‘‘පොස්පේට් සමාගම ලාභ ලබන තත්වයට ගෙනාවේ මම‘‘ වසර ගණනක් තිස්සේ පාඩු ලැබූ ලංකා පොස්පේට් සමාගම යළිත් ලාභ ලබන තත්වයට ගෙන ඒමට තම අමාත්‍යාංශය යටතේ හැකිවූ බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 19 June 2021
කොරෝනා මරණ 2500 සිමාව පසු කරයි කොවිඩ් ආසාදිතවූ තවත් 54 දෙනකු ඊයේ (18) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (19) තහවුරු කළේය. 19 June 2021
උප පොලිස් පරික්ෂක ඇතුළු තිදෙනා රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර රුපියල් කෝටි 51ක් පමණ වීදි වටිනාකමක් ඇති හෙරොයින් කිලෝ ග්‍රෑම් 52 ග්‍රෑම් 728ක් තම මෝටර් රථයෙන් ප්‍රවාහනය කරමින් සිටියදි අත් අඩංගුවට ගත් දකුණු කලුතර පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයා ඇතුලු සැකකරුවන් තිදෙනා වැඩි දුර පරික්ෂණ පැවැත්විම සඳහා 24 දින දක්වා රැඳවුම් බාරයේ තබා ගැනිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(19) සවස පොලිසියට අවසර ලබා දුන්නේය. 19 June 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 1,420ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,420 දෙනකු අද (19) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 19 June 2021
කෝටි විසි දාහක පරිපූරක ඇස්තමේන්තුවක් 22දා මැති සබයට කොරෝනා පාලන කටයුතු සහ රජයේ අනෙකුත් වියදම් සඳහා රුපියල් කෝටි විසිදාහක මුදලක් අනුමත කර ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ලබන 22 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය . 19 June 2021
හමුදා මේජර් පැදවූ මෝටර් රිය පොලිස් මාර්ග බාධකයක ගැටේ යුද හමුදා මේජර්වරයකු පැදවූ මෝටර්යක් බණ්ඩාරගම බොල්ගොඩ පොලිස් මාර්ග බාධකයට අද(19) දහවල් කඩා වැදීමෙන් රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන්වරයකු තුවාල ලබා රෝහල් ගත කළ බව බණ්ඩාරගම පොලීසිය කියයි 19 June 2021
තවත් ක්‍රීඩකයන් 50 කට කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික ගිවිසුමට මේ වන විටත් ඇතුළත්ව සිටින ක්‍රීඩකයන් 24 දෙනාට අමතරව තවත් ක්‍රීඩකයන් 50 කට වාර්ෂික කොන්ත්‍රාත්තුව ලබා දීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියෙකු පැවසීය. 19 June 2021
සමූපකාර ජංගම වෙළඳරථ 1,500 සංචරණ සීමා පැනවීමෙන් ජනතාවට සිදුවන අපහසුතා අවම කිරීම සඳහා දිවයින පුරා සමූපකාර ජංගම වෙළෙඳ රථ 1,500 ක් පමණ ක්‍රියාත්මක වන්නේ යැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. 19 June 2021
ඉන්දීය සැර කොරෝනාව ගැන තවත් පරීක්ෂණ වටයක් ලබන සතියේදී ඉන්ද්රිය සැර කොරෝනා වයිරස ප්‍රභේදය දිවයිනේ තවත් ප්‍රදේශවල පවතී දැයි සොයා ගැනීම සඳහා තවත් පරීක්ෂණ වටයක් ලබන සතියේදී අරඹන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ,ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ලංකාදීපයට පැවැසීය. 19 June 2021
දුම්රියට-ලංගමට කෝටි 68ක පාඩුවක් රට පුරා ක්‍රියාත්මක කෙරෙන සංචරණ සීමා හේතුවෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් කෝටි 68කට වැඩි පාඩුවක් මේ දක්වා ලබා ඇතැයි ඒවායේ ප්‍රධානීහු පවසති . 19 June 2021
බක්කි කරත්තයක නැඟ විරෝධය පෑ සිව් දෙනකු අත්අඩංගුවට තෙල් මිල ඉහල දැමිමිට විරෝධය පල කරන දැන්විම් ප්‍රදර්ශණනය කරමින් බක්කි කරත්තයක නැගි මාගාල්ලේ පාලම අසල සිට ගාල්ල නගරයට පැමිණි සිව් දෙනෙකු බක්කි කරත්තයද සමග අද(19)දහවල් ගාල්ල අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 19 June 2021
ගම්මන්පිල විරෝධය, තෙල් ටැංකි ගන්න හැදුවාට රිටන් එකක්ද? ඉන්ධන මිල වැඩි කිරීම ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව ආණ්ඩුවේම කොටස් වෙතින් ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව දියත් වූ ප්‍රහාරයට ත්‍රිකුණාමලය තෙල් ටැංකි නැවත රජයට පවරා ගැනීමට අමාත්‍යවරයා ගත් උත්සාහය හේතු වූයේ දැයි සැක පහළ වී තිබේ. 19 June 2021
දෙහිවල සතුන් වත්තේ සේවකයෙකුටත් කොරෝනා දෙහිවල සත්වෝද්‍යානයේ සේවකයකුටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වන වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය . 19 June 2021
ලංකාවේ ධීවර නිෂ්පාදන චීනයට යැවීමේදී අලුත් ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවේ සිට චීනය වෙත ධීවර නිෂ්පාදන යවන අපනයනකරුවන් විසින් ලබන ජූලි මස 1 වැනි දින සිට අළුත් කරන ලද චීන සෞඛ්‍ය සහතිකය ඔවුන්ගේ නිෂ්පාදන සමඟ චීන රේගුව වෙත ඉදිරිපත් කළ යුතු බව චීනයේ බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. 19 June 2021
මහාචාර්ය නීලිකා මලවිගේගෙන් පණිවුඩයක් කුමන කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වුවත් එම ආසාදනවලින් බරපතළ සංකූලතා ඇතිවී මියයෑම දැනට මෙරටේ භාවිතා කෙරෙන සියලුම එන්නත්වලින් පැහැදිලිවම වළක්වන්නේ යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවැසුවාය. 19 June 2021
ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යංශය යටතට කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පැවති ලංකා පොස්පේට් සමාගම අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පවරා තිබේ. 19 June 2021
ගාල්ලේ එන්නත් සිද්ධිය පිටුපස කුමන්ත්‍රණයක් ගාල්ලට ගොස් එන්නත් ලබා ගත් බස්නාහිර පළාතේ පිරිස අතර විපක්ෂයේ දේශපාලඥයන්ගේ සමීපතමයන් පිරිසක් සිටින බවට තොරතුරු හෙළිවී ඇතැයි ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය. 19 June 2021
කෝටි 2 කේරළ ගංජා සමඟ අයෙක් නාවික හමුදා බාරයට නිතිවිරෝධි ලෙසින් දකුණු ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ බවට සැක කෙරෙන රුපියල් කෝටි දෙකහමාරකට වැඩි වටිනාකම ඇති කේරළ ගංජා තොගයක් එක් දින ධීවර යාත්‍රාවකින් හලාවතට ගෙන එමින් තිබියදි පුද්ගයකු සමඟ අත් අඩංගුවට ගත හැකි වු බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ඒකකය කියයි. 19 June 2021
‘එක්ස්ප්‍රස් පර්ල්‘ගින්න කාගේ වරදක්දැයි හෙළි කරන්න එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් පසු ආණ්ඩුව විමර්ශන කමිටු හතරක් පත් කළත් වරද කාගේ දැයි සෙවීමට කමිටුවක් පත් නොකිරීම බරපතල සැකයට තුඩු දෙන කාරණයක් බව සමගි ජන බලවේගයේ මැද කොළඹ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය. 19 June 2021
ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයට විරුද්ධව ශ්‍රිලනිපය ඡන්දය දෙන්න යයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ 19 June 2021
ඉන්දීය සැර කොරෝනා වැළඳුණු 5 දෙනා ගැන අලුත් හෙළිදරව්වක් ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ පස් දෙනාම කොරෝනා මර්දන එන්නත ලබා ගත් අය නොවන බවට තොරතුරු හෙළිවී ඇතැයි කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පැවැසීය . 19 June 2021
වදුරඹ බැංකුවක ආරක්ෂක නිලධාරියකු ඇතුළු 6 කට කොරෝනා වඳුරඹ බැංකුවක ආරක්ෂක නිලධාරී හා තවත් 06 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හඳුනා ගත් බැව් වෛද්‍ය නිලධාරි කාර්යා පවසයි. 19 June 2021
මෙරට වයස්ගතම යුද හමුදා සෙබලා දිවි ගමනට සමුදෙයි මෙරට දිවිගෙවු වයස්ගතම යුද හමුදා සෙබලා ඉකුත් 15 වැනිදා සිය දිවියෙන් සමුගත් බව ශ්‍රී ලංකා යුධ හමුදාව පවසයි. 19 June 2021
රන්ජන් බෙහෙත් ගන්න කරාපිටිය රෝහලට එයි අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා වෛද්‍ය සායනයකට ඉදිරිපත් කිරිම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අද(19) උදැසන කරාපිටිය රෝහල වෙත ගෙන එනු ලැබිය. 19 June 2021
අද දින යහපත් කාලගුණයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (19) වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යාකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 19 June 2021
උප පොලිස් පරීක්ෂක කුඩුත් සමග මාට්ටු කළුතර දකුණ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු සුඛෝපභෝගී මෝටර් රථයකින් රුපියල් කෝටි 51 කට අධික වටිනා හොරයින් මත්කුඩු තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී හික්කඩුව බද්දේගම පාරෙදි අද අලුයම අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කියයි. 19 June 2021
කුඩ්ඩන් අල්ලන්න උපකරණයක් මත්කුඩු භාවිතා කර රිය පදවන්නන් හඳුනාගත හැකි උපකරණ ද ඉදිරියේදී පොලීසියට ලබාදෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය, රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. 18 June 2021
කොරෝනා මරණ 55ක් කොරෝනා මරණ 55 ඊයේ (17) දින තුළ වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් තහවුරු කරයි . 18 June 2021
නාවික හමුදාවෙන් තවත් වික්‍රමයක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුරු නාවික විධානයේ ඉංජිනේරු දෙපාර්තමේන්තුව පළමු වරට අලුත්වැඩියා කළ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තුමේන්තුවට හිමි ‘සීජී 405’ යාත්‍රාව ප්‍රධාන අළුත්වැඩියාවෙන් පසුව පසුගියදා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට බාරදුන්නේය. 18 June 2021
කොරෝනා නසන රජයේ නිලධාරිනුත් දීමනාවක් ඉල්ලයි ‘කොවිඩ් 19’ මර්දන රාජකාරියේ නියුතු රාජ්‍ය සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරීන් සහ අභ්‍යාසලාභී පුහුණු උපාධිධාරීන් ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින්ට විශේෂ දීමනාවක් ලබාදෙන සංවර්ධන නිලධාරී සේවා සංගමය මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියි. 18 June 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026