(අංජුල මහික වීරරත්න)
චීනය ඇතුළු දියුණු රටවල මෙන් ශක්තිමත් වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කළහොත් වසර දෙකක් ඇතුළත ශ්‍රී ලංකාව සංවර්ධිත ජාතියක් බවට පත් කළ හැකි බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එවැනි සැලැස්මක් අනුව කටයුතු කළහොත් වසර 20 ක් ඇතුළත ලංකාවේ ඒක පුද්ගල ආදායම හතර ගුණයකින් වැඩි කළ හැකි බව ද වික්‍රමසිංහ මහතා කීය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ 115 ක් වන ජන්ම දින සැමරුම ද නිමිති කර ගනිමින් කරගනිමින් පවත්වන ලද එජාප ඔන්ලයින් සමුළුව මාලාවේ පළමු සමුළුව අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගකීම් සහ බලය නැතිකොට ,රට දියුණු කරන්න මාරම ප්ලෑන් මෙයාලා ගාව තියෙන්නේ .අනේ මෙහෙමත් එවුන්
හ හ හා .......
ඇයි මහත්තයෝ, යහපාලනය කාලෙදී අපේ රට දියුණු කෙරුවා මදිද? මෙහෙම දියුණුකළොත් අනිත් රටවල්වල මිනිස්සුන්ගේ ඇස්වහ, කටවහ අපේ රටට වදියි...
ඔය මොනවා කළත් ඔබතුමා ප්රමුඛ පක්ෂයකට හෝ සන්ධානයකට ඡන්දෙ දෙන්නේ ලංකාවේ ඡන්ද දායකයන්ගෙන් 3% කට අඩු ප්‍රමාණයක්...
අනේද කියන්නේ ඔබලා කරලා තියන හරිය හොදටම ඇති.. ඔය වයසට පිනක්, දහමක් කරගෙන ගෙදරට වෙලා ඉන්න මේ වෙනකොට හිටියා නම් රට ඉවරයි. ගන්න දෙයක් නැති වෙනවා. වයසට හරියන වැඩක් කර ගන්න. දැන් ඔය බටහිර රටවල් වලට ඕන විදියට ඔයාලා කරපු හරිය හොඳටෝම ඇති.. ආයෙත් රට කන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න...
අයියෝ, තාම මෙයා ඉන්නවද?
මෙයා වසර 5ක් රටේ අගමැති විදියට කටයුතු කළා. එතකොට ඔය කියන සූත්‍ර කොහෙද දන්නෑ තිබ්බේ...? සූත්‍ර තිබ්බේ ගේම් දෙන්නයි, බැංකු කඩන්නයි විතරයි. ඒකනේ කියන්නේ බලය ඇති විට මොළය නැත. බලය නැති විට මොළය ඇත කියලා. මහ ඡන්දෙන් ඇපත් නෑ... තවත් රටට පව් නොදී යන තැනක ගියා නම් තමයි හොඳ...
කවුද කිව්වේ මැරුණා කියලා...? කවට අන්දරේ කියපු කෙනා දන්නෙ නැහැනේ හරි කතන්දරේ...!!!
ලිපියේ කියැවෙන ආකාරයට වසර දෙකකින් සංවර්ධිත රටක් නිර්මාණය කරන්න පුළුවන් යැයි කීම ප්‍රායෝගික යැයි හිතන්න අමාරු, විශ්වාස කරන්න අමාරු කාරණාවක්.. ඒක විශ්වාස කරන්න නම් පිළිගත හැකි ක්රමෝපායක් විස්තරාත්මකව දක්වන්න ඕනෑ. එහෙම නැතුව වසර දෙකකින් සංවර්ධිත රටක් නිර්මාණය කරන්න පුළුවන් යැයි කීම හුදු වචන ගොඩාක් විතරයි. ප්‍රතිපත්ති අවශ්‍යයි. ඒත් වර්තමානයේ ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇත්තේ දූෂිත නායකයින් විසින් තියෙන නීති, රීති, ප්‍රතිපත්ති ටිකවත් රකින්නේ නැති එක. නායකයින්ගේ හික්මීම, ආදර්ශමත් වීම අවශ්‍යයි. එහෙම නැතුව කොච්චර ප්‍රතිපත්ති හැදුවත් ඉන් නිසි ප්‍රයෝජන ලැබෙන්නේ නෑ. ඩොනල්ඩ් ට්‍රම්ප් නිසා ඇමරිකාවට වූ දේ හිතා බලන්න. සංවර්ධනය බලාපොරොත්තු වෙනවා නම් නිවැරදි ප්‍රතිපත්ති මාලා අවශ්‍යයි. ඊට අමතරව ඒ ප්‍රතිපත්ති ආදර්ශමත්ව ක්‍රියාත්මක කරන සහ ජනතාවද ඊට අනුගත කරවන නායකයින් අවශ්‍යයි..
අයියෝ මෙයාට අවුරුදු 5 ක් තිබිලා ඔය සුත්‍රය හදාගන්න මොකද කරේ
දවල් වැටුන වලේ රෑ වැටෙන්න තරම් මෝඩයෝ නෙවෙයි අපි.
බලයට එන්න සූත්‍රයක් හොයාගන්න ඔක්කෝටම කළින්...
මේවා නම් කෙබර ...
මෙයා හොඳ සුත්‍ර කාරයින්නේ. ඒකනේ පැරදිලාත් ආපහු පාර්ලිමේන්තුවට ආවේ...
අනේ යන්න රනිල් මහත්තයෝ, හැමෝගේම "කතාව නම් දෝලාවෙන් එ්ත්, ගමන පයින්" දියුණු රටවල සූත්තර අපේ රටට හරියන්නේ නැහැ. ඒක නිකම් හරියට "බයිසිකල් වින්කල් කාරයෙකුට රොකට් හදන්නත් පුළුවන් වගේ හිතන" එකක්... මෙතරම් විශාල ජල සම්පතක් තියන රටේ ජනතාවට, වතුර ටික ලබා දෙන්න බැරි වුණු පාලකයින් ද මේ අනුන්ගේ සූත්තර ගැන දොඩවන්නේ...? ගිනි පොලියට ණය අරගෙන නෙලුම් කුළුනේ ලයිට් නරඹලා සතුටු වෙන පාලකයින් හා ජනතාවක් සිටින රටක් ගැනද මේ කතා කරන්නේ? මුලින්ම කරන්න ඕනෑ පාලකයින් පමණක් නොවැජඹී මේ රටේ ජනතාව ගෞරවාන්විත ජනතාවක් බවට පත් කිරීමයි. ඉතිහාස පුරාජේරුව වෙනුවට, ආර්ථිකය ශක්තිමත් කිරීමයි. වැඩිය කතා අවශ්‍ය නැහැ. මීට කලකට ඉහතදී ප්‍රධානම අපනයන ආදායම වුණු තේ, වතු කම්කරුවන්ගේ ජීවන තත්වය කොහොමද? විදේශගත ශ්‍රමිකයින් බහුතරයක් හිඟන්නන් වගෙයි. ඒ වගේම රටට ශාපයක් වෙලා තියන පිංගුත්තර තක්කඩි පූජක රැල ඉදිරියේ පාලකයින් දණ නැමීම මේ රටට ශාපයක්.
දැන් ඔය මහත්තයාට වයස කීයද? මෙච්චර කල් බලන් හිටියේ ඇයි?. මට බය දැනෙන්නේ දියුණු වෙන්න බලන් ඉන්න රටකින් මෙතුමා ගෙන්න ගනීද දන්නැහැ. එහෙම වුණොත් එකේ පාඩුවත් අපිට. අනේ අපි අවුරුදු දෙකකින් දියුණු වෙමුකෝ. එතකොට අපේ කලිසම් ඉණෙන් පහළට වැටෙන් නැතුව අඳින්න පුළුවන් වෙයි...
බලය තියෙන කොට මේවා අමතකයි. නිකං ගෙදරටම වෙලා ඉන්නකොට තමයි මතක් වෙන්නේ...
වාලවෙට්ටුවා නැවත විහිලු කරන්නට පටන් අරගෙන...
අවුරුදු දෙකකට වඩා අගමැති පුටුවේ හිටියා නේද? පොල් ගෑවද එතකන්... හදන්න තිබුණනේ හදන ප්‍රතිපත්තියක්...!
මේ අය දැන් රටට සාපයක් වෙලා... මහළු මඩමකින් රට පාලනයට ඇති වැදගත් කමක් නැහැ. මේ සේරම එළවලා දාන්න ඕනේ...
අගමැතිකම් කළ ඔබතුමාට රට දියුණු කරන්න මතක් වුනේ මේ වලපයයි, ගොඩපයයි කියන ගාණට පැමිණි පසුවද? ඔබතුමාට මේවා කිරීමට කාලයක් නැත...
මෙයාට හොඳට සල්ලි තියෙන රටක් ලැබුණොත් දියුණු කරන්න යන්නේ බොහොම සුළු වෙලාවයි... පලපුරුද්ද තියෙනවනේ..
මේ ගැන කවුරුත් දැනගෙන හිටියෙ නෑනෙ මෙතුමා කියනකං. අම්බෝ මෙතුමගෙ මොලේ... විෂ්වයේ ලෙකුම මොලේද මන්ද..
සූත්තර පුංචා
ඔලුව තිබ්බට වැඩක් නෑ. ඇතුලේ මුකුත් නෑ, වයසට යනකොට ඔහොම ඒවා කියැවෙනවා, ඇනගන්නවා.. වයසට යනකොට ඔහොම තමයි. දවල් හීන පේන්න පටන් ගන්නවා. වැඩි කාලයක් නොගිහින් තරු පෙනෙයි.
රු. 2500ක් මාසයක් ජීවත් වෙන්න ඇතියි කියපු ආර්ථික ඔස්තාර්ගේ උපදෙසුත් ගත්තා නම් හොඳ නැද්ද?
අපි නොදන්න කෙනෙක් කිව්වා නම්, ඒ පිළිබඳ හිතන්න පුලුවන්...!!!
ඔය ජේ.ආර්. 77 බලය අරගෙන මේ රට නැතිකළා. දේශීය කර්මාන්ත, නිෂ්පාදන නැත්තටම නැතිකළා. ඊට පස්සේ ආව හැම කෙනාම කළේ තම තමන්ගේ මඩිය තද කරගන්න එක. ඊළඟට ආයිමත් බලේට එන්න මුදල් ඕනෑනේ. මෙයා මේ අවුරුදු 2න් හදන්න කතාකරන්නේ.. ආයි ඇවිත් නැත්තටම නැතිකරන්න.
මේ වගේ කට්ට කයිරාටික කපටි නරියෙක් තවත් නැතුව ඇති...
හතර වරටත් අගමැති වෙලා ඉන්නකොට ඔය කියන විදිහට රට දියුණු කරන්න තිබුනනේ .දැන් ඇහැරිලා තියෙන්නේ
කතාව නම් ඇත්ත තමයි අපි කියන්නෙත් ඔකමයි
වසර 20කින් කියල නේද කිව්වෙ. හරියට කතාව ඇහුවනන් හරි.
කටුනායකට වී ගබඩා කරන්න. එක පාරක් සිංගප්පුරුවක් කරන්න ගිහින් ඉතියෝපියාවක් වෙලා බංගලාදේශයෙනුත් අපිට ණය ගන්න වුනා.
හතර පාරක්ද පස් පාරක්ද අගමැති වෙලා ඒ දුන්නු අවස්ථාවෙන් ප්‍රයෝජනය නොගත්ත මෙතුමා රට වසර දෙකකින් දියුණු කළ හැකිලු මොන විහිළු කතාද.?
දැන් ද මතක් වෙන්නේ?
දැන් ගේ දොර දන් දීලා තපසට යනවා කියපු මනුස්සයා නේද මේ.?
මතකනේ පහුගිය කාළේ සූත්‍ර.
ඔබ 1977 සිට පාර්ලිමේන්තුවේ සහ ආණ්ඩු පක්ෂයේ කිහිප වතාවක්ම සිට ඇත, ඒ නිසා දැන් ඒ ගැන කතා නොකර ඇයි ඔබ ඒ සෑම වසරකම මෙය නොකළේ. කියමනට අනුව "නින්දිතයා, කුහකයා සහ සමච්චල් කරන්නාගේ ආයාචනය සාමාන්‍ය යහපතයි".
ඔහු කියුවේ වසර විස්සක සැලැස්මක් ගැන. පවතින ආණ්ඩුව ආරම්භ කලයුතු අන් කිසි ආණ්ඩුවකට නීතියෙන් වෙනස් කල නොහැකි. ඒක තමයි අපේ රටට අවශ්‍යය දේ.
පාලකයන් අවංක නොවී කුමන ප්‍රතිපත්ති හැදුවත් වැඩක් නැත. ස්වාධීන කොමිෂන් ඊට උදාහරනයි. ජානගතව ඇති වනචාරි සහ ගෝත්රවාදී අදහස් ඉවත් කිරීම පහසු නැත.
මෙතුමා වටින්නෙ බුද්ධිමතුන් ඉන්න රටකට පමණි. විද්යාපිට, තරුණසේවා සභා, ජාතික පාසල් විදූහල්පති පුහුනුකීරිම්, ළමුන්ට පරිගණක ලබාදි ඹන්ලයින් අධ්‍යාපනය ලබා දිමට උත්සාහ කීරීම, සමස්ත රාජ්‍ය සේවකයන් හා පුද්ගලයන්ගේ වැටුප් වැඩි කර පුද්ගලික හා රාජ්‍ය තන්ත්රය ශක්තිමත් කිරිම, අනවශ්‍ය ලෙස රාජ්‍ය සේවකයන් සේවයට බදවා මහජනයාට බරක් නොදි පුද්ගලික දිර්ගකාලින කෙටිකාලින කර්මාන්ත ඇතිකර රට සංවර්ධනය කීරිමට උස්සාකීරීම (මොහූට ඹහුගේ දර්ශනයට අනුව රට පාලනය කීරිමට තනි නායකත්වයක් ලැබි නැත. මේතූමා වටින්නේ උගතුන් ඉන්න රටකට පමණී)
ආයෙත් ඕවා නම් එපා.....
කියන්න ඕනේ දේ කවුරු කවුරුත් ලියලා තිබෙනවා මම මුකුත් ලියලා පව් පුරෝගන්න යන්නේ නැහැ.
මෙයා අගමැති විදියට බලයේ හිටියා කිහිප වතාවක්ම. පසුගිය අවුරුදු 5ටම මුකුත් කලේ නැහැ.
එකම සූස්තරේ තමයි ඔයාලා, රාජපක්ෂලා වගේ රටට ආදරේ නැති අය එළවලා දාන එක....
ආයිස් අප්පා ගුංඩූ මුන්දැට මේවා මතක් වෙන්නෙ චන්දෙට ඉස්සර .චන්දය පසුවුනාම කොරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරුව මාස හත අටක් කල් මරණවා
කට කසනවටද මිනිස්සු සූත්තර පුංචා කියන්නේ
මෙතුමා කියන දේ අපි විහිළුවෙන් බැහැර කරන්න හේතුව නම් මෙතුමාත් කළයුතු දේ එකළ නොකළ නිසායි. ඒත් මේ කියන දෙයහි අවශ්‍යතාවය විද්වතුන් පවසා බොහෝ කල්. බලයට පැමිණි දා සිට පීත්ත පටි සහ පාටි සංදර්ශනද ආධාරකරුවන්ට හම්බ කරදෙන මාර්ගද සාදාදීමට කාලය වැයවන බැවින් රටට වැඩක් කිරීමට උවමනාවක් නොමැති ලංකාවේ දේශපාලන රටාවට වාසිය තකා වැඩ කරන ජනතාවත් වග කිවයුතුය. මේ ක්‍රමය දිනපතා අප ණය බරේ සාපයේ ගිල්වන්නෙ තවත් ග්රීිසියක් මෙහි මවමින් කියල දැනෙන්නෙ නැත්තෙ රටේ සමාජ පරිහාණිය තුල හෘද සාක්්ෂිය පවා බොහෝ දෙනෙක්ට නැති නිසයි.