කෝටි විසි දාහේ පරිපූරක ඇස්තමේන්තුව අනිද්දා මැති සබයට කොරෝනා මර්දන කටයුතු සඳහාත් රජයේ අනෙකුත් වියදම් සඳහාත් අතිරේක ප්‍රතිපාදන වශයෙන් රුපියල් කෝටි විසි දාහක මුදලක් අනුමත කර ගැනීම සඳහා රජය විසින් ඉදිරිපත් කෙරෙන පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවේ දී අනිද්දා(23) සම්මත කර ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය . 21 June 2021
ඇඹිලිපිටිය නගර සභාපතිගේ පෙත්සම නිෂ්ප්රභා කරයි අක්‍රමිකතා චෝදනා මත ඇඹිලිපිටිය නගර සභා සභාපති ලලිත් ධර්මකීර්ති මහතා සිය ධූරයේ කටයුතු කිරීම අත්හිටුවීමට සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ගත් තීරණය සාධාරණ බවට අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව අනුමත කළ ශ්‍රේෂ්ඨාධිකරණය , ලලිත් ධර්මකීර්ති මහතා ගොනු තිබු විශේෂ අභියාචන පෙත්සම නිෂ්ප්‍රභ කළේය. 21 June 2021
තමිල්නාඩුවෙන් ගෙනා කාබනික පොහොර රේගුවේ හිරවෙයි ඉන්දියාවේ තමිල්නාඩුවේ සිට ආනයනය කළ කාබනික පොහොර අඩංගු අඩි 40 ප්‍රමාණයේ බහලුම් තුනක් ශ්‍රී ලංකා රේගුව රඳවාගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරියකු පැවසීය. 21 June 2021
විශ්වාසභංගය රාජපක්ෂ කොන්ත්‍රාත්තුවක්ලු බලශක්ති අමාත්‍යවරයාට පමණක් විශ්වාස විශ්වාසභංග යෝජනාවක් ගෙන එමෙන්ම විපක්ෂය මෙි කරන්නේ රාජපක්ෂවරුන්ගේ කොන්ත්‍රාත්තුවක් දැයි බරපතළ සැකයක් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 21 June 2021
අනූෂ පැල්පිට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ධූරයට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වූ අනූෂ පැල්පිට මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කර ඇත. 21 June 2021
ගිනිගත් නෞකාවේ දේශීය නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂට ඇප එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත ආයතනයේ අධ්යක්ෂ අමින්ද හෙට්ටිආරච්චි මහතා රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද නියෝග කළේය. 21 June 2021
වැරදි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළැයි වෛද්‍ය සුදත් සමරවීරට එරෙහිව පැමිණිල්ලක් වැරදි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර සිය ව්‍යවස්ථාපිත යුතුකම ඉටු කිරීම පැහැර හැර ජාතික ආරක්ෂාව අනතුරට පත් කළැයි චෝදනා කරමින් වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඇතුළු එම ඒකකයේ වගකිව යුත්තන්ට එරෙහිව නිතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා පොලිස්පතිවරයා වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කර ඇත. 21 June 2021
රිෂාඩ් - ප්‍රේමලාල් හෙට සහ අනිද්දා මැති සබයට රැඳවුම් නියෝග යටතේ පසුවන රිෂාඩ් බදුර්දීන් සහ මරණීය දණ්ඩනය නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර යන මන්ත්‍රීවරුන්ද හෙට සහ අනිද්දා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම්වලට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව කැඳවාගෙන ඒමට තීරණය කර ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.. 21 June 2021
‘‘අන්තර්ජාල පහසුකම් නැති දරුවන්ට පළාත් සහ කළාප මටට්මින් මධ්‍යස්ථාන‘‘ අන්තර්ජාල පහසුකම් නොමැති දරුවන්ට මාර්ගගත අධ්‍යාපනය ගබාගැනීමට නොහැකි වීමේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස පළාත් සහ කළාප මටට්මින් ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන පිහිටුවන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි. 21 June 2021
‘ඇත්ත කියන නිලධාරීන් ඉවත් කර කොරෝනා මඬින්න බැහැ‘ බියක් සැකක් නැතිව ඇත්ත කියන සෞඛ්‍ය නිලධාරීන් තනතුරු වලින් ඉවත් කර වැඩ බැරි අය ඒ තැනට පත් කිරීමෙන් කොරෝනා මර්දනය කළ හැකිදැයි බරපතළ ප්‍රශ්නයක් මතුව තිබෙන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. 21 June 2021
‘ඩෙල්ටා‘ යැයි සැක ආසාදිතයෙක් මාදිවෙලින් ඉන්දීය ‘ඩෙල්ටා ‘කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ බවට සැක කෙරෙන පුද්ගලයකු මාදිවෙල ප්‍රගතිපුර ප්‍රදේශයෙන් හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 21 June 2021
‘‘ගෑස් මිල කිසිසේත් වැඩි කරන්නේ නෑ‘‘ ගෑස් මිල වැඩිකිරීමට මේ අවස්ථාවේ කිසිසේත්ම අවසර නොදීමට ගෑස් මිල සම්බන්ධව සොයාබැලීම සඳහා පත් කළ අමාත්‍ය අනුකමිටුව අද තීරණය කළ බව එම කමිටුවේ සාමාජික පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි. 21 June 2021
කේරළ ගංජා සහ කහ සමඟ 2ක් යාපනයෙන් අල්ලයි ඉන්දියාවේ සිට ධීවර බෝට්ටුවකින් රැගෙනඑමින් තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින්යුත් කේරළ ගංජා කිලෝ 174 යි ග්‍රෑම් 50 ක් හා වියලි කහ කිලෝ පහක් සමඟ ධීවරයින් දෙදෙනකු යාපනය තොන්ඩමන්ආරු මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව නාවික හමුදාව පවසයි. 21 June 2021
පාර්ලිමේන්තුව හෙට සහ අනිද්දා පමණයි කොවිඩ් අවදානම හේතුවෙන් මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් දින දෙකකට සීමා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය. 21 June 2021
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨයන්ට පිදෙන ‘හිස්වැසුම‘සංගක්කාරට ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයන්ගේ ලැස්තුවට එකතු වූ ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මහතාට ඒ වෙනුවෙන් පිදෙන විශේෂ ‘හිස් වැස්ම’ ප්රදානය කළේය. 21 June 2021
ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය හෙට කථානායකට ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව හෙට(22) පෙරවරුවේ කථානායකවරයාට භාර දෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පැවැසීය. 21 June 2021
දඹුල්ලේ එළවළු තොග මිල අහස උසට යයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය 20 රාත්‍රී 10 ට විවෘත කිරීමත් සමග ලැබෙන එළවළු ප්‍රමාණය ද ,මිලදී ගැනීම සදහා ගැනුම්කරුවන් විශාල වශයෙන් පැමිණීමත් සමග එළවළු මිල ද වෙනදාට වඩා විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති. 21 June 2021
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවා දැන්ම නෑ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියලු සේවාවන් තවදුරටත් තාවකාලිකව නතර කිරීමට සිදුව ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 21 June 2021
කොරෝනාවට බෙහෙත් හදන්න වෛද්‍ය සභාවේ අනුමැතිය අවශ්‍යයි කොරෝනා සඳහා ඖෂධ සොයාගත් බවට ප්‍රචාරය කරන වෛද්‍යවරුන් තමන් සේයාගත් ඖෂධ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක මහතා සඳහන් කරයි. 21 June 2021
පළාත් කීපයකට මඳ වැසි බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (21) මද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යාකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 June 2021
සේරුවිල ප්‍රාදේශීය සභා සභාපතිගේ පෙත්සම විභාගයට නොගෙනම විසි කරයි සේරුවිල ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජය වීම නිසා එහි සභාපති ධූරයෙන් රණසිංහ බණ්ඩාර (එ.ජා.ප.) මහතා ඉවත් කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ගත් තීරණය නිවැරදි බවට අභියාචනාධිකරණය තහවුරු කළේය. 21 June 2021
රට රටවල කොරේනා වාර්තා ජූනි 20 වැනි දා අවසන් වූ සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 20 June 2021
‘‘ලංකාදීප‘‘ පවුලේ පුවත්පත් අද සිට ඔබ අතට සංචරණ සීමා පැනවීම නිසා සීමා සහිත ප්‍රදේශයක පාඨකයන් අතරට පත් වූ ලංකාදීප පවුලේ පුවත්පත් අද (21) සිට දිවයින පුරා සියලු පුවත්පත් අලෙවි නියෝජිතයන්ගෙන් ඔබට ලබා ගත හැකියි. 20 June 2021
තැපැල් සේවා හෙට සිට සුපුරුදු පරිදි වැඩ රට පුරා සියලූ තැපැල් සේවා කටයුතු හෙට (21) සිට යළි අරඹන තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. 20 June 2021
නීති කඩා පාටි දැමූ ලිඳුල ප්‍රා.සභාපති අත්අඩංගුවට සංචරණ සිමා නිතිය උල්ලංඝනය කරමින් සාදයක් පැවැත් වු තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති පි.භාරතිදාසන් මහතා ඇතුළු 07 දෙනකු (20) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිසිය පවසයි. 20 June 2021
අරක්කු තොගයක් සමග දෙකක් දැලේ රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා රජයේ මත්පැන් බෝතල් තොගයක් සමග පුද්ගලයන් දෙදෙනකු මාලඹේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 20 June 2021
අනූෂ පැල්පිටට සංස්ථා සභාපති ධූරයක් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වූ අනූෂ පැල්පිට මහතාට සංස්ථා සභාපති ධුරයක් හිමිවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 20 June 2021
ගජමුතු සමග දෙකක් මාට්ටු අක්මිමන හියාරේ ප්‍රදේශයේ දි ගජමුතු 04ක් සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බැව රත්ගම විශේෂ කාර්ය බලකා කදවුර පවසයි. 20 June 2021
කොරෝනා මරණ 47ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 47 දෙනකු ඊයේ (19) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (20) තහවුරු කළේය. 20 June 2021
කොරෝනා ආසාදිතයන් 1553ක් වාර්තා වෙයි කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,553 දෙනකු අද (20) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 20 June 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026