසයි. මත්පැන් බොනවද? නැද්ද? යන තීරණය පවතින්නේ ජනතාව තුළයි. අතීතයේ මෙන්ම අනාගතයේත් මත්පැන් බීම කිසිවෙකුට අත්හල නොහැකි පානයක් වීම නියතයකි...
ඔය හැම අවවාදයක්ම දෙන්නේ ආරක්ෂා වෙන්න නේද .නොදී ඉන්න කෙලවගන්න අය හොඳට කෙලවගනී .ඔය බේබද්දෝ තොලොන්චිවෙලා යන එකමයි හොඳ
අපි කැමතියි බේබද්දෝ ඔක්කොම කොරෝනාවෙන් මාරයාගේ තුරුලට යනවානම්
මිනිසුන් මොන තරම් පහත් මානසිකත්වයෙන් ඉන්නවද කියලා තේරෙනවද.?
තදබදය අඩු කරන්න හැම ගමකටම එක බාර් එකක් දැම්මනම් ඉවරයිනේ
වෛද්‍ය සංගම්වලට ගහපු කනේපාරක් වගේ මේක .කොරෝනා බොරුව මෙකෙන්ම ඒලිවෙනවා