කොවිඩ් ආසාදිතයන් තවත් 1,210ක් කොරෝනා ආසාදිත තවත් රෝගීන් 1,210 දෙනෙක් අද (28) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. 28 June 2021
පු.ලි.දෙ කන්තෝරුව තව දුරටත් වහයි රටතුළ පවතින තත්වය හමුවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යලය ඇතුළු පළාත් කාර්යාල තව දුරටත් මහජනතාවට විවෘත නොකරන්නේ යැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය. 28 June 2021
ඩෙල්ටා රෝගියාගේ ගමේ 100කගේ ජෛව සාම්පල ජපුර වෛද්‍ය පීඨයට ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයා සොයා ගැනුණු කහතුඩුව ජයලිගම ප්‍රදේශයේ තවත් එවැනි ආසාදිතයන් ඇත්දැයි සොයා ගැනීම සඳහා පරීක්ෂණ ඇරඹූ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දනුක පද්මරාජ මහතා ලංකාදීපයට පැවැසීය. 28 June 2021
මෛත්‍රීගෙන් හෙළිදරවුවක් තමා අමාත්‍යධූරයක් හෝ රජයේ වෙනත් තනතුරක් ඉල්ලා නැති බවත්, එවැනි කිසිඳු තනතුරක් ලබාගැනීමට බලාපොරොත්තු නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 28 June 2021
එතෙරෙන් ආ 100කට කොරෝනා විදේශයන්හි සිට මෙරටට ඊයේ (27) දිනයේදී පැමිණි ශ්‍රී ලාංකිකයන්ගෙන් 100 දෙනකුට කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරු වී තිබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය . 28 June 2021
‘‘අතීතය ගැන කතා කරමින් වත්මන් ප්‍රශ්නවලට විසැඳුම් සොයන්න බෑ‘‘ අතීතය ගැන පමණක් කථා කරමින් සිට වත්මන් ප්‍රශ්නවලට විසඳුම් සොයන්නට නොහැකි යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (28) පැවසීය. 28 June 2021
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් පළමු මාත්‍රාව ලබාගත් වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දෙවන මාත්‍රාව ලබාදීම අද (28) ආරම්භ කෙරිණි. 28 June 2021
කුරුණෑගල බන්ධනාගාරයෙන් පැන ගිය රැදවියකු අල්ලයි කුරුණෑගල රිමාන්ඩ් බන්ධනාගාර යෙන් පැනගිය සිරකරුවන්ගෙන් එක් පුද්ගලයෙකු මාවතගම පොලිිසිය මාවතගමදිි අත් අඩංගුවට ගත්බව පොලිිසිය පවසයි. 28 June 2021
රාජ්‍ය සේවයට බැඳුණු උපාධිධාරීන්ගෙන් නොක්කාඩුවක් රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් ස්ථීර කිරීමට ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නැතැයි ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය සඳහන් කරයි. 28 June 2021
කොරෝනා රෝගීනට ප්‍රතිකාර අලුත් ක්‍රමය අද සිට කොරෝනා ආසාදිත රෝගීන් නිවෙස්වලම රඳවා වෛද්‍ය අධීක්ෂණය යටතේ රැකබලා ගැනීමේ නව වැඩසටහන ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. 28 June 2021
ගම්මන්පිලගේ විශ්වාසභංගය න්‍යාය පුස්තකයට බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය කතානායකවරයාට බාර දුන් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත . 28 June 2021
කොළඹ දිසා අධිකරණයෙන් පොහොට්ටුවේ ලේකම්ට වාරණයක් කුරුවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්. රත්නසිරි මහතා එම ධුරයෙන් ඉවත් කිරීම වළක්වාලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතාට එරෙහිව කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළේය. 28 June 2021
බැසිල්ට අසුන පුදන්න මන්ත්‍රීවරු පෝලිමේ පාර්ලිමේන්තුවට පැමිණ රටේ ආර්ථික සංවර්ධනයට දායක වන ලෙස රජයේ සියලු පාර්ශවවලින් බැසිල් රාජපක්ෂ මහතාට දැඩි ඉල්ලීමක් ඉදිරිපත්ව ඇති නිසා එතුමාට මෙවර එය ප්‍රතික්ෂේප කිරීමට නොහැකි වනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අද (28) පැවසීය. 28 June 2021
රංජන් රාමනායක රෝහල් ගත කරයි අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටින රංජන් රාමනායක මහතාගේ දණහිසේ ආබාධයකෙට ප්‍රතිකාර ලබාදීමට ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළ බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි. 28 June 2021
අවේලාවේ වීථි සංචාරය කළ ක්‍රීඩකයන් තිදෙනාට තරඟ තහනමක් එංගලන්ත තරග සංචාරයක නිරතව සිටියදී රාත්‍රී කාලයේ හෝටලයෙන් පිටත රැදී සිටි බවට චෝදනා එල්ල වන කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල අද (28) රාත්‍රී නැවත ශ්‍රී ලංකාවට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය. 28 June 2021
මුලතිව් දෙපිරිසක් අතර ගැටුමක්:දෙකකට තුවාල මුලතිව්,කල්ලපාඩු ප්‍රදේශයේදී විදේශ රැකියාවලට යවන තැරව්කරුවකුට පහරදී ඔහුගේ නිවස ඉදිපිට නවතා තිබූ මෝටර් රථයකට ගිනි තබා තවත් වෑන් රථයකට පහරදී හානි කර ඇතැයි පොලිසිය කියයි. 28 June 2021
පැහැරගෙන ගොස් ඇණ ගැසූ සිද්ධියට දෙකක් මාට්ටු මුහුණුපොත ඔස්සේ කපුවකුට අපහාස කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැහැරගෙන ගොස් අම්පිටිය ප්‍රදේශයේ කන්දක් මුදුනේදී ලීකොටවලින් සැකසූ කුරුස ආකෘතියකට තබා යකඩ ඇණ ගැසීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාරය කියයි. 28 June 2021
දන්සලෙන් බත් කෑ කහටගස්දිගිලියේ නවයකට කොරෝනා අනුරාධපුර කහටගස්දිගිලිය මෙරගහවෙල කටුකැලියාව ගම්මානයේ විහාරස්ථානයක් මුල් කර ගනිමින් පැවැත් වූ දන්සලකට එක් වූ නව දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් පසු එම ගම්මානය වසා දැමීමට කටයුතු කළ බව කහටගස්දිගිලය මහජන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි. 28 June 2021
ඩෙල්ටා ආසාදිතයෙක් කහතුඩුවෙනුත් මතුවෙයි ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනයවූ තවත් පුද්ගලයකු කහතුඩුව ජයලිගම ප්‍රදේශයෙන් හමුවී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධනුක පද්මරාජ මහතා ලංකාදීපයට පැවැසීය. 28 June 2021
ඇමරිකාව, ජපානය හා ශ්‍රී ලංකාව එක්ව නැගෙනහිර මුහුදේ නාවික අභ්‍යාසයක ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය එක්ව පවත්වන බහුපාර්ශ්වීය නාවික අභ්‍යාසයේ මුහුදු අදියර ත්‍රිකුණාමලයට ඔබ්බෙන්වූ නැගෙනහිර මුහුදු තීරයේදී ඉකුත් 26 වැනිදා ආරම්භ විය. 28 June 2021
කොළඹ-බදුල්ල මාර්ගය හරස්කර විරෝධයක් ගොවිතැන් කටයුතු සදහා පොහොර ලබා දෙන ලෙස ඉල්ලා ගොවිහු පිරිසක් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය බලංගොඩ රත්මලවින්න ප්‍රදේශයෙන් අවහිර කරමින් අද (28) දා විරෝධයක නිරත වුහ. 28 June 2021
අසාත් සාලිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධි චෝදනා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලිට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළ බව නීතිපතිවරයා අද ( 28) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුනනේය. 28 June 2021
මහ රෑ වීථි සැරූ අපේ ක්‍රීඩකයන්ට වැඩ වරදීද? එංගලන්ත තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙක් කණ්ඩායමේ නීති රීති උල්ලංඝනය කරමින් රාත්‍රී කාලයේ එරට සැරිසරන ආකාරය දැක්වෙන විඩියෝවක් සමාජ මාධ්‍යට නිකුත්ව ඇති අතර ඒ පිළිබඳ වාර්තාවක් ලබාදෙන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එංගලන්තයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරුට දැනුම් දී ඇත. 28 June 2021
අරක්කු බෝතල්වලට ස්ටිකර් ඇලවීම කල් යයි මත්පැන් බෝතල්මත ආරක්ෂිත ස්ටිකරයක් යෙදීමේ ව්‍යාපෘතිය කෝවිඩ් හේතුවෙන් කෙටිකලකට කල්දැමීමට සිදුවන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා පවසයි. 28 June 2021
ගොයමට පොහොර ඉල්ලා බැරගම ගොවීහු කුඹුරට බසති අම්බලන්තොට බැරගම මහආර ප්‍රදේශයේ ගොවීහු සිය කුඹුරුවලට බැස විනාශයට පත්වන වී වගාවට පොහොර ඉල්ලා විරෝධතාවක නිරත වූහ. 28 June 2021
එතෙර සිට එන අයට අලුත් නීතියක් විදෙස්ගතව මෙරටට පැමිණෙන පුද්ගලයන්ට අලුත් නිරෝධායන රෙගුලාසි ලබන මාසයේ සිට හඳුන්වා දීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තීරණය කර ඇත . 28 June 2021
කෑලි එකතු කර හැදූ කැබ් රථ දෙකක් සමග අයෙක් දැලේ නීති විරෝධී ආකාරයට කොටස් එකලස් කර සෑදූ සුඛෝප භෝගි කැබ් රථ දෙකක් සමග සැකකරුවකු තිස්සමහාරාම ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන ඇත. 28 June 2021
සැර කොරෝනා සොයන පරීක්ෂණ අද සිට යළි ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය දිවයිනේ අනෙකුත් ප්රදේශවලටද ව්‍යාප්තව ඇත් දැයි සෙවීම සඳහා තවත් පරීක්ෂණ වටයක් අද (28)අරඹන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. 28 June 2021
වානේ කර්මාන්ත ශාලාවේ මහ වංචාවට තවත් සැකකරුවෙක් දැලේ මෙරට ප්‍රධාන පෙළේ වානේ කම්බි නිෂ්පාදිත ආයතනය ගිණුමකින් ව්‍යාජ චෙක්පත් උපයෝගි කරගෙන රුපියල් ලක්ෂ 430 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 28 June 2021
නීති කැඩු 428 අල්ලයි නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 428 දෙනකු ගතවූ පැය 24 තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 28 June 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026