
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන අවස්ථා පුළුල් කිරීම සදහා නියෝජිතයින් පත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ එක්සත් රාජධානියේ නියෝජිතයා ලෙස කන්නයියා ගජන් මහතා පත්කෙරිණි.
ආයෝජන ප්‍රවර්ධන ඇමති දිලුම් අමුණුගම විසින් ඒ මහතාට පත්වීම් ලිපිය ප්‍රදානය කරන ලදී.
එම පත්වීම අද (1) සිට ක්‍රියාත්මක වන අතර එක්සත් රාජධානියේ සිට බලශක්ති, කෘෂිකාර්මික, නගර සංවර්ධන, ඛණිජ සම්පත් සදහා ආයෝජකයින් සම්බන්ධීකරණය කිරීමේ වගකීම ඔහුට පැවරී තිබේ.
යාපනයේ උපන් කන්නයියා ගජන් මහතා බි්‍රතාන්‍යයේ පදිංචිකරුවෙකි. එරට සෆෝක්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබද පශ්චාත් උපාධියක් වන අතර ඔහු බි්‍රතාන්‍යයේ ව්‍යාපාර රැසක හිමිකරුවෙකි.
මහා බි්‍රතාන්‍යයේ කෙයාර් ඉන්ටර්නැෂනල් ව්‍යාපෘති කළමණකරු සහ විවිධ සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරියෙක් ලෙස ද ඔහු කටයුතු කර තිබේ.
බි්‍රතාන්‍යයේ ලොටස් විලේජ් හෝම් කෙයාර් සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරියා ද වන ඒ මහතා නොදර්න් කැම්පස්හි ශ්‍රී ලංකා නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස සහ වර්ල්ඩ් ඉකොනොමිස් චිවස්ලොස්මන්ට් සංවිධානයේ සහ ෆුඩ් ඔෆ් සිලෝන් සමාගමේ නිර්මාතෘවරයා ද වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි . අපි එකම ජාතියක් විය යුතුයි.
අනිත් අය වගේ එයත් කන්න ගජයෙක්ද?
හොඳයි.. විශිෂ්ඨයි... කන්නයියාට සුබපැතුම්..!
මේ බංකොළොත් වෙච්චි දේශපාලනයක් තිබෙන, ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරන, ණය නොගෙවන, කොමිස් කුට්ටි බලාපොරොත්තුවෙන් ආයෝජකයින්ට බලපෑම් කරන දේශපාලුවන් ඉන්න රටක කවුද ආයෝජනය කරන්න ඉදිරිපත් වෙන්නේ..? ආයෝජකයින්ට පිස්සු නැත්තං ෂෝක්. බලාගෙන ඉන්න ආයෝජන එනතුරු...!
දැනට ඉන්න ආයෝජකයෝත් ශ්‍රී ලංකාව අතහැරලා යන වෙලාවේ අලුතින් ආයෝජකයින් ගෙන්න ගන්න පුළුවන් වෙයිද..?
කන්න ඕනේ උනාම කබරගොයත් තලගොයා වෙනවා
නෑදෑකම් යාළුකම් වලට ආයෝජන එන්නේ නෑ. ආර්ථිකය හොඳ නම් බලෙන් එන්නේ මිනිස්සු business කරන්න. මෝඩ මිනිස්සු ඉන්නකම් ඔවා විශ්වාස කරයි. තව මාස කීපයක් යනකොට තවත් අනා ගනිය්
විදේශ දුත මණ්ඩල වලට දේශපාලන හෙන්චයියලා සහ නෑදෑයින් පත් නොකර, සුදුස්සන් යොදවා ඔවුන්ගේ රාජකාරියක් ලෙස ඔවැනි දෑ කරවා ගත හැක. අමතරව පිටින් යෙදවීම මුදල් නාස්තියකි.
ඇයි අපේ තානාපති කාර්යාල කුමකටද ? ඒවා නුසුදුස්සන්ගෙන් පුරවලාද?