(ඉන්දිකා රාමනායක)
මාර්ග ගත ක්‍රමය ඔස්සේ (online) ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුවරුන්ට එම ඉගැන්වීම් කටයුතු සිදු නොකරන ලෙසට කිසිවකූ හෝ තර්ජනය කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) වෙත පැමිණිලි කරන ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්තුදූව මහතා ඉල්ලා සිටී .
මෙවැනි පැමිණිලි සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ( විශ්‍රාමික ) මහතා පොලිස්පතිවරයා වෙත සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
රජයේ නිලධාරීන්ගේ රාජකාරියට නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම , තර්ජනය කිරීම වරදක් වන හෙයින් එවැනි තර්ජනයන් සිදුකරන පුද්ගලයන්ට එරෙහිව පොලිසිය විශේෂ අවධානය යොමුකර යොමු කර නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද පොලිස් මධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්ටාලින්ව අතුලට දාන්න.
මේ කියන්නේ ටියුෂන් කඩ ගැනද.? වෙන ගුරුවරයෙක් නම් තවම අපේ ළමයින්ට උගන්වන්නේ නැහැ.
ස්ටාලින් විතරක් ඇතුලට දාලා මදි. NGO සල්ලිවලට නටන හැමෝම දාන්න ඕන
ඔව්, දැන් සටන්කාමී ගුරු නායකයින්ට එරෙහිව බොරු චෝදනා ගෙනැල්ලා ඒ අය අත් අඩංගුවට අරන් හදිසි නීතිය යටතේ හරි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගන්නත් පුළුවන්...
අනුරාධපුර සිරකරුවන්ට තර්ජනය කල අයටත් ඔය වගේම තදින් ඉන්නකෝ...!