එන්නත් කරණයට යුද හමුදාවත් බස්නාහිර පළාතේ එන්නත්කරන වැඩපිළිවෙළ සඳහා ත්‍රිවිධ හමුදාවේ වෛද්‍ය කණ්ඩායම්ද පළමු වරට සම්බන්ධ වූයේය. 11 May 2021
නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හයකට කොරෝනා ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් 6 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශයේ කොවිඩ් මෙහෙයුම් අංශයේ අධ්යක්ෂ ජනරාල් බී. කාන්දීබන් මහතා පවසයි. 11 May 2021
සුරාසල් සවස හයෙන් පසුව බෑ ’කොවිඞ් 19’ අවදානම් තත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂණ පියවරක් ලෙස සියලූම මත්පැන් අළෙවිසල් අද සිට නැවත දැනුම් දෙන තෙක් පස්වරු 6.00 ට වැසිය යුතු යැයි කොවිඞ් පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 11 May 2021
කසිප්පු පැකට්ටුවට පියා මරයි අලෙවි කිරීමට සූදානම් කර තිබූ කසිප්පු පැකට්ටුවක් පානය කළැයි උරණ වූ පුතකු තම පියාට පහරදී මරාදමා ඇතැයි වරකාපොළ පොලිසිය කියයි. 11 May 2021
පේරාදෙණියේ උපාධි ප්රදානෝත්සවය කල්යයි එළඹෙන ජූනි මස 08,09, සහ 10 යන දිනවල දී පැවැත්වීමට නියමිතව තිබූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි ප්රදානෝත්සවය රටේ පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් කල් දැමීමට තීරණය කළ බව එම විශ්වවිද්‍යාලයේ නිවේදනය කර සිටී . 11 May 2021
ශානි ඇප ඉල්ලා ගොනු කළ පෙත්සම 19 වැනිදා විභාගයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ගොනු කර ඇති ප්රතිශෝධන පෙත්සම ලබන 19 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කළේය. 11 May 2021
අද පළමුවටයෙන් ආසාදිතයෝ 1225 ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1225 දෙනෙක් අද (11) දිනයේ දී වාර්තාවූහ. 11 May 2021
කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යලය දින දෙකක් වහයි කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සහ ප්‍රාදේශීය කාර්යාලවල සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිපාදන ගෙවීමේ අංශය හෙට සහ අනිද්දා තාවකාලිකව වසා දමා ඇත. 11 May 2021
රට රටවල කොරෝනා කොරෝනා වයිරසය ලොවපුරා රටරටවලින් වාර්තා වූ ආකාරය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා කටයුතු කර ඇත. 11 May 2021
සංචරණ නීති දැඩි කරයි පළාත් අතර සංචරණ සීමා පවතින තත්වය සැලකිල්ලට ගෙන ඉතා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී , යුද හමුදාපති ජනරාල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 11 May 2021
මැතිසබේ භාෂා පරිවර්තන නිලධාරියෙක්ට කොරෝනා පාර්ලිමේන්තු භාෂා පරිවර්තන අංශයේ නිලධාරියකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි එහි ආරංචි මාර්ග කියයි . 11 May 2021
නිරෝධායනය කඩා සාදයක් පැවැත් වූ තරුණියක් අත්අඩංගුවට නිරෝධායන නීති උල්ලංඝනය කරමින් යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවැත්වූ තරුණියක අත්අඩංගුවටගත් බව නෙල්ලිඅඩි පොලිසිය පවසයි. 11 May 2021
දුම්රියෙන් පාර්සල් බෙදිම තාවකාලිකව නතර කරයි දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමය ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පවසයි. 11 May 2021
දුම්රියේ 25කට කොරෝනා ආසාදනය වෙයි කොවීඩ් තුන්වන රැල්ලේ ආරම්භයේ සිට මේ දක්වා දුම්රිය සේවකයන් 25 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනා ගමන) ගාමිණී සෙනවිරත්න මහතා පවසයි. 11 May 2021
ව්‍යාජ චෙක්පත් වංචාවේ සැකකරුවෙක් අත්අඩංගුවට මෙරට ප්‍රධාන පෙළේ වානේ කම්බි නිෂ්පාදන සමාගමකට අයත් පෞද්ගලික බැංකු ගිණුමකින් ව්‍යාජ චෙක්පත් ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 430 ක මුදලක් වංචා කළ සංවිධානාත්මක කණ්ඩායමේ තවත් සැකකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි 11 May 2021
සියලු පොලිස් නිලධාරින්ගේ නිවාඩු අවලංගුයි දිවයිනේ සියලු පොලිස් ස්ථානවල සේවය කරන සියලු නිලධාරීන්ගේ නිවාඩු අද සිට මැයි 31 දක්වා අවලංගු කළ බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. 11 May 2021
දුම්රිය ධාවනයත් බස්නාහිර පළාත තුළ පමණයි පළාත් අතර සංචරණය සීමා කිරීමත් සමග දුම්රිය ධාවනය ද ඒ අනුව පවත්වාගෙන යෑමට අද පැවැති සාකච්ඡාවේ දී තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පවසයි. 11 May 2021
කොරෝනා නීති කැඩු සුපිරි වෙළෙඳහලට වැඩ වරදි හුදකලා නීති ගණනකට නොගෙන පිළියන්දල මාවිත්තර ප්‍රදේශයේ සුපිරි වෙළඳසලක කොරෝනා නීති උල්ලංඝණය ගණන් නොගෙන සේවය කළ සේවක සේවිකාවන් තිස් දෙදෙනකු නිරෝධානය කිරීමට පියවර ගත් බව පිළියන්දල පොලිසිය කියයි . 11 May 2021
හරිත සමාජ ආර්ථික රටාවකට කාර්ය සාධක බලකායක් ශ්‍රී ලංකාවේ හරිත සමාජ ආර්ථික රටාවක් ගොඩනැංවීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (11)පත් කරනු ලැබීය. 11 May 2021
ගංගා නදියේ මළසිරුරු පාවෙයි ’කොවිඩ් 19’ වසංගතය හමුවේ, ඉන්දියාවේ රෝහල්වලත්, නිවෙස්වලත්, මාර්ගවලත් කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ මළසිරුරු ගොඩගැසෙන්න පටන්ගෙන ඇති බවත්, ගංගා නදියේ පවා මළසිරුරු පා වීමට පටන්ගෙන ඇති බවත් මාධ්‍ය වාර්තා කරයි. 11 May 2021
ශ්‍රී ලංකා රජයෙන් කැනඩා රජයට විරෝධය කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාව විසින් ‘දෙමළ ජන සංහාර අධ්‍යාපන සතිය’ නමින් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කැනඩාවට විරෝධය පළ කළ බව විදේශ අමාත්‍යාංශය කියයි. 11 May 2021
සෞඛ්‍ය නීති කැඩු විවාහ උත්සවයේ 11කට කොරෝනා සෞඛ්‍ය නිතිරිතිවලට අනුගමනය නොකර පැවැත් වූ මංගල උත්සවයක මනාල යුවළ ඇතුළු 11 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග කොස්වත්ත මැද කිරිමැටියාන ග්‍රාම නිලධාරි වසමට අද පෙරවරුවේ සිට සංචරන සීමාවන් පැනවු බව දන්කොටුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් කාර්යාලය කියයි. 11 May 2021
පළාත් අතර වැහුවත් රාජකාරි අවශ්‍යතා මත බස් කිපයක් ධාවනයට පළාත් අතර සංචරණ සීමා පැනවීමට රජය තීරණය කළත් රජයේ සහ පෞද්ගලික අංශයේ අත්‍යවශ්‍ය රාජකාරි සදහා යන සේවකයන් වෙනුවෙන් සීමිත බස්රථ ප්‍රමාණයක් ධාවනය කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි. 11 May 2021
පස්යාල සිට කඩුගන්නාව දක්වා අදියර හතරක් යටතේ පුළුල් කරයි කොළඹ - මහනුවර මාර්ගයේ පස්යාල සිට කඩුගන්නාව දක්වා කිලෝමීටර 56 කට ආසන්න ප්‍රමාණය අදියර හතරක් යටතේ වසර එකහමාරකින් පුළුල් කර සංවර්ධනය කිරීමට මහාමාර්ග අමාත්‍ය පියවර ගෙන තිබේ. 11 May 2021
ප්‍රාදේශීය මාධ්‍යවේදීයාගේ ගෙදරට අලි ගහලා වැල්ලවාය ප්‍රාදේශීය මාධ්‍යවේදී ඉන්දික ගුරුසිංහ මහතාගේ නිවෙසට අද අලුයම වල්අලි ප්‍රහාරයකින් බරපතල ලෙස හානි වී ඇත. 11 May 2021
හඳුනා නොගත් සිරුරු 20ක් කොළඹ රෝහලේ මාස තුනක් තිස්සේ හඳුනා ගැනීමට නොහැකි වුණු හිමිකරුවන් නොමැති මෘත ශරීර 20ක් කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව එහි නිලධාරීහු පවසති . 11 May 2021
අන්තර පළාත් බස් ධාවකයනට සහන කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ අන්තර් පළාත් මගී බස් රථ ධාවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා බස් ධාවකයින් වෙත සහන සැලසීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය, උදය ගම්මන්පිල මහතා පවසයි. 11 May 2021
අවදානමක් නැති කොරෝනා රෝගීන්ට නිවසේම ප්‍රතිකාර කොරෝනා ආසාදිත එහෙත් අවදානමක් නැති රෝගීන් නිවෙස්වල තබා ප්‍රතිකාර කිරීමට යාන්ත්‍රණයක් සකස් කිරීමේ බව ජනාධිපතිවරයාට සහ සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දුන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. 11 May 2021
උපන්දින සාදයක් පැවැත් වූ 25ක් නිරෝධායනයට මඩකලපුව මුලස්ථාන පොලිස් වසමේ කොට්ටමුනේ සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාශයේ හුදකලා නිතිය උල්ලඝනය කර උපන් දින සාදය පැවෙත්වූ තරුණයකු අඩංගුවට ගෙන ඇති අතර සභභාගිවුවන් 25 දෙනකු නිරෝධායනය කළ බව සෞඛ්‍ය අංශ කියයි. 11 May 2021
අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා අද මධ්‍යම රාත්‍රීයේ නතර වෙයි අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා අද මධ්‍යම රාත්‍රියේ සිට අත් හිටුවීමට තීරණය කළ බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩ මහතා පවසයි. 11 May 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026