(යොහාන් භාසුර)
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ 2020 මහ මැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මනාප ඡන්ද ලැයිස්තුවේ නවවැනි ස්ථානය හිමිකරගත් එම පක්‍ෂයේ බුලත්සිංහ ප්‍රධාන සංවිධායක ලලිත් වර්ණකුමාර මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන හිමිවීමට නියමිතය.
හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන ‘දයාබර මංජු’ ලෙස බුලත්සිංහ ඇතුළු කළුතර දිස්ත්‍රිකයේ නමක් දිනා සිටින ලලිත් වර්ණකුමාර මහතා එම මැතිවරණයේදී මනාප ඡන්ද 46361 ක් ලබාගැනීමට සමත් විය.
ලලිත් වර්ණකුමාර මහතා හොරණ ශ්‍රීපාලි විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් කාර් පර්මිට් එකක්..!!!, අවුරුදු දෙකෙන් මන්ත්‍රීකම දාලා යන කෙනා කාර් පර්මිට් එක බාරදීලා යනවද? මේ මාසයට විතරක් අලුත් පර්මිට් මන්ත්‍රිලා 2යි. රෙස්පෙක්ට් සර්...!!!
කොල්ලට සැප ... ඒත් අපට දුක ...
තවත් කෙනෙක්, රටට බරක්.
ඉතිහාසය සඳහා 'පිරිමි හෙද' රත්නප්‍රිය යන නම මතක තබා ගන්න.