‘‘සති අන්තයේ අනුරාධපුරේ එන්න එපා‘‘
අනුරාධපුර දිස්ත්රික්කය ඇතුළු උතුරු මැද පළාත තුළ කොවිඩ් 19 වෛරසය සීඝ්රයෙන් පැතිර යාමේ අවදානමක් පැවතීම හේතුවෙන්, එළඹෙන සති අන්තයේ සහ පොහොය දින අනුරාධපුර අටමස්ථානය සහ පොලොන්නරුවේ සිද්ධස්ථාන වැදපුදා ගැනීම සඳහා පැමිණීමෙන් වලකින ලෙස, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා දැනුම් දුන්නේය.