පළාත් රැසකට අදත් වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (28) දින විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 28 June 2021
පස්සර වරාදොල දරුවෝ ඔන්ලයින් නැතිව හූල්ලති පස්සර සහ බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මැදිව පිහිටි පස්සර වරාදොල ගම්මානයේ දරුවෝ ඔන්ලයින් පහසුකම් නොමැති දැඩි අපහසුතාවට පත්ව සිටිති . 28 June 2021
පිස්සු බල්ලෙක් මොරවක රෝහලක කොරෝනා වාට්ටුවට පැන යකා නටයි මොරවක කොස්නිල්ගොඩ රජයේ රෝහලේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට පැනපු පිස්සු බල්ලකු එහි ප්රතිකාරලබමින් සිටි කොරෝනා ආසාදිත කාන්තාවන් තිදෙනකු සපා කෑම නිසා එම රෝහල තුළ දැඩි කලබලයක් ඇති විය. 28 June 2021
රාජාංගනයේ ගෙවිලියෝ අලුත් වැඩකට අත ගසති රාජාංගනය ප්‍රදේශයේ ගෙවිලියෝ පිරිසක් පරිසරයට අහිතකර අලි මානා , ජපන් ජබර, යෝධ නිදිකුම්බා ආදීයෙහි පත්රොවලින් මෙන්ම බඩඉරිඟු ශාකයෙන් ඉවතලන ද්‍රව්‍ය ,කෙසෙල් කඳන් ආදිය උපයෝගී කරගෙන අත් කඩදාසි නිපදවීමේ කටයුත්තක සාර්ථකව නිරතව සිටිති. 28 June 2021
ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත් ’’මොඩර්නා ’’ එන්නත් ලක්ෂ දහයක් ඇමරිකාවේ නිෂ්පාදනය කරන මොඩර්නා නැමැති කොරෝනා මර්දන එන්නතේ මාත්‍රා ලක්ෂ 10ක් මෙරටට ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කැමැත්ත පළකර ඇත. 27 June 2021
පළාත් පාලන ආයතනවලට එජාප නවක මන්ත්‍රිවරු 69ක් හෙට දිවුරති සමගි ජන බලවේගයට සහය දැක්වීම නිසා පක්ෂයෙන් ඉවත් කෙරුණු මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වෙනුවට පත් කෙරුණු නවක මන්ත්‍රීවරු හෙට(28) සඳුදා සිය ධුර වල දිවුරුම් දෙති. 27 June 2021
මේ සතියේ රට රටවල කොරෝනා වාර්තාව ජූනි 27 වැනි දා අවසන් වූ සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 27 June 2021
පාර ප්‍රමිතියකට නැතැයි රිදිමාලියද්දේ ප්‍රා.සභාපති - ගම්වාසීහු ගැටෙති රිදීමාලියද්ද පින්නගොල්ල සිට වීරගොල්ල ගම්මානය හරහා ඉදිවෙන කිලෝ මීටර් 04ක මාර්ගය කිසිදු ප්‍රමිතියකින් තොරව සිදු කරන බව කියමින් එම ගම්වාසීන්ගේ නිහඬ විරෝධතාවක් අතර තුර එම ස්ථානයට ආ රිදිමාලියද්ද ප්‍රාදේශීය සභා සභාපතිවරයා සහ උද්ඝෝෂකයන් අතර දැඩි උණසුම් වචන හුවමාරුවක් ඇති වූහ. 27 June 2021
බැසිල් මැති සබයට ගේන්න පසුපෙළ මන්ත්‍රිවරු කඳවුරු බඳිති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ ,හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉතා ඉක්මනින්ම පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බවට ඔහුගෙන් ඉල්ලීමක් කිරීමට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු අද රැස්වී තීරණය කළහ. 27 June 2021
කොරෝනා මරණ 39ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 39 දෙනකු ඊයේ (26) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (27) තහවුරු කළේය. 27 June 2021
කොරෝනා ආසාදිතයන් 1245 වාර්තා වෙයි කොරෝනා ආසාදිත තවත් රෝගීන් 1,245 දෙනෙක් අද (27) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2,52,996 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 27 June 2021
මතට ඇබ්බැහි වූ පොලිසියේ දෙකකගේ සේවා නවතයි මත්ද්‍රව්‍ය සහ ගංජාවලට ඇබ්බැහි වූ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ සේවා තහනම් කළ බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. 27 June 2021
බස්නාහිර පළාත තුළ දුම්රිය ගමන්වාර 70වක් හෙට සිට බස්නාහිර පළාත තුළ හෙට (28) සිට දුම්රිය ගමන් ගමන්වාර හැත්තෑවක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 27 June 2021
‘‘කාබනික පොහොර භාවිතයට තැබූ පියවර කිසිවිටෙකත් පසුපසට ගන්නේ නෑ‘‘ රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතා කිරීම සඳහා ගත් පියවර කිසිවිටෙකත් පසුපසට ගන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහා නායක හිමියන් ප්රමුඛ මහා සංඝරත්නය හමුවේ අද සඳහන් කළේය. 27 June 2021
පොලීසියේ හොරු අල්ලන්න අලුත් ඒකකයක් පොලිස් නිලධාරීන්ගේ විනය විරෝධී ක්‍රියා සොයා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිසියේ වෙනම විමර්ශන ඒකකයක් පිහිටුවීමට තමා බලාපොරොත්තු වන බව ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. 27 June 2021
‘‘ජනපති ජාතිය ඇමතීමේන් සිදු වුණේ අසමත්කම ප්‍රදර්ශනය වීමයි‘‘ දුෂ්කර කාලයේ දී ජනතාව ජනාධිපතිවරයාගෙන් නායකත්වය සහ අනාගතය ගැන බලාපොරොත්තුවක් අපේක්ෂා කරන අතර ජනාධිපතිවරයා තම අඩුපාඩුකම් වසා ගැනීමට ජනතාවට දොස් පවරමින් අවාසනාවන්ත ලෙස අසමත් බව ප්‍රදර්ශනය කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය නිවෙිදනයක් නිකුත් කරමින් පවසයි. 27 June 2021
ගාල්ල සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයෙන් බස්නාහිර 425කට එන්නත් දීලා ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේදි ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයන් 632 දෙනාගෙන් 425 දෙනකුම බස්නාහිර පළාතෙන් පැමිණි අය බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා ගාල්ල පොලීසියට ලබා දුන් නාම ලේඛනයේ සඳහන් වන බව වාර්තා වෙයි. 27 June 2021
අලුත්ගම සතොස තාවකාලිකව වසයි අලුත්ගම සතොස ශාඛාවේ කළමනාකාරවරයා ඇතුළු තවත් සේවකයකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට සතොස ශාඛාව තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 27 June 2021
කුඩ්ඩෝ හතරක් කුරුණෑගල බන්ධනාගාර සිර මැදිරියෙන් පනිති කුරුණෑගල බන්ධනාගාර සිර මැදිරියේ තාවකාලිකව රඳවා සිටි මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුවන් සිවු දෙනකු අද අලුයම පලාගොස් ඇති බව කුරුණෑගල පොලීසිය පවසයි. 27 June 2021
උපාධිධාරීන්ට පොලිස් පරීක්ෂක තනතුරු උපාධිධාරීන් කෙලින්ම ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරුවලට බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. 27 June 2021
රට රැකියාවට යන අයට කඩිනමින් කොරෝනා එන්නත් විදෙස් රැකියා සඳහා දිවයිනෙන් පිටත්ව යන ශ්‍රමිකයන්ට කඩිනමින් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට රජය අනුමැතිය හිමිව ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. 27 June 2021
සීමා යටතේ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතන අරී ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ශාඛා රජය පනවා ඇති සංචරණ සීමාවන්ට යටත්ව හෙට (28) සිට විවෘත කරන බව එහි සභාපති වෛද්‍ය සචින්ද්‍ර ගමගේ මහතා පවසයි. 27 June 2021
පෝරකයට නියම වූ සිරකරුවෝ 10ක් බන්ධනාගාර වහළට නඟිති මරණීය දණ්ඩනය නියම වූ සියළුම සිරකරුවන්ට එම දඬුවම ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් වශයෙන් ලබා දෙන ලෙසට ඉල්ලමින් වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් දස දෙනකු නැවතත් අද උදෑසන සිට වැලිකඩ බන්ධනාගාර වහළය මත නැගී උපවාසයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. 27 June 2021
එළවළු බෙදන්න බලපත් ගෙන කුඩු ඇද්ද දෙකක් මාට්ටු එළවළු ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබාගෙන එම බලපත්‍ර අවභාවිතා කරමින් කැබ් රථයකින් මත්කුඩු ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනකු මැදිරිගිරිය කළගෙඩි පාලම අසලදී මත්කුඩු ග්‍රෑම් 3 මිලි ග්‍රෑම් 60 සමඟ අද අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලිසිය කියයි. 27 June 2021
දහම් පාසල් අධ්‍යාපනය ඔන්ලයින් හරහා කොරෝනා වසංතය හේතුවෙන් නැවැතී ඇති දහම් පාසල් අධ්‍යාපනය, ‘ඔන්ලයින්’ තාක්ෂණය ඔස්සේ ලබාදීමේ විශේෂ වැඩසටහනක් අද සිට ආරම්භ කළ බව දහම් පාසල් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා පවසයි. 27 June 2021
කොළඹ පිරිසකට ඇස්ට්‍රා සෙනිකා හෙට සිට කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් පළමු මාත්‍රාව ලබාගත් වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දෙවන මාත්‍රාව ලබාදීම හෙට (28) සිට සිදුකරන බව කොළඹ මහ නගර සභාව පවසයි. 27 June 2021
කොරෝනා ආසාදිතයෙක් රෝහලෙන් පැන යයි කොරෝනා වයිරසය වැළඳී නාගොඩ රෝහලේ නේවාසිකව ප්‍රතාකාර ලැබූ තරුණයක් රෝහලෙන් පැන ගොස් ඇතැයි පොලිසිය කියයි . 27 June 2021
රජයේ රෝහල්වලින් එන්නත ලබාදීමට වැඩපිළිවෙලක් දිවයිනේ සියලුම රජයේ රෝහල්වලින් කොරෝනා මර්දන එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළක් ළඟදීම අරඹන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය . 27 June 2021
වැඩිමිලට සහල් විකුණන්නන්ට වැඩ වරදී රජයේ පාලන මිල ඉක්මවමා සහල් අළෙවි කරන පුද්ගලයන් සඳහා වන දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දැමීමට නීති සංශෝධනය කරන්නේ යැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 27 June 2021
කෝටි 3ක කේරළ ගංජා-මත්පැන් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට කිලිනොච්චිය පුනරීන් සීතාකුඩිඉරිප්පු කලපුව ප්‍රදේශයේදී රුපියල් කෝටි 3 කට ආසන්න වටිනාකමින් යුතු කේරල ගංජා සහ නිතිවිරෝධී මත්පැන් තොගයක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට යුදහමුදාව පවසයි. 27 June 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026