බන්දුලගෙන් උද්දිකට වරප්‍රසාද ප්‍රශ්නයක්
තමා සභාවේ නොමැති මොහොතක උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා තමාගේ චරිතයට අපහාස වන ආකාරයෙන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විභාගයක් පවත්වා අවශ්‍ය තීරණ ගැනීමට වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන්නැයි ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී අද (07) ඉල්ලීමක් කළේය.