‘‘ගර්භණීන්ට එන්නත් දීම පැහැර ඇරලා‘‘ ගර්භණී මාතාවන්ට කොවිඩ් මර්දන එන්නත් දීම නිලධාරීන් පැහැර හැර ඇති හෙයින් අවදානම් සහගත ගර්භනී මාතාවන් දැඩි අනතුරකට මුහුණ පා ඇතැයි ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සඳහන් කරයි. 22 June 2021
නාවල විශ්ව විද්‍යාලයට උපකුලපතිවරයකු ඉල්ලයි නාවල විවෘත විශ්ව විද්‍යාලයට උපකුලපතිවරයකු පත් කර ගැනීම මේ වන විට අර්බුදයක් බවට පත්ව තිබේ. 22 June 2021
තැපෑලට වාර්තා ගත ආදායමක් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ ඉපයූ වැඩිම මුදල අද (22) වාර්තා කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. 22 June 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 1,320ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,320 දෙනකු අද (22) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 22 June 2021
ගුවන් සේවයයි - රක්ෂණ සංස්ථාවයි කෝප් කමිටුවට ශ්‍රී ලංකා ගුවන් සේවය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් )හමුවට කැඳවීමට තීරණය කළ බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි. 22 June 2021
මිචෙල් බැචෙලේගෙන් තවත් චෝදනාවක් මෙරට පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මියයාම සහ පොලීසිය හා අපරාධ කල්ලි සාමාජිකයින් අතර ඇතිවන ගැටුම්වලදී පුද්ගලයින් මියයාම සම්බන්ධයෙන් තම දැඩි අවධානය යොමුව ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිචෙල් බැචෙලේ මහත්මිය පැවසුවාය. 22 June 2021
‘‘ඩෙල්ටා‘‘ අවදානමක් නිසා මාදිවෙල ප්‍රගතිපුර මාර්ග දෙකක් වහයි ඉන්දීයාවේ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදනය වූ බවට සැක කෙරෙන පුද්ගලයා සොයා ගැණුනු මාදිවෙල ප්‍රගතිපුර ප්‍රදේශයේ මාර්ග දෙකක් වසා දැමූ බව පිටකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 22 June 2021
අකුරැස්ස හිටපු ප්‍ර.සභාපතිගේ පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි නීතිපතිට නොතීසි බාලවයස්කාර දැරියක දූෂණය කරන ලදැයි චෝදනාවට කොළඹ මහාධිකරණයෙන් බරපතල වැඩසහිත වසර 15 ක සිරදඩුවම් ලැබ සිටින අකුරැස්ස ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නැමැත්තා ඇප ඉල්ලා ගොනු කළ ප්රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් කරැණු දැක්වීමට ජූලි 20 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය අද නීතිපතිවරයා නොතීසි නිකුත් කළේය. 22 June 2021
මහාචාර්ය ළමාවංශ තානාපති පුටුවෙන් උපකුලපති පුටුවට රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය එම්.ඩි.ළමාවංශ මහතා පේරාදෙණය විශ්ව විද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස පත් කර තිබේ. 22 June 2021
ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලි දෙකක් ඉල්ලන්න යයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි දෙකක් ඇතුළු අන්තර්ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන ප්‍රධාන තරගාවලි තුනක සත්කාරත්වය සඳහා තරග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළ බව එහි උසස් නිලධාරියකු පැවසීය. 22 June 2021
තලංගම ඩිපෝවේ රියදුරු විවේකාගාරයෙන් උණ්ඩ 26ක් මතුවෙයි තලංගම ඩිපෝවේ රියදුරු සහ කොන්දොස්තර මහතුන්ගේ විවේකාගාරයේ පෞද්ගලික බඩු බාහිර ආදිය තැනැපත් කරන ලාච්චුවක (ලෝකරයක) තිබී ටී 56 උණ්ඩ 26 ක් සිය බාරයට ගත් බව තලංගම පොලීසිය කියයි. 22 June 2021
“නඩු දමනවා කියන්නේ වංචාව වසා ගැනීමටයි’’ රජය මිල වැඩි කරන්නේ නැතැයි පැවසූවත් ගෑස්වලින් වංචනිකව මුදල් ලබා ගැනීම දිගටම කරගෙන යන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අද (22)චෝදනා කරයි. 22 June 2021
නීති කඩන ගෑස් සමාගම්වලට නඩු නීති කඩන ගෑස් සමාගම්වලට විරුද්ධව නඩු පවරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 June 2021
හෙට රාත්‍රී 10.00 සිට පැය 30කට රට වහයි දින තුනක් ඉවත් කර තිබූ සංචරණ සීමාවන් යළි හෙට (23) රාත්‍රී 10.00 සිට ලබන 25 වැනිදා අලූයම 4 තෙක් යළි ක්‍රියාත්කමක වන බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (22) පැවසීය. 22 June 2021
කෝටි ලක්ෂයක භාණ්ඩාගාර බිල්පත් යෝජනාවට මුදල් සභාවේ අනුමැතිය මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත රුපියල් කෝටි ලක්ෂයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සඳහා වන යෝජනාවට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය අද (22) හිමිවිය. 22 June 2021
මිනුවන්ගොඩ ඝාතනයට පහක් පොලිස් දැලේ සරුංගල් ප්‍රශ්නයක් මුල් කරගෙන ඇතිවූ ආරවුලෙන් පසු මිනුවන්ගොඩ කොටගෙදර ප්‍රදේශයේ දී 23 හැවිරිදි එක්දරු පියකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පියකු පුතුන් දෙදෙනකු ඇතුළුපස් දෙනෙකු අද අලුයම අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි. 22 June 2021
නීති විරෝධි ජාවාරම් මඬින්න මෙහෙයුම් දැඩිකරයි නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ පරිසර හානි සිදුකරමින් සිදුකරන නීතිවිරෝධී ජාවාරම් මැඬපැවැත්වීම මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන ලෙසට ආරකෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා දිවයින පුරා විසිරී ඇති ආරක්ෂක සේනා මූලස්ථාන වෙත දැනුම් දී ඇති බව යුද හමුදාව පවසයි. 22 June 2021
‘තෙල් සංස්ථාව විකුණන්නේ නැහැ' ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට කිසිදු පියවරක් ගෙන නැති බවත් එවැනි කටයුත්තකට තමා කිසිවිටෙකත් ඉඩ නොදෙන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ දී අද (22) පැවසීය. 22 June 2021
තෙල් පිරිපහදුව අවට පවුල්වලට රුපියල් ලක්ෂ 20ක වන්දි සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තෙල් පවිත්‍රාගාරයකින් ගංවතුරට තෙල් මිශ්‍රවීමෙන් පීඩාවට පත් ජනතාවට රුපියල් ලක්ෂ 20 කට ආසනන් මුදලක් (රුපියල් 1,933,000) වන්දි ගෙවීමට ඒ පිළිබඳව සොයා බැලීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පත්කළ ත්‍රිපුද්ගල කමිටුව නිර්දේශ කර තිබේ. 22 June 2021
වික්ටෝරියා වේල්ල වටේට භූ කම්පන මාන සවි කරයි සුළු භූ චලන නිරන්තරයෙන් වාර්තා වන වික්ටෝරියා වේල්ල ආශ්රිත ප්‍රදේශවල නව භූ කම්පන මාන 10 ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනිම් කාර්යණීම් කාර්යාංශය පවසයි. 22 June 2021
‘‘යහපාලන ආණ්ඩුව කෝටි 250ක වී සත්ව ආහාරවලට වික්කා‘‘ යහපාලන රජය සමයේදී මිනිස් පරිභෝජනයට සුදුසු හොඳ තත්වයේ පැවති වී මෙට්‍රික් ටොන් 88615 සත්ව ආහාර ලෙස අඩු මිලට විකිණීමෙන් රුපියල් කෝටි 250 කට ආසන්න පාඩුවක් සිදුවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය. 22 June 2021
චීනෙන් වරායට තෑගි දුන් පී.සී.ආර් යන්ත්‍රය තැබූ තැනම පැළවෙයි කොවිඩ් වසංගත තතත්ත්වය හමුවේ කොළඹ වරාය වෙත ප්රදානය කළ නවීන පී.සී.ආර් යන්ත්‍රයක් හා එහි උපකකරණ මාස තුනක පමණ කාලයක් පුරා කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වරාය රසායනාගාරයේ තබා ඇතැයි වරාය ආරංචි මාර්ග පවසයි. 22 June 2021
කෘෂිකර්ම ඇමැතිගෙන් වී මෝල් හිමියන්ට චෝදනාවක් ඇතැම් මහා පරිමාණ මෝල්කරුවන් වී සඟවා රුපියල් බිලියන ගණන් ලාභ උපයන බවත් සහල් කිලෝවකින් රුපියල් විස්සකට වැඩි ලාභයක් ලබන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී අද (22) හෙළි කළේය. 22 June 2021
කොරෝනා පාලනට කෝටි විසිදාහේ පරිපූරකය මැතිසබයට කොරෝනා පාලනය සහ රජයේ අනෙකුත් වියදම් සඳහා අමතර රුපියල් කෝටි විසි දාහක මුදලක් අනුමත කර ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළේය . 22 June 2021
කොවිඩ් පනත ගැන කතානායකගෙන් නිවේදනයක් කොවිඩ් 19 තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු ලැබ ඇති පෙත්සමක පිටපතක් තමාට ලැබී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (22) දැනුම් දුන්නේය . 22 June 2021
කොළඹ සහ රත්නපුර තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා කරයි කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්වල කොළොන්නාව සහ ගොඩකවෙල පොලිස් බලප්‍රදේශවල කොටවල සහ සේරපුර යන ග්‍රාමනිලධාරී වසම් දෙක අද (22) පෙරවරු 6.00 සිට හුදකලා කළ බව ‘කොවිඩ් 19’ පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 22 June 2021
උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය කතානායකට ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි සමගි ජනබලවේගය ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාව අද(22) පෙරවරුවෙහි කථානායකවරයාට භාර දෙනුු ලැබීය. 22 June 2021
‘‘රට කරන්න බැරිනම් කළ හැකි කණ්ඩායමකට දෙන්න‘‘ ජනතාව තව තවත් පීඩාවට පත් නොකර ඉන්ධන මිල අඩුකර ජනතාවට සහන ලබා දීමට ආණ්ඩුව වහාම පියවර ගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 22 June 2021
විපක්ෂ මන්ත්‍රීවරු රථ පෙලපාලියෙන් මැති සබයට ඉන්ධන මිල වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු විවිධ රථ පෙළපාලියකින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයට අද (22) පැමිණියහ. 22 June 2021
කටාරයේ ලාංකිකයින්ගෙන් තවත් ඔක්සිජින් සිලින්ඩර පරිත්‍යාගයක් කටාරයේ වෙසෙන ලාංකිකයින් හා එරට ව්‍යාපාරික ප්‍රජාව විසින් පරිත්‍යාග කළ තවත් ඔක්සිජන් සිලින්ඩර 125ක් සහ ඔක්සිජන් පාලක යන්ත්‍ර 10 ක් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කළ බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. 22 June 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026