දමාම් ගිය ගුවන් යානය කාර්මික දෝෂයක් නිසා යළි කටුනායකට
කටුනායක ගුවන් තොටුපළෙන් සෞදි අරාබියේ දමාම් බලා අද (14) සවස පිටත්වූ ශ්රීි ලන්කන් ගුවන් යානයක හයිඩ්රොාලික් පද්ධතියේ බිද වැටීමක් හේතුවෙන් , එම ගුවන් යානය පැය 02 යි විනාඩි 10 ක පසු යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත පියාසර කිරීමට එම ගුවන් යානයේ නියමුවා පියවර ගත්තේය.