දිස්ත්‍රික්ක හතරක වසම් හයක් වහයි දිස්ත්‍රික්ක හතරකට අයත් ග්‍රාම සේවා වසම් හයක් අද අලුයම සිට හුදකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශ්වේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 11 May 2021
නිරෝධායන නීති කැඩු 548 අත්අඩංගුවට නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 548 දෙනකු ගතවූ පැය 24 තුළ දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 11 May 2021
ඉදිරි 24 පැයේ කාලගුණය සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත්වලත් ගාල්ල, මාතර, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 11 May 2021
කොරෝනා මරණ තව 26 ගත වූ 24 පැයේ කොරේනා ආසාදිත මරණ 26 වාර්තා වී ඇතැයි සෞඛ්‍ය වාර්ත සඳහන් කරයි. ඒ අතර මාස තුනක බිළිඳියක ද සිටින බව වාර්තා වෙයි 11 May 2021
කවුන්සිලේ 14ක් පැමිණීමෙන් කප් ගහල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 දෙනාගෙන් සියලු මැති සභා රැස්වීම්වලට පසුගිය කාලයේ සහභාගි වී ඇත්තේ මන්ත්‍රීවරුන් 14 දෙනකු පමණකැයි එම මන්ත්‍රීවරුන්ගේ කාර්ය සාධනය නිරන්තරෙන් විමර්ශනයට ලක්කරන මන්ත්‍රී .ඩොට්.එල්.කේ වෙබ් අඩවිය පවසයි . 11 May 2021
සැර වයිරස ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයන්න බුද්ධි අංශය රට පීරයි බ්‍රිතාන්‍ය සැර කොරෝනා වයිරස ප්‍රභේදය (බී .117 ) ආසාදනය වූ රෝගීන්ගේ සමීපතම ආශ්‍රිතයන් සොයා බුද්ධි අංශ නිලධාරීන් දෙසීයකට ආසන්න පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් විමර්ශන අරඹා ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. 11 May 2021
ඉටුකම අරමුදලේ මුදල් එන්නත්කරණයට යොදවයි කොවීඩ් -19 ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය එන්නත් කරණය සඳහා යෙදවීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. 10 May 2021
දුම්රිය ධාවනය ගැන තීරණය හෙට පළාත් පළාත් අතර සංචරණ සීමා පැනවීමට රජය ගත් තීරණයත් සමඟ දුම්රිය සේවා සම්බන්ධයෙන් තීරණයක් හෙට ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 10 May 2021
ලංගම දුරගමන් සේවා නවතී සියලු පළාත් අතර සංචරණ සීමා පැනවීමට රජය ගත් තීරණයත් සමඟ දුර ගමන් සේවා බස් රථ සීමාකිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි. 10 May 2021
පළාත් අතර සංචරනය මැයි 30තෙක් බෑ කොවිඩ් 19 වසංගතය පිටුදැකීම සඳහා සියලු පාර්ශවයන් සමග පැවැත් වූ සාකච්ඡාවෙන් පසු පළාත් අතර සංචරන සීමා පැනවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 10 May 2021
එතෙර අරක්කු මෙරටදී හදා තරු පහේ හෝටල්වලට දීලා පිටරට නිෂ්පාදිත අරක්කුවලට සමාන අයුරින් විවිධ රසායනික ද්‍රව්‍ය යොදා අරක්කු නිෂ්පාදනය කළ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු අම්බලන්තොට මයුරපුර සිංහ ගම්මානයෙන් අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය කියයි. 10 May 2021
අවිශ්කගේ ක්‍රිකට් තහනම ඉවතට හිටපු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු අවිෂ්ක ගුණවර්ධනට පනවා තිබූ තහනම ඉවත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) තීරණය කර තිබේ. 10 May 2021
මාවතගම හිටපු පොලිස් ස්ථානාධිපතිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් නීතියට පටහැනි අයුරින් තමා වාරියපොළ පොලිස් ස්ථානාධිපතිවරයා හැටියට ස්ථාන මාරු කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සදහන් කරමින් , වහාම එම ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ඉල්ලා මාවතගම හිටපු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සිසිල සේනාධීර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. 10 May 2021
දිවුලපිටියෙන් අද දින ආසාදිතයෝ 140ක් දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයෙන් අද දින කොරෝනා ආසාදිතයන් 140නකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 10 May 2021
ඒක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් තහංචියක් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයින්ට හෙට ( 12) සිට සිය රටට ඇතුළු වීම තහනම් කිරීමට ඒක්සත් අරාබි එමීර් රාජ්‍යය රජය තීරණය කර ඇත. 10 May 2021
කරාපිටියට ගෙනා සිරුරු 20න් පහකට කොරෝනා කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට පශ්චාත් මරණ පරික්ෂණ සඳහා යොමු කළ සිරුරු විස්සෙන් පහක්ම කොරෝනා ආසාදිතව මියගිය අයගේ මළ සිරුරු බවට තහවුරු වූ බව කරාපිටිය රෝහලේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් පී.රුවන්පුර මහතා පවසයි 10 May 2021
කොරෝනා ආසාදිතයෝ තවත් 1581 කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1581 දෙනෙක් අද (10) දිනයේ දී වාර්තාවූහ. 10 May 2021
බදුල්ල ප්‍රාදේශීය සභාව වසයි කෝවිඩ් වයිරසය පැතිර යාමේ අවධානමක් හේතුවෙන් බදුල්ල ප්‍රාදේශීය සභාව අද පස්වරුවේ සිට ලබන 17වන දින තෙක් වසා දැමූ බව බදුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති රම්‍යසිරි මන්තිලක මහතා පවසයි . 10 May 2021
ස්පුට්නික් වී එන්නත් මහබුත්ගමුවට රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ මහබුත්ගමුව මහජන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසයේ පදිංචිකරුවන්ට ලබාදීම අද කොහිලවත්ත පියදස්සිනාරාම විහාරස්ථානයේදී සිදුකෙරිණ. 10 May 2021
මැතිසබේ රැස්වීම මේ සතියෙත් දින දෙකයි කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුව ලබන සතියේද දින දෙකක් පමණක් රැස් වනු ඇතැයි එහි නිලධාරීහු පවසති. 10 May 2021
‘‘කොරෝනා මර්දන බලතල ජනාධිපති සහ කැබිනට් මණ්ඩලය ගත යුතුයි‘‘ ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය කොරෝනා මර්දනය සම්බන්ධයෙන් සම්පූර්ණ බලතල ගෙන දැන්වත් ජනතාවගේ ජීවිත බේරා ගත යුතුව ඇතැයි‘‘ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 10 May 2021
නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක අතර සංචරණ සීමා පනවයි කොරෝනා රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ අරමුණින් නැගෙනහිර පළාතේ දිස්ත්‍රික් අතර සංචරණ සීමා පැනවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ආරක්ෂක අංශ වෙත නියෝග කළේය. 10 May 2021
‘‘රට සම්පූර්ණයෙන් වහන්නේ නෑ:පළාත් අතර සංචරණ සිමා පැනවිය හැකියි‘‘ පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ඉදිරියේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමේ සූදානමක් පවතින බව කොවිඞ් පාලන මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 10 May 2021
දක්ෂිණ අධිවේගයේ වසා දැමූ පිවිසුම් 15 අරී දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොවිඩ් අවදානම හේතුවෙන් වසා දැමුණ කොට්ටාව,කඩුවෙල හෝ කොතලාවල පිවිසුම් ලබන 15 වැනිදා සෙනසුරාදා විවෘත කිරීමට බලාපොරොත්තු වන බව එම මාර්ගයේ නඩත්තු හා කළමනාකරණ අංශයේ අධ්යක්ෂ ජේ.එන්.ලොඩ්වික් මහතා පැවසීය. 10 May 2021
‘‘අඩුම තරමේ දිස්ත්‍රික්ක අතරවත් සංචරණ සීමා පනවන්න‘‘ දින කිහිපයකට හෝ රට වසා තැබීමට කටයුතු කළ නොහැකිම නම් අඩුම තරමේ දිස්ත්‍රික් අතර සංචරණ සීමා පැනවීමට වත් ක්‍රියා කරන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි. 10 May 2021
මොනරාගල කඩ සතියක් වහයි මොනරාගල නගරය සියලු කඩ සාප්පු අනිදා සිට සතියක කාලයක් වසා තැබීමට මොනරාගල ප්‍රාදේශීය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ප්‍රාදේශීය කෝවිඩ් කමිටුවේ දී තීරණය කළ බව මොනරාගල ප්‍රාදේශීය සභා සභාපති ආර්.එම්. රත්නවීර මහතා පවසයි. 10 May 2021
රජයේ කාර්යාලවලට සේවක සීමාවක් රජයේ කාර්යාල සහ සේවා ස්ථානවලට ඒවා පිහිටි දිස්ත්‍රික්කවලට පිටත දිස්ත්‍රික්ක වලින් සේවකයන් කැඳවීම සීමා කරන්නැයි ආයතන ප්‍රධානීන්ට උපදෙස් නිකුත් කර ඇති බව කොවිඩ්19පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 10 May 2021
කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව 96546කට දීලා කොරෝනා මර්දන කොවිෂීල්ඞ් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයන් 96,546කට එන්නත් කර ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි. 10 May 2021
‘‘කෝවිඩ් නසන්න හැමෝම එකතු වෙමු‘‘ කොවීඩ් වසංගතයෙන් රට බේරා ගැනීම සඳහා සියලු පක්ෂ සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික සමුලුවක් කැඳවන්නයි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළහ. 10 May 2021
කොරෝනා මර්දනයට සෞඛ්‍යයෙන් දැඩි තීන්දු කොරෝනා වයිරසය සීඝ්රයෙන් පැතිර යාම හේතුවෙන් එය මර්දනය කිරීම සඳහා දැඩි තීන්දු තීරණ කිහිපයක් ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. 10 May 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026