IMG-LOGO

වාර්ෂික ආරක්ෂක සංවාදයේදී

(යොහාන් භාසුර)

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පසුගියදා පැවැති 7 වැනි වාර්ෂික ආරක්ෂක සංවාදයේදී කලාපීය ආරක්ෂක තත්වය, පොදු ආරක්ෂක අභියෝග සහ කළාපයේ සියලු දෙනාට ආරක්ෂාව සහ වර්ධනය සහතික කිරීමට දෙරට අතර වාර්ෂික ඉහළ මට්ටමේ ආරක්ෂක මැදිහත්වීමකින් සමීප ආරක්ෂක සහයෝගීතාවක් සඳහා එකඟ විය.

මෙවර වාර්ෂික ආරක්ෂක සංවාදය පසුගිය සතිය පුරා නවදිල්ලි නුවරදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආරක්ෂක ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් එස්. කේ. පතිරණ මහත්වරු, ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් එම සංවාදයට සහභාගි විය.

එහිදී අඛණ්ඩව ක්‍රියාත්මක වන විවිධ ආරක්ෂක සහයෝගීතා මුලපිරීම් ඒකාබද්ධව සමාලෝචනයෙන් සම්බන්ධ වීමට නව මාර්ග හඳුනා ගත්තේය.

ආරක්ෂක ලේකම්, ජෙනරාල් කමල් ගුණරත්න මහතා නවදිල්ලියේ ජාතික ආරක්ෂක විද්‍යාලයේදී දේශනයක් පැවැත්වූ අතර ආරක්ෂක ලේකම් සහ එයාර් මාර්ෂල් එස්. කේ. පතිරණ මහත්වරු එම ආරක්‍ෂක විද්‍යාලයේ පුහුණු ලැබුවෝ වෙති.

ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම මුම්බායි නාවික තටාකාංගනයේදී ඉන්දීය නාවික හමුදාවේ බටහිර නාවික විධානයේ ප්‍රධානී ධජ අණදෙන නිලධාරියා සමඟ සාකච්ඡාවක් ද සහභාගි වූහ.

 



අදහස් (0)

වාර්ෂික ආරක්ෂක සංවාදයේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 359 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 526 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site