(සුජිත් හේවාජුලිගේ)
අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් අද (17) නිකුත් කරනු ලැබීය.
එම පුරප්පාඩුව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් යෝජනා කෙරුණු ජයන්ත කැටගොඩ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (16) අනුමත කළේය.
කොමිසම ඉන්පසු එම නම ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට අද උදේ බාර දුන්නේය.
ගැසට් නිවේදනය අද දහවල් නිකුත් කෙරුණු බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය.
මේ අනුව ජයන්ත කැටගොඩ මහතා එම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයේ පාර්ලිමේන්තුවේදී ලබන 21 වැනිදා දිවුරුම් දීමට නියමිතය.
බැසිල් රාජපක්ෂ මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක දිවුරුම් දීම සඳහා ජයන්ත කැටගොඩ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන් පසුගිය මාසයේදී ඉල්ලා අස් විය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධූරයේ දිවුරුම් දීම සඳහා අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වූයේ ඉකුත් 13 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමා පතෝල සහ වැටකොලු අමාත්‍යතුමා විදිහට රටට ඉහමත් සේවයක් කරාවි.
තවත් රාජපක්ෂ කෙනෙකුට පාර්ලිමේන්තුවට එ්ම සඳහා ආයිත් මෙයා එනවා. හරියට දුම්රියේ ආසන අල්ලන් ඉන්න වගේ...