කමල් ගුණරත්න යළිත් ආරක්ෂක ලේකම් ධුරයට විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යළි පත් කරනු ලැබ ඇත . 22 July 2022
‘‘ජාත්‍යන්තර සහය අපේක්ෂා කරද්දී මර්දනය සුදුසු නෑ‘‘ ජාත්‍යන්තර සහයෝගය අපේක්ෂාවෙන් සිටින මොහොතක මර්දනකාරී ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීම රටේ අනාගතයට බලපානු ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 22 July 2022
ත්‍රිවිධ හමුදාව කැඳවීමට ජනපතිගෙන් නියෝගයක් මහජන ආරක්ෂාව පවත්වාගෙන යෑම සඳහා ත්‍රිවිධ හමුදාව දිවයින පුරා කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය . 22 July 2022
පාර්ලිමේන්තුව වැසීම ගැන කතානායකගෙන් නිවේදනයක් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය 22 July 2022
අරගලකරුවන්ට පහර දීම ගැන සජිත්ගෙන් දැඩි ප්‍රකාශයක් ගෝල්ෆේස් අරගල කරුවන්ට මාධ්‍යවේදීන්ට සහ සිවිල් පුරවැසියන්ට අද අළුයම පහරදුන් පහර දුන් සහ ඊට නියෝග දුන් සියලුම දෙනාට එරෙහිව පරීක්ෂණ ආරම්භ කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය . 22 July 2022
වෛද්‍යවරයාට පහරදුන්නට නිහඬ විරෝධයක් පොලොන්නරුව ජයන්තිපුර ග්‍රාමිය සහ පුනරුත්ථාපන රෝහලේ රාජකාරියේ නිරතව සිටි වෛද්‍යවරයකුට පෙරේදා(21)පස්වරුවේ බීමත්ව පැමිණි පුද්ගලයකු සිදුකල පහරදීම හෙලාදකිමින් එම රෝහලේ වෛද්‍යවරුන්,හෙද හෙදියන් ඇතුලු සමස්ත කාර්ය මණ්ඩලය අද පෙරවරුවේ රෝහල ඉදිරිපිටදී සාමකාමී විරෝධතාවයක නිරත වූහ. 22 July 2022
ඇමැති මණ්ඩලය දිවුරුම් දීම දහවල් 1ට නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද දහවල් 1ට දිවුරුම් දීමට නියමිතය. 22 July 2022
අරගලකරුවන්ට පහරදීම ගැන එක්සත් ජාතීන්ගෙන් දැඩි අවධානයක් ගාලු මුවදොර විරෝධතාකරුවන් විසුරුවා හැරීමට බලය භාවිතා කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි අවධානයෙන් පසුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හැනා සින්ගර් හැම්ඩි මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළාය. 22 July 2022
අරගලකරුවන්ට ප්‍රහාර දුන්නාට කොටුවේ විරෝධතාවක් කොළඹ ගාලුමුවදොර අරගලකරුවන්ට අද (22) අළුයම ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරයට විරෝධය දක්වමින් සිවිල් සංවිධාන සාමාජිකයන් ඇතුළු පිරිසක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටිති. 22 July 2022
දිනේෂ් අගමැති ධූරයේ දිවුරුම් දෙයි නව රජයේ අග්‍රාමාත්‍ය වරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දැන් දිවුරුම් දුන්නේය. 22 July 2022
අගමැති - ඇමැති මණ්ඩලය දිවුරන්න සුදානම් නව රජයේ අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ අමාත්‍ය මණ්ඩලය තව සුළු මොහොතකින් දිවුරුම් දීමට නියමිතය. 22 July 2022
ඉන්ධන පොලිමේ සිට කන්න ගිය තිදරු පියා අනතුරින් මරුට බුත්තල නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් හලක අසල පොලිමේ සිය යතුරු පැදිය නවතා රාත්‍රි ආහාර ලබා ගැනිම පාන් ගෙඩියක්ද රැගෙන පාගමනින් නිවසට පා ගමනින් යමින් සිටි තිදරු පියකු යතුරුපැදියක ගැටි එම ස්ථානයේදිම මියගොස් ඇතැයි පොලිසිය කියයි. 22 July 2022
සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මහ වැසි සබරගමුව සහ මධ්‍යම පළාත්වල අද (22) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 22 July 2022
ගාලු මෝදර සිද්ධියට එතෙර කනස්සල්ලෙන් ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව ආරක්ෂක අංශ අද(22) අලුයම ගත් ක්‍රියා මාර්ගය ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි කණසල්ලට හේතු ඇත. 22 July 2022
පහරදීම නීතිඥ සංගමය හෙළා දකී ජනාධිපති ලේකම් කාර්යාලය අවට ගාලු මුවදොරහි සිටි විරෝධතාකරුවන්ට බලධාරින් බලහත්කාරී හා ප්‍රචණ්ඩකාරී ලෙස අද (22) අලුයම කළ පහර දීම තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 22 July 2022
‘‘පහරදී අරගලය නවත්වන්න බෑ‘‘ රාජපක්ෂවරුන්ගේ භූත ආත්ම පාර්ලිමේන්තුවේ තවමත් සැරිසරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කළේ ඒ භූත ආත්ම බවත් ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 22 July 2022
ජනධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පිරිස ඉවත් කරයි පොලිසිය සහ හමුදාව ,විශේෂ කාර්ය බළකාය එක්ව ජනාධිපති ලේකම්කාර්යාලය අසල රැඳිසිටි අරගලකරුවන්ට පහරදී අද (22) අළුයම එම ස්ථානයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වෙයි 22 July 2022
ඉන්ධන හිඟය නිසා කැලෑ පාළුවන්ගෙන් මල්ල කරේ වනජීවීයට සහ ආරක්ෂක අංශවලට ඉන්ධන ලබාදීම සීමා කිරීම්ත් සමඟ පොලොන්නරුවේ විවිධ ජාවාරම්කරුවෝ වනෝද්‍යයාන සහ රක්ෂිතවලට වනසති. 21 July 2022
රටපුරා අංකයට ඉන්ධන නිකුත් කිරීම සාර්ථකව සිදුකරයි වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව රටපුරා ‘සිපෙට්කෝ’ ඉන්ධන පිරවුම්හලින් පසුව අද (21) ඉන්ධන නිකුත් කළේය. 21 July 2022
ඇමෙරිකා ජනපතිට කොරෝනා ඇමෙරිකා එක්සත් ජනාධිපති ජෝ බයිඩන් ට කොවිඩ්-19 වයිරසය අසාදනය වී ඇතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 21 July 2022
හිටපු ඇමති මණ්ඩලයම යළි දිවුරුම් දෙයි අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා දිවුරුම් දීමෙන් පසු දැනට පවතින අමාත්‍ය මණ්ඩලය යටතේම ආණ්ඩුව පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. 21 July 2022
රටේ නායකත්වය ලැබිය යුත්තේ සුජාතභාවය හිමි කණ්ඩායමකටයි නව ජනාධිපතිවරයා සහ ඔහුව පත්කිරීමට කටයුතු කළ පුද්ගලයන්ට රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගැනීමට හැකිවේ යැයි අඹමල් රොනකවත් විශ්වාසයක් නොමැති බවත් රට වර්තමානයේ පවතින තත්වය තුළ රටේ නායකත්වය ලැබිය යුත්තේ සුජාතභාවය හිමි කණ්ඩායමකට බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (21) පැවසීය. 21 July 2022
ඉන්දීය ජනාධිපති ධුරය ද්‍රෞපදී මුර්මු ට ඉන්දියාවේ 15 වැනි ජනාධිපති ලෙස භාරතීය ජනතා පක්ෂය ප්රමුඛ ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානය නියෝජනය කරමින් එරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු ද්‍රෞපදී මුර්මු තේරී පත් වූවාය. 21 July 2022
දුම්රිය ගාස්තු ඉහළ දාන්න ස්ථානාධිපතිවරු කල් ඉල්ලති දුම්රිය ගාස්තු සංශෝධනය හෙට (22) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක නොකිරීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ විධායක කමිටුව තීරණය කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා අද (21) පස්වරුවේ ලිඛිතව දැනුම් දුන්නේය. 21 July 2022
කෘෂි නියෝජිතයෝ යූරියා මිටියෙන් ගසා කති පොළොන්නරුවේ ගොවීන්ට රජය මගින් යූරියා පොහොර ලබාදීමේදී ඇතැම් ගොවි සංවිධාන නියෝජිතයන් පොහොර මිටියට බෑවුම් කුලී වශයෙන් තමන්ගෙන් රුපියල් 250,300,500, 1000 බැගින් මුදල් එකතු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක කරන බව ගොවීහු චෝදනා කරති. 21 July 2022
පැය 3 ක විදුලි කප්පාදුව හෙටත් විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (22) දිනයේ ද පැය 3 ක් විදුලි කප්පාදුවට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (21) පස්වරුවේ පැවසීය. 21 July 2022
ලියාපදිංචි අංකය නැති යතුරුපැදි අතරමං වෙයි ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන ලබාදීමේ ක්‍රමයවේදය හමුවේ ලියාපදිංචි අංකයක් නොමැති පෙට්රල්වලින් ධාවනය කරන යතුරුපැදි හිමිකරුවන් දැඩි අපහසුතාවට පත්ව සිටිති. 21 July 2022
දරුවට බෙහෙත් ගන්න වෙරිමතින් රෝහලට ඇවිත් දොස්තරට පහරදීලා පොලොන්නරුව ජයන්තිපුර ග්‍රාමිය සහ පුනරුත්ථාපන රෝහලේ රාජකාරී කරමින් සිටි වෛද්‍යවරයෙකුට අද (21)පස්වරුවේ බීමත් පුද්ගලයෙකු පහරදීමක් සිදුකර ඇතැයි මින්නේරිය පොලීසිය කියයි. 21 July 2022
කොරෝනා ආසාදිතයෝ 57 ක්: දෙදෙනෙක් ඊයේ මිය ගිහින් කොවිඩ් ආසාදිතයන් 57 දෙනෙක් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි. 21 July 2022
නව අගමැති දිනේෂ් හෙට දිවුරුම් දෙයි නව රජයේ අග්‍රමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා හෙට (22)උදේ දිවුරුම්දීමට නියමිතය. 21 July 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026