IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඉංජිනේරු සිසුවිය අභිරහස් ලෙස මියයයි

(ෂේන් සෙනෙවිරත්න)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගත වීමෙන් මියගොස් ඇති බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය කියයි .

එම සිසුවිය පෙරේදා (28) රාත්‍රී ඇය නවාතැන් ගෙන සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මළලසේකර නේවාසිකාගාරය තුළ කිසියම් රෝගී තත්වයකින් පෙළෙන බව අනෙකුත් සිසුවියන් දැක ඇය පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (01) පෙරවරුවේ මියගොස් තිබේ .

ඇය ලබා ගත් ඖෂධ විෂ වීමක් ද නැතිනම් වැඩි මාත්‍රාවක් ලබා ගැනීම නිසා මෙම මරණය සිදු වී ඇත්දැයි දැනගැනීමට පරික්ෂණ සිදුකරයි.

මියගිය ශිෂ්‍යයාව විනෝදි ද සිල්වා නැමැති කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවත් ඇය කලක් තිස්සේ  ආතතියට ප්‍රතිකාර ලබාගත් ශිෂ්‍යාවක් බව ද පේරාදෙණිය විශ්වවිද්‍යාල පාලන අධිකාරිය කියයි .

 



අදහස් (16)

ඉංජිනේරු සිසුවිය අභිරහස් ලෙස මියයයි

චන්දන Wednesday, 01 March 2023 10:40 AM

වර්තමානයේ තරුණ සිසුන් විශාල සංඛ්‍යාවක් අකාලයේ විවිධ ආතතීන් වලට ලක්වී මිය යනවා. මේවාට ප්‍රතිකාරයක් කිරීමට වගකිවයුතු කිසිඳු අයකු ඉදිරිපත් නොවන බව පේනවා. ඉක්මන් විසඳුමක් නොදුන්නොත් විශ්ව විද්‍යාලවලට මෙය මහත් අගෞරවයක්...

:       2       61

PereraWednesday, 01 March 2023 12:16 PM

ඕවාට විසඳුම් හොයන්න බුද්ධියක්, උගත්කමක් තියෙන අය පාලන තන්ත්‍රෙය් ඉන්න ඕනෑ.

:       18       61

පැරකුම්Wednesday, 01 March 2023 02:53 PM

ටිකක් හිතලා බලන්න වැරැද්ද කාගේද? ඇයි අපි හැමදාමත් නොසණ්ඩාල වසලයින්ම බලයට පත් කරන්නේ... ?

:       7       38

ප්‍රියන්ත රජිත් ජයසිංහ Wednesday, 01 March 2023 11:00 AM

මෙම දරුවා ගැන විශ්ව විද්‍යාල පාලන අධිකාරිය දිරිමත් විය යුතු අතර, සෞඛ්‍ය මධ්‍යස්ථානයක් තිබියදී මානසික වෙද්‍ය වරයෙකුගේ උපදෙස් ගැනීම පාලන අදිකාරිය දිරිමත් විය යුතුයි.

:       4       33

nalin Wednesday, 01 March 2023 12:19 PM

ගොඩක් වේලාවට මේ වෙන්නේ විභාග එක්ක එන මානසික ආතතිය. සාමාන්‍ය අයට නම් මේ ආතතිය දරාගන්න පූළුවන්... ඉතින් මාන්සික ශක්තිය අඩු අය මෙහෙම තීරණ වලට එළඹෙනවා...

:       5       39

රමණී හෙට්ටිආරච්චි Wednesday, 01 March 2023 02:31 PM

පේරාදෙනියේ කලා පීඨයේ මනෝවෛද්‍ය අංශයේ ළමයෙක් ගඟට පැනලා මැරුණා. දැන් මාස කීපයකට කළින්. හේතුව ඒ අංශයේ මුස්ලිම් ගුරුවරියක් කරපු මානසික වදහිංසා... සාක්කිත් තිබුණා. ඒ වුණාට ළමයගේ දෙමව්පියන්ට තමයි පාඩුව වුණේ... වරදකාරයින් කිසිකෙනෙක් නැහැ අන්තිමට. අහිංසක දරුවන් තමයි ජීවිතෙන් වන්දි ගෙවන්නේ...

:       10       30

අසාධාරණ Wednesday, 01 March 2023 03:14 PM

මෙම අදහස නිවැරැදි වෙන්න පුළුවන්... මොකද මමත් දන්න දරුවෙක් ප්‍රායෝගික පරීක්ෂණයක් සාර්ථකව කර තිබුණා.. නමුත් අවසානයේ එතැන සිටි සහකාර කථිකාචාර්ය වරියක් ඇයට ඇතිවූ ක්ෂණික කෝපයක් නිසා අර දරුවාගේ පරීක්ෂණ ප්‍රතිඵලය අවලංගු කරලා තියෙනවා... ඒ බව අංශය භාර කථිකාචාර්ය තැනට දැන්නුවත් ප්‍රථිඵල වෙනස්කර ගැනීමට බැරිවුණා.. අනෙක් සියලුම ලකුණු ලබාගෙන සිටින එම දරුවාට 2024 අවසන් වෙනතුරු උපාධිය ගන්න බැහැ... දුක්බර පුවත තමයි එම දරුවා ඇතුළත් වුණු වසරේම වෙනත් විශ්ව විද්‍යාලයකට ගිය හිතවත් දරුවෙක් උපාධිය ලබාගෙන දැනට රජයේ රැකියාවක් කරනවා... කොහොමද ආසියාවේ ආශ්චර්‍ය හා සෞභාග්‍යයේ තරම?

:       5       40

ලුම්බිණි Thursday, 02 March 2023 10:00 AM

ගුරුවරිය මුස්ලිම්ද නැද්ද කියන එක අදාලද?

:       4       10

de silva Wednesday, 01 March 2023 03:22 PM

ලංකාවේ විශ්ව විද්‍යාලය තුළ තිබෙනවා කියන ලෝකයේ අනෙක් විශ්ව විද්‍යාලවල නැති ලංකා විශ්ව විද්‍යාල සංස්කෘතිය කියන එක තේරුම් ගන්න සාමාන්‍ය මනුෂ්‍යෙයකුට අමාරු වෙනවා.

:       1       31

kamal Wednesday, 01 March 2023 03:28 PM

බොහෝ විට මෙය විභාග ආතතියේ ප්‍රතිඵලයක්. මතු පිටින් නොපෙනුණාට මෙය විශ්ව විද්‍යාලවල තියෙන යථාර්තයක්. ජීවිතයේ වෙන ප්‍රශ්නයක් තිබුණාද විය හැකියි.

:       3       26

වසන්තා ද සිල්වා Wednesday, 01 March 2023 04:30 PM

වර්ත්මාන තත්වය අනුව ඉදිරියේ මීට වඩා දේවල් වෙන්න පුළුවන්. වහාම බලධාරීන් මේ ගැන අවධානය යොමු කරවා... අපේ අනාගත පරපුර බේරාදෙන්න.

:       0       0

දුලංජලි සමරතුංග Wednesday, 01 March 2023 05:51 PM

පේරාදෙනියේ ළමයි සියදිවි නසාගන්න ගොඩක්ම හේතුව අධයන කාර්‍යය මණ්ඩලයෙන් එල්ලවෙන පීඩනය . ඉස්සර වගේ නෙවෙයි ළමයින්ට ගොඩක් ප්‍රශ්න තියනවා . විශ්වවිදයාලයක නම ,තත්වය පවත්වාගන්න , ඉහලට ගන්න එක ගැන විතරයි හිතන්නේ . වෙදයපීඨයේ 17 වසරේ ශිෂයාවකුත් සියදිවි නසාගන්න ගිහින් බේරගන තිබ්බා . ශාස්ත්‍රපීඨයේ 18 වසරේ ශිෂයෙකුත් සියදිවි නසාගන්න බෙහෙත් අධිමාත්‍රාවක් අරගෙන ඔහුවත් බේරගෙන තිබ්බා . ඇත්තටම විශ්වවිදයාලයෙන් දෙන පීඩනය ගොඩක් වැඩියි .

:       0       0

Jagath kumara Wednesday, 01 March 2023 05:56 PM

මොන දේ කලත් ඒත් අහිංසක ළමයෙක් .කැම්පස් එකේ පාලන අධිකාරිය මේ ගැන හොයලා බලන එක තමයි හොඳම දේ .මොකද ඒක ඒ අයගේ වගකීම .දැන් ඉතින් ඒ ළමයාගේ පවුලේ අයට තමයි පාඩුව

:       0       1

sunimal Thursday, 02 March 2023 10:32 AM

ජනාධිපති කොමිසම්, සර්වපාක්ෂික සමුළු, පාලිමේන්තු විවාද තිබිය යුත්තේ මේවට.

:       0       6

Nimma Thursday, 02 March 2023 01:29 PM

විභාග විතරක් පාස් වෙන්න තියෙන අධ්‍යාපනයෙන් මීට‍ වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. කටපාඩම් කරලා විභාග පාස් වෙනවා. ජීවිතේ අනිත් හැම පැත්තක්ම හිස්.

:       1       9

Kaushalya LiyanaArachchi Thursday, 02 March 2023 02:42 PM

අනේ ඒ දරුවා මෙච්චර ලොකු කරගන්න දුක් විදපු දෙමව්පියෝ

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 619 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site