ලෝක මාධ්‍ය නිදහස් දිනයට අගමැතිගෙන් පණිවුඩයක්
ජනතාවට නිවැරදි තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය සුරක්ෂිත කරමින් රටේ සමාජ, සංස්කෘතික හා ආර්ථික අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා මාධ්‍ය නිදහස යෙදාගන්නැයි සියලුම ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටින බව අද (3)ට යෙදෙන ලෝක මාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.