
(ෂේන් සෙනෙවිරත්න)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගත වීමෙන් මියගොස් ඇති බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය කියයි .
එම සිසුවිය පෙරේදා (28) රාත්‍රී ඇය නවාතැන් ගෙන සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මළලසේකර නේවාසිකාගාරය තුළ කිසියම් රෝගී තත්වයකින් පෙළෙන බව අනෙකුත් සිසුවියන් දැක ඇය පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (01) පෙරවරුවේ මියගොස් තිබේ .
ඇය ලබා ගත් ඖෂධ විෂ වීමක් ද නැතිනම් වැඩි මාත්‍රාවක් ලබා ගැනීම නිසා මෙම මරණය සිදු වී ඇත්දැයි දැනගැනීමට පරික්ෂණ සිදුකරයි.
මියගිය ශිෂ්‍යයාව විනෝදි ද සිල්වා නැමැති කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවත් ඇය කලක් තිස්සේ ආතතියට ප්‍රතිකාර ලබාගත් ශිෂ්‍යාවක් බව ද පේරාදෙණිය විශ්වවිද්‍යාල පාලන අධිකාරිය කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්තමානයේ තරුණ සිසුන් විශාල සංඛ්‍යාවක් අකාලයේ විවිධ ආතතීන් වලට ලක්වී මිය යනවා. මේවාට ප්‍රතිකාරයක් කිරීමට වගකිවයුතු කිසිඳු අයකු ඉදිරිපත් නොවන බව පේනවා. ඉක්මන් විසඳුමක් නොදුන්නොත් විශ්ව විද්‍යාලවලට මෙය මහත් අගෞරවයක්...
මෙම දරුවා ගැන විශ්ව විද්‍යාල පාලන අධිකාරිය දිරිමත් විය යුතු අතර, සෞඛ්‍ය මධ්‍යස්ථානයක් තිබියදී මානසික වෙද්‍ය වරයෙකුගේ උපදෙස් ගැනීම පාලන අදිකාරිය දිරිමත් විය යුතුයි.
ගොඩක් වේලාවට මේ වෙන්නේ විභාග එක්ක එන මානසික ආතතිය. සාමාන්‍ය අයට නම් මේ ආතතිය දරාගන්න පූළුවන්... ඉතින් මාන්සික ශක්තිය අඩු අය මෙහෙම තීරණ වලට එළඹෙනවා...
පේරාදෙනියේ කලා පීඨයේ මනෝවෛද්‍ය අංශයේ ළමයෙක් ගඟට පැනලා මැරුණා. දැන් මාස කීපයකට කළින්. හේතුව ඒ අංශයේ මුස්ලිම් ගුරුවරියක් කරපු මානසික වදහිංසා... සාක්කිත් තිබුණා. ඒ වුණාට ළමයගේ දෙමව්පියන්ට තමයි පාඩුව වුණේ... වරදකාරයින් කිසිකෙනෙක් නැහැ අන්තිමට. අහිංසක දරුවන් තමයි ජීවිතෙන් වන්දි ගෙවන්නේ...
ලංකාවේ විශ්ව විද්‍යාලය තුළ තිබෙනවා කියන ලෝකයේ අනෙක් විශ්ව විද්‍යාලවල නැති ලංකා විශ්ව විද්‍යාල සංස්කෘතිය කියන එක තේරුම් ගන්න සාමාන්‍ය මනුෂ්‍යෙයකුට අමාරු වෙනවා.
බොහෝ විට මෙය විභාග ආතතියේ ප්‍රතිඵලයක්. මතු පිටින් නොපෙනුණාට මෙය විශ්ව විද්‍යාලවල තියෙන යථාර්තයක්. ජීවිතයේ වෙන ප්‍රශ්නයක් තිබුණාද විය හැකියි.
වර්ත්මාන තත්වය අනුව ඉදිරියේ මීට වඩා දේවල් වෙන්න පුළුවන්. වහාම බලධාරීන් මේ ගැන අවධානය යොමු කරවා... අපේ අනාගත පරපුර බේරාදෙන්න.
පේරාදෙනියේ ළමයි සියදිවි නසාගන්න ගොඩක්ම හේතුව අධයන කාර්‍යය මණ්ඩලයෙන් එල්ලවෙන පීඩනය . ඉස්සර වගේ නෙවෙයි ළමයින්ට ගොඩක් ප්‍රශ්න තියනවා . විශ්වවිදයාලයක නම ,තත්වය පවත්වාගන්න , ඉහලට ගන්න එක ගැන විතරයි හිතන්නේ . වෙදයපීඨයේ 17 වසරේ ශිෂයාවකුත් සියදිවි නසාගන්න ගිහින් බේරගන තිබ්බා . ශාස්ත්‍රපීඨයේ 18 වසරේ ශිෂයෙකුත් සියදිවි නසාගන්න බෙහෙත් අධිමාත්‍රාවක් අරගෙන ඔහුවත් බේරගෙන තිබ්බා . ඇත්තටම විශ්වවිදයාලයෙන් දෙන පීඩනය ගොඩක් වැඩියි .
මොන දේ කලත් ඒත් අහිංසක ළමයෙක් .කැම්පස් එකේ පාලන අධිකාරිය මේ ගැන හොයලා බලන එක තමයි හොඳම දේ .මොකද ඒක ඒ අයගේ වගකීම .දැන් ඉතින් ඒ ළමයාගේ පවුලේ අයට තමයි පාඩුව
ජනාධිපති කොමිසම්, සර්වපාක්ෂික සමුළු, පාලිමේන්තු විවාද තිබිය යුත්තේ මේවට.
විභාග විතරක් පාස් වෙන්න තියෙන අධ්‍යාපනයෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. කටපාඩම් කරලා විභාග පාස් වෙනවා. ජීවිතේ අනිත් හැම පැත්තක්ම හිස්.
අනේ ඒ දරුවා මෙච්චර ලොකු කරගන්න දුක් විදපු දෙමව්පියෝ