(සුජිත් හේවාජුලිගේ)
තමාට එරෙහිව යන මඩ ප්‍රචාර ඇතැම් කූඨ වංචනික බන්ධනාගාර නිලධාරීන් පිරිසකගේ කුමන්ත්‍රණයක් බව බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබද හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය.
දූෂිත බන්ධනාගාර නිලධාරීන්ගේ සොරකම් සහ ජාවාරම් අල්ලා නීතිය ක්‍රියාත්මක කළ නිසා තමාට බන්ධනාගාරය ඇතුළතින් කුමන්ත්‍රණයක් පැමිණි බවත් දූෂණ මර්දන වැඩපිළිවෙළ නිසා බොහෝ බන්ධනාගාර නිලධාරීන්ට හොර ජාවාරම් කිරීමට නොහැකිවීමෙන් ඔවුන් තමා සමග උරණව සිටි බවත් හෙතෙම කීවේය.
තමා වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට ගිය බව සැබෑවක් නමුත් ප්‍රචාරය වන ආකාරයේ කිසිදු නොහික්මුණු සිද්ධියක් එම ස්ථානවලදී නොවූ බව පැවසූ රත්වත්තේ මහතා තමා ගියේ එම බන්ධනාගාරවල තත්වය සහ සිරකරුවන්ගේ සුබසාධන කටයුතු පරික්ෂා කිරීමට බවද පැවසුවේය.
බන්ධනාගාරවලට නිතර ගොස් ඒවායේ සිර මැදිරි සහ මුළුතැන්ගෙවල් පරීක්ෂා කිරීම තමා පුරුද්දක් ලෙස කරගෙන ගිය බවද ඔහු කීවේය.
තමා රූප සුන්දරියක් සමග බන්ධනාගාරයට ගිය බවටද බොරු ප්‍රචාරයක් පතුරවමින් ඇති බවත් තමා එවැනි කාන්තාවන් ගැන අසා ඇති නමුත් ඇය පෞද්ගලිකව හඳුනන්නේ නැති බවත් ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෙද්ද තමයි.., උඔලා බබාලා, නිලධාරින් වැරදියි දැන්, කරන්න තියෙන හැම ජරා වැඩක්ම කරලා බබාලා වෙන්න හදනවා... දෙන්නන් ඊළඟ ඡන්දෙන්...
හරි ඇමතිතුමා
හැටනම ලක්ශයක් ජනතාව සහ වියත්තු එකතුවෙලා රට පාලනය කරන්න පත්කරපු ඇමති කෙනෙක් මෙයා. කෙතරම් ගාම්භීරද වැඩේ..... ඇත්තටම ඉරිසියාවට කුමන්ත්‍රණය කරනවා ඇති.....
මිනීමැරුම් 11 ක් කරලා නීතියෙන් රිංගපු එකෙකුට මේකන් රිංගලා යන එක කජ්ජක්
ඔයාලා හිතන් ඉන්නේ රටේ මිනිස්සු නුඹලා වගේ මෝඩයින් කියලාද? ඕක ජාත්‍යන්තරයටත් ගියපු නිසා, වඩා ගැලපෙන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියන එක. විමලෙට කිව්වා නම් ඒක කියයි...
බන්ධනාගාරවල සීසීටීවී නෑ කිව්වා විතරයි... මෙන්න මෙයා මුකුත් කරලා නෑ කියනවා.
ගහට ගිය මිනිහටත් කියන්න දෙයක් තිබ්බලු
එහෙමනම් ඇමතිවරයා සිදු වූ සියලු දේ මාධ්‍ය ඉස්සරහට ඇවිත් පැහැදිලි කල යුතුය .
බන්ධනාගාර නිලධාරීන් බහුතරයක් දුෂිත බව ලංකාවේ සියලු දෙනාම දනනවා .ඇමති වැරදි පිළිඅරගෙන ඉල්ලා අස්වෙලා .දුෂිත නිලධාරීන් කියනවා කිසිම දෙයක් දන්නේ නැහැ කියලා .එහෙම දෙයක් වුනේ නැතිනම් ඉල්ලා අස්වෙන්න හේතුවක් නැහැ .ප්‍රශ්නේ ජිනීවා ගියේ නැතිනම් මෙයා තවම ඇමති .වින්දිත සිර කාරයෝ දෙන්නා ආයුධ පෙන්වන්න ගිහිල්ලා ,එහෙම නැතිනම් බන්ධනාගාරේ ඇතුලේ කැරැල්ලකින් මැරිලා
ඒක නේන්නං. අහිංසක මනුස්සයෙක්ට හදන කතා නේද? මගේ යාළුවෙක් කිව්වා ඒ මනුස්සයා රෑට නිදියන කොට තාම සූප්පුවක් ඕනෑලු...
මහ රෑත් කුමන්ත්‍රණ දියත් කරනවද? සිරගෙයට ඇතුළුවීම හවස 5.30 දක්වා නෙමෙයිද? කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට හොඳයි... ඔය ගැලවීමේ උත්තර...
ඔය කියන කතාව ඇත්ත නම්, ඇයි ඉල්ලා අස්වුනේ?
අන්තර්ජාතික n.g.o. මෙහෙයවන කුමන්ත්‍රණයක්ද?
එහෙනම් ඉතින් බොන්න ඕන ප්‍රශ්නයක් තමයි.
මේ අහිංසක මනුස්සයා සහ අර රූපසුන්දරී අමාරුවේ දමන්න ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්.
බන්ධනාගාරයට ගියේ ඇයි? ගියේ කියටද? ගියේ මොකකින්ද? ගියවැඩේ කළාද? කා සමගද ගියේ? රෑ ගියානම්එසේ මහරෑ හෙළිකොප්ටරයකින් ගොස් කිරීමට තරම් තදබල වැඩ කුමක්ද? කාවදහම්බවුනේ? සි සි ටීවී දර්ශන කෝ? හරි සරලයි....
ඔච්චරම බොරු කතාවක් ගෙතුව නම් තමුන් එක්ක ගිය අනිත් කෙනෙක් තමුන් වෙනුවෙන් කටක් අරින්නෙ නැත්තෙ ඇයි? එහෙම නම් එදා බන්ධනාගාරට ගියේම නැද්දැ ? ගිය බව තමුන් පිළිගන්නව නේද?