ලිබරල් ආර්ථික ප්රතිපත්තිය අද මුළු රටම විනාශ කරලා
ශ්රී ලංකා නිදහස් පක්ෂය රට ගොඩනගන්න අදත් තෝරාගන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආර්ථික ප්රතිපත්තිය බවත් 1978 වසරේ ජේ. ආර්. ජයවර්ධන මහතා ආරම්භ කළ ලිබරල් ආර්ථික ප්රතිපත්තිය වර්තමානය වන විට රට විනාශ කර මුළු රටම දුක්ඛිත තත්වයකට පත්කර ඇති බවත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද (8) පැවසීය.