කුඩාවැල්ලේ සිවු පුද්ගල ඝාතනයට යොදාගත් ගිනි අවිය හමුවෙයි කුඩාවැල්ල ධීවර වරායේ සිව් පුද්ගල ඝාතනය සඳහා යොදාගත් බව කියන ටී 56 ගිනි අවිය බෙලිඅත්ත නාකුලුගමුව ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබියදී විශේෂ කාර්ය බලකාය සොයා ගත් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 26 June 2021
එන්නත් ගැන බොරු දැමූ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අත්අඩංගුවට ඇස්ට්‍රා සෙනිකා එන්නතට වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කොට ජනතාවට එන්නත් කරන බවට සමාජ මාධ්‍යවල වීඩියෝවක් මගින් අසත්‍ය ප්‍රකාශ සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 26 June 2021
කොවිඩ් එන්නත් රෝහල් මගින් ලබාදෙන්නැයි යෝජනාවක් කොවිඩ් එන්නත් ලබාදීම හඳුනාගත් රෝහල් මගින් සිදුකරන ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට යෝජනාවක් ඉදිරිපත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැවසීය. 25 June 2021
කොවිඩ් මරණ තවත් 48ක් කොවිඩ් ආසාදිතවූ තවත් 48 දෙනකු ඊයේ (24) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළේය. 25 June 2021
කුඩු පැකට් 97ක් සමග පී.සී සැකපිට මත් කුඩු පැකට් 97ක් සමග පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කියයි. 25 June 2021
පාරේ වැටි මියගිය පියාට කොරෝනා අම්බලන්ගොඩ තිලකපුර මහා මාර්ගයේ ගමන් ගනිමින් සිටියදී ඇද වැටී මියගිය පුද්ගලයකු කොරෝනා ආසාධනයවී ඇති බවට අද (25) තහවුරුවූ බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කර්යාලය කියයි. 25 June 2021
අම්මයි,තාත්තයි පුතයි කොරෝනාවෙන් මරුට අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ පුතකු කෙරෝනා වයිරසය ආසාදනය වී මියගොස් ඇති බව පේරාදෙණිය මුරුතලාව මහජන සෞඛ්‍ය පරික්ෂක කපිල වික්‍රමනායක මහතා පවසයි. 25 June 2021
ආයෝජන කලාපවල සේවකයන්ට එන්නත් දීමට යුද හමුදාව කොළඹින් පිට ආයෝජන කලාපවල සේවකයන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීම යුද හමුදාවේ වෛද්‍ය බළකායේ නිලධාරීන් විසින් අද (25) ආරම්භ කරනු ලැබූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය. 25 June 2021
‘‘සියලු අභියෝග ජයගෙන ජනතාවගේ අරමුණු ඉටු කරනවා‘‘ කොරෝනා වසංගතය බැරෑරුම් අභියෝගයක් වුවත් ඒ අභියෝගය බාර ගෙන ජනතාවගේ අරමුණු ඉටු කිරීමට හැකි උපරිමයෙන්ම කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් මීට සුළු මොහෝතකට පෙර ප්‍රකාශ කළේය. 25 June 2021
පුතාගේ පොලු පහරින් පියා මරුට බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ පියකු සහ පුතකු අතර ඇතිවූ බහින් බස් වීමකින් අනතුරුව පුතා එල්ල කළ යකඩ පොලු පහරකින් පියා මරණයට පත්ව ඇතැයි බේරුවල පොලිසිය කියයි 25 June 2021
හමුදා ට්‍රක් රථය පෙරළී සෙබළු දෙකක් මරුට මඩකලපුව චෙන්කලඩි කළු පාලමෙන් පහළට යුද හමුදා ට්‍රක් රථයක් පෙරළීමෙන් එහි ගමන් ගත් හමුදා හමුදා සෙබළුන් දෙදෙනකු ජිවිත්ක්ෂයට පත්ව තවත් සිව්දෙනකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 25 June 2021
පළාත් අතර සංචරණ සීමා දිගටම පළාත් අතර සංචරණ සීමා දිගටම ක්‍රියාත්මක කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය. 25 June 2021
කොවිඩ් ආසාදිතයන් තව 1,239ක් කොරෝනා ආසාදිත තවත් රෝගීන් 1,239 දෙනෙක් අද (25) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2,49,289 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 25 June 2021
රඹුක්කනදී අක්කයි - මල්ලී මා ඔයට බිලි රඹුක්කන බොලගම ප්‍රදේශයේදී මා ඔයේ දිය නෑමට ගිය අක්කා මලෝ දෙදෙනකු සැඩපහරට ගසාගෙන ගොස් ඇති අතර මල්ලි මිය ගොස් අක්කා අතරුදහන්ව ඇතැයි රඹුක්කන පොලිසිය කියයි. 25 June 2021
කොවිඩ් ඩෙල්ටා ආසාදිතයන් සමාජයේ තවත් සිටිය හැකියි ඉන්දියාවෙන් වාර්තා වූ ‘ඩෙල්ටා’ කොවිඩ් ප්‍රභේදය ආසාදිත පස්දෙනකු වාර්තා වූයේ අහඹු ලෙස සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකින් නිසා සමාජය තුළ එම ප්‍රභේදය ආසාදිත තවත් රෝගීන් සිටිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය පැවසුවාය. 25 June 2021
විවෘත විශ්ව විද්‍යාල සහකාර අධ්‍යක්ෂවරියගේ පෙත්සම ඉවතට විශේෂ අවශ්‍යතා පශ්චාත් ඩිප්ලෝම විභාගයට පෙනී සිටීමට සිය සැමියාට රහසිගතව අවසර ලබාදුන් විවෘත විශ්ව විද්‍යාලයේ සහකාර අධ්යක්ෂවරියක සේවයන් නෙරපීමට එරෙහි ඉදිරිපත් කළ පෙත්සමක් අභියාචනාධිකරණය අද ඉවත දැමීය. 25 June 2021
බිෂොප් නිවසින් ළමා රෝහලට වෛද්‍ය උපකරණ කොරෝනා වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා අවශ්‍ය උපකරණ තොගයක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ලබාදීම මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් අතින් බොරැල්ල අගරදගුරු නිල නිවසේදී අද (25) සිදුකෙරිණි. 25 June 2021
ඡන්ද නීති වෙනස් කරන කමිටුවට මන්ත්රීවරියන්ගෙනුත් යෝජනා පාර්ලිමේන්තු මහා මැතිවරණය ඇතුළු සියලු මැතිවරණවලදී කාන්තා නියෝජනය 30 % සිට 70% දක්වා වැඩි කිරීම සහතික කළ යුතු යැයි සඳහන් යෝජනාවක් මැතිවරණ හා ඡන්ද විමසීම් නීති රීති ප්‍රතිසංස්කරණය සඳහාවන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය තීරණය කර ඇත . 25 June 2021
හොර අවි සමග තිදෙනෙක් අඟුලානෙන් මාට්ටු හිටපු පොලිස් සහායකයකුගේ මොරටුව අඟුලාන දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි නිවසක සඟවා තිූ අත් බෝම්බ, කිනිසි, ඇතුළු ආයුද රැසක් සමග තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 25 June 2021
රජයේ ලොකු පුටු 6ක් පිරවීමට අනුමැතිය රජයේ ඉහළ තනතුරු හයක පුරප්පාඩු පිරවීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමි වී ඇත . 25 June 2021
කොරෝනා එන්නත් දුන් ඇඟළුම් සේවිකාවන් 25කට ක්ලාන්තය කොරෝනා එන්නත් දීමෙන් පසුව ඇති වූ ආසාත්මිකතාවක් හේතුවන් කිලිනොච්චියේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් 25 කට ආසන්න පිරිසක් අද (25) උදෑසන කිලිනොච්චිය රෝහලට ඇතුලත් කළ බව කිලිනොච්චිය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි. 25 June 2021
පෝරකය ළඟ සිටින සිරකරුවන් තවත් 260 කට ලොකු තෑග්ගක් මරණීය දණ්ඩනය නියමව සිටින සිරකරුවන් 260 දෙනෙකුට ආසන්න පිරිසකගේ එම දඬුවම ඉතාම ඉක්මනින් ජීවිතාන්තය දක්වා අඩු කිරීමට කටයුතු යොදා ඇතැයි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ලංකාදීපයට පැවැසීය. 25 June 2021
ගුරුවරුන්ගේ තාවකාලික ස්ථානමාරුවීම් දීර්ඝ කරන්න අවසර කොවිඩ් වසංගතය හේතුවෙන් මේ වන විට සිය නිවස ආසන්න ජාතික පාසල්වලට තාවකාලිකව අනුයුක්තව සේවය කරන ගුරුවරුන් සදහා එම සේවා කාලය තවදුරටත් දීර්ඝ කරගැනීමට හැකියැයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි. 25 June 2021
නාරම්මල අධිවේගයේ අනතුරේ තිදෙනකු පොලිසියට බාර වෙයි ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ වදාකඩ සහ පොතුහැර අතර කොටසට අනවසරෙන් ඇතුළු වූ බවට චෝදනා එල්ල වූ පුද්ගලයන් තිදෙනකු අද (25) පෙරවරුවේ පොලිසියට බාර වූයේ යැයි පොලිසිය පැවසීය. 25 June 2021
විදෙශ ගමන් බලපත් ගන්න නව ක්‍රමයක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ඇතුළු ප්‍රාදේශීය කාර්යාල පහ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමන කරමින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන්නේ යැයි ආගමන විගමන පාලක ජනරාල්වරයා පවසයි. 25 June 2021
ධීවර අමාත්‍යංශයේ සහකාර අධ්යක්ෂවරයකු කොරෝනාවට බිලි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික්කය භාර සහකාර අධ්‍යක්ෂක රෝහිත ඇන්සලම් මහතා කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. 25 June 2021
‘‘කාබනික පොහොර නිෂ්පාදනයට සිරකරුවන් යොදාගන්නවා‘‘ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා සිරකරුවන් යොදා ගැනීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය. 25 June 2021
නැගෙනහිර ඈත මුහුදේ නැවක ගින්නක් කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගිය භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 480 ක් ඈතින් මුහුදේ අද (25) පෙරවරුවේ ගිනිගැනීමකට ලක්ව ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය. 25 June 2021
ගිලන් රථ අනතුරින් තුවාල වූ සෞඛ්‍ය සේවකයාට කොරෝනා වලස්මුල්ල මූලික රෝහලට අයත් ගිලන් රථයක් හක්මන දෙනගමදී තාප්පයක ගැටිමෙන් වූ අනතුරෙන් තුවාල ලැබූ සෞඛ්‍ය සේවකයන් හතර දෙනාගෙන් එක් සේවකයකු කොරෝනා ආසාදිතයකු ලෙස හදුනාගත් බව සෞඛ්‍ය අංශ කියයි. 25 June 2021
‘අස්ට්‍රාසෙනිකා ගැටලුව විසඳන්න විද්වත් කමිටුව ලබන සතියේ රැස්වෙයි‘ අස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ගත් අයට දෙවෙනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දිය හැකි දැයි නිර්දේශ කිරීම සඳහා එන්නත් පිළිබඳ විද්වත් කමිටුව ලබන සතියේදී රැස්වීමට නියමිතය . 25 June 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026