අසාද් සාලිගේ අයිතිවාසිකම් පෙත්සම්ට දින නියමවෙයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමා අත්අඩංගුවට ගෙන , ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම තුලින් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ගොනු කල පෙත්සම විභාගය ලබන ජූනි මස 06 වැනිදා සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) දින නියම කලේය.