
(යොහාන් භාසුර)
මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ තවත් විදේශීය ධීවර යාත්‍රාවක් සැකකරුවන් 9 ක් සමඟ පසුගියදා අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.
නාවික හමුදාව දින ගණනාවක් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ අඛණ්ඩව ආවෙක්ෂණයන් සිදු කරමින් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමක් මඟින් අත්අඩංගුවට ගත් එම සැකකටයුතු විදේශීය ධීවර යාත්‍රාව සහ විදේස් ජාතික සැකකරුවන් නවදෙනා මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ' සිදුරළ' නෞකාවේ ආරක්‍ෂාව යටතේ කොළඹ වරාය වෙත රැගෙන එමින්
පවතින බව නාවික හමුදාව කියයි.
ශ්‍රි ලංකා පොලිසිය මගින් ලබාදුන් තොරතුරු මත ශ්‍රි ලංකා නාවික හමුදාව ජාත්‍යන්තර මුහුදේ සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් විදේශීය ධීවර යාත්‍රාව සහ විදේස් ජාතික සැකකරුවන් නවදෙනා තව නොබෝ වේලාවකින් කොළඹ වරාය වෙත රැගෙනවිත් මෙම මත්ද්‍රව්‍ය රැගත් සැකකටයුතු විදේශීය ධීවර යාත්‍රාව සහ විදේස් ජාතික සැකකරුවන් 09 දෙනා ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට බව නාවික හමුදාව පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලනව විතරයි. අල්ලපු එකෙකුට දඩුවම් කල බවක් අහල තියනවද?
අල්ලපු මත්ද්‍රව්‍යවලට මොකද වෙන්නේ කියලත් හරියට කියන්නේ නෑ.