සජබ මහලේකම් ඇතුළු 40 ක් අගවිනිසුරුට පැමිණිලි කරති
දේශපාලන පළි ගැනිම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශවලින් අධිකරණයට අපහාස වී ඇති බවත් , එම කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන්ට නඩු පවරන්නැයි ඉල්ලමින් විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස , සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40 අද (02) අගවිනිසුරුට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.