(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සමුළුව 21 වැනි දා ඇමැතීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතිම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිව්යෝර්ක් නුවර බලා පිටත්ව ගියේය .
ජනාධිපතිවරයා සැසිවාරය ආරම්භ වන දිනයේම සමුළුව ඇමතීමට නියමිත අතර ,ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතන පළමු අවස්ථාව ද මෙය වේ.
විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී එල් පිරිස් ,ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර ,ජනාධිපති ප්රධාන උපදේශක ලලිත් වීරතුංග , විදේශ කටයුතු ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ද මෙම සංචාරයට එක්ව සිටිති. ජනාධිපති බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය ද ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක්වී සිටින අතර, රාජපක්ෂ මහත්මිය සිය පෞද්ගලික වියදමින් මෙම සංචාරයට එක්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොදයි ජනාධිපතිපතිතුමනි. ඇමරිකාවේ සුද්දට කියලා දෙන්න එයාලා ඇෆ්ගනිස්ථානයෙන් පරාජ වෙලා ආවට අපි යුද්ධේ ඉවර කරපු විදිය ගැන. අපේ රටට ඕනිවට වඩා ඇගිලි ගහන්න එපැයි කියන්න. කෝවිඩ් රෝගයට සාර්ථකව අපේ රට මුහුණ දේ අයුරු ගැනත් ලොව දැනුවත් කරන්න. ඔබතුමාට ජය.
මෙවැනි හිතුවක්කාර පාලකයින්, යනවා නම් රටට හිතකරයි.
නිව්යෝර්ක් නුවර සිටින සියළුම ශ්රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ වහාම උද්ගෝෂණයක් සංවිධානය කරන්න, ඉතාලියේ කරා වගේ.
එනකං ඒගොල්ලොත් බලාගෙන ඉන්නවා ඇති.
තම රැකියාවේ මද විරාමයක් ලැබීම නිසා, යුවල තම දේශ භුමිය බලා යන වගයි.
ගිහින් කියයිද දන්නේ නැහැ..... අපි තමයි හොදටම කලේ කියලා...
ඇමරිකා එක්සත් ජනපදයේ ජනතාව, ඔහුට ලැබිය යුතු දේ ඔහුට දෙන්න.
මොනා කියයිද දන්නේ නැහැ...
ආපහු එන්න එපා
ලංකාව ඇතුලේ සිංහ පාට් ජාත්යන්තරේ ඉදිරියේ පූස් පාට්
මොන කථාද මේ? එයා ගියේ තම රටට... එතුමාගේ විදේශ රැකියාවේ කාර්යයක් වෙනුවෙන් ගියාට ගෙදර එහෙම ගිහිල්ලා ඒ වැඩ වත්ත, පිටිය අර හුරතල් මෝරුටික එහෙම බලලා ඒවි. ඉතිරි ටිකත් ඉවර කරන්න...
අමතක වෙලා එහෙ කරපු පරණ රස්සාවට යවයිද ?
අනේ දෙවියනේ ආපහු මෙහෙ එන්න නොලැබේවා...! ඉල්ලන දෙයක් දීලා ඔහොම නතරකරන එක ලංකාවට සුබයි.. මොහුගේ කාලකන්නිකම නිසා මුලුරටම විපතට පත්වී ඇත.. අද සිට යම් සුබතාවයක් රටට ඇතිවෙයි. ආපහු එන්න නම් නොලැබේවා...!!!
පව්නේ ඉතින්. කුළුඳුලේ ලැබුණු පින්වන්ත මිනිබිරීගේ මුහුණ බලන්නේ නැතුව තව කොච්චර කාලයක් ඉන්නද අප්පා? එක්කෙනෙක් ගුවන් ගමනට අතින් වියදම් කළාලු... අතින් වියදම් කරන්න රස්සාවකුත් නොකර මේ කෙටි කාලෙට කොහොමද දන්නේ නෑ එතරම් මුදලක් හරිහම්බ කර ගත්තේ..?
ආපහු එන්න කරදර වෙන්න එපා...
අමතන්න නෙවෙයි, කට උත්තර දෙන්න යනවා කියන්න...
රටේ තාත්තා ගෙවල්වල ළමයින්ව හිරකරලා ලෝකේ වටේ යනවා, අපිත් ආසයි නෑදෑයන් බලන්න යන්න.